ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති තුන්වැනි එක්දින තරගය අතරතුර ප්‍රේක්ෂකාගාරය තුළ නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් තරගය මද වේලාවකට නවතා තැබීමට සිදුවිය.
දෙපිරිසක් අතර ඇතිවූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් මෙසේ ප්‍රේක්ෂකාගාරය නොසන්සුන්වී ඇතැයිද ක්‍රීඩා පිටියට පිටතින් ගල් හා බෝතල් ප්‍රහාර එල්ල වූ බවද පොලිසිය පවසයි.
තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන ඒකකයද කැඳවා තිබිණි. ගැටුම පාලනය කිරීමෙන් පසු යළි තරගය ඇරඹි අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 135 ක පරාජයක් හිමිවිය.
ඉන්දියාව වැනි ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල මෙවැනි සිදුවීම් සාමාන්‍ය තත්ත්වයක් වුවද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරගයක් අතර තුර ප්‍රේක්ෂක හැසිරීම් හේතුවෙන් තරගයක් නතර කිරීමට සිදුවූයේ ඉතිහාසයේ පළමු වතාවටය.
(වීඩියෝ දර්ශන හිරු අනුග්‍රහයෙනි)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රථම වතාව වෙන්න පුලුවන්. ඒක තමයි වෙනසක් කියන්නේ. (නදී)
බොරුවටනේ මේ ගහ ගත්තේ.(හේ)