IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ප්‍රෝකෙයාර් සමාගමේ අධ්‍යක්ෂවරයකු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

රැකියා විරහිත  තරුණ තරුණියන් ලක්‍ෂ පහකට රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන පිළිමතලාවේ (Shade of procare pvt ltd.) ප්‍රෝකෙයාර් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු අද (20) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජ ලක්මාලි මහත්මිය අද (19) නියෝග කළාය.

රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පිරිමිඩාකාර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අමිල විරාජ් ගලප්පත්ති නමැති සැකකරුවෙකු මෙසේ  රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ප්‍රෝකෙයාර් සමාගමේ සභාපතිවරයා හෙට (20) දිනයේ දී රහස් පොලිසියට ඉදිරිපත්ව ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිත බැවින්,ඔහුද අත්අඩංගුවට ගෙන හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ දිනක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයෙන් (72322) සෙනෙවිරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව  ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ලක්ෂ පහකට දෙස් විදෙස්  ඔන්ලයින්  රැකියා ,රියදුරු රැකියාවේ සිට ඉහළ ශ්‍රේණියේ වෘත්තීන් දක්වා රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් මෙම පිරමීඩාකාර සමාගම පවත්වාගෙන ගොස් ඇති බවද පැවසීය.

රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන්ට ඔන්ලයින් ඔස්සේ පුහුණු පාඨමාලාවක් පවත්වන බවට ප්‍රචාරය කර ඇති සැකකාර සමාගම ,එම පුහුණුව සඳහා රුපියල් විසිඑක්දහසක මුදලක් රැකියා අපේක්ෂකයෙකුගෙන් ලබා ගනිමින් මෙසේ මුදල් වංචා කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

සැකකාර සමාගම කොළඹ බීඑම් අයි සී එච්  පරිශ්‍රෙය්  රැකියා වෙළඳපොලක් සංවිධානය කරමින් පවතින බවද,අදාළ සමාගම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට දැන්වීම් පළකර ඇති බවද සඳහන් කළේය.

මෙම පැමිණිල්ල යළි හෙට කැඳවීමට නියමිතය.



අදහස් (1)

ප්‍රෝකෙයාර් සමාගමේ අධ්‍යක්ෂවරයකු රිමාන්ඩ්

ජලිත Tuesday, 20 May 2025 07:23 AM

ගම්පහට නගරයට ඉතාම ආසන්න ජා ඇල පාරේ ගමක පන්සලක මේ ආයතනයෙන් වැඩමුළු බඳවා ගැනීම් කලා. එහි විහාරාධිපති හාමුදුරුවෝ තමා සම්බන්ධීකරණය කලේ.. ( කොමිස් ලැබෙනවා ) මිනිස්සු හුඟක් ආවා.. ඒ මිනිස්සු දැන් හූල්ල හූල්ල හෙණ ඉල්ල ඉල්ල ඇති ආයෝජනය කල සල්ලි ගැන හිත හිත.. මේවට සම්බන්ධ උනු හැමෝටම දඬුවම් දෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 568 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 455 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site