පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පැය 12ක් ඇතුළත කළ වැටලීම්වලින් හෙරොයින් ග්‍රෑම් 1150ක් සමග සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෝදරින් ග්‍රෑම් 700ක් ද, පෝරුතොටින් ග්‍රෑම් 300ක් ද , දෙමටගොඩින් ග්‍රෑම් 150ක් ද අත්අංඩගුවට ගෙන ඇත.
හොරොයින් ග්‍රෑම් දෙකක් ළඟ තබා ගැනීම මරණ දඩුවම පැණවීමට හැකි වරදකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශසයට පැසසුම් කළ යුතුයි කුඩු රජවරු කුඩු කළාට. හැබැයි ගෝලයෝ ඉදිරිපත් කරලා රජවරු මාරු වුණාද කියන්නත් බැහැ.මොනවද ඉතින් මරණ දඬුවම කියන්නේ. ජීවිත කාලයම මහ උළු මුළු ගෙදරින් කකා ,බිබී, සුවසේ ගතකිරිමනේ!! (නි)
අපේ පොලිසිය හරි දක්ෂයො. හැබැයි පොඩි වැඩ වලට. තෝරු මෝරු නිදැල්ලෙ (නි)
කැලණිය පැත්තෙන් මොනවත් ආරංචි නැද්ද? (නි)
පිස්සුද? මාස 2යි, ඇපත් ලැබෙයි. (නදී)
කමක් නැහැ, කමක් නැහැ දිගටම වැටලීම් කරන්න. හිරගෙවල් පිරුණට කමක් නැහැ. මේ කුඩු ව්‍යාපාර නවත්වන තුරු ඔක්කොම අල්ලමු. ගංජා නම් ඔහේ පොඩ්ඩක් ගැහුවත් මොකෝ, සින්දු කියන උන්නේ උරන්නේ නේද? (නි)
මොකද හිටි ඇටියේම වටලන්න හිතුවේ,ළග ළග ජනතාව රවට්ටන වැඩ පිළිෙවලක් හෙහ ම තිබෙනවද ? (ස)
හෙරොයින් ගෙන්නන අය හුරතල් කර කර විකුණන මිනිස්සුන්ට දඩුවම් කරලා වැඩක් වේවිද?අද එකෙක් නැතිවෙන කොට හෙට අලුත් එකෙක් බිස්නස් එක පටන් ගන්නවා.මුල ගලවන්නේ නැතුව අතු කපලා වැඩක් නැහැ (නි)
ලංකාවේ එල්ලුම් ගහ නැහැ. එහෙත් මරණ දඩුවම දෙනවා නමට.පස්සේ නිදහස් වෙනවා. පුදුමයි නේද? (නි)
වරුණ, දැන් ග්‍රෑම් දෙකට මරණ දඬුවම ගානේ 1150 ට 575 වාරයක් මේ කට්ටිය එල්ලයි නේද? අලුත් අලුගෝසුවෝ දෙන්නත් පැනලා ගිහින් නිසා කුඩු ගෙන්නන අයම ඉදිරිපත් වෙයි ගෝලයෝ ටික එල්ලන්න. (නි)
ලෝකයේ බොහෝ දියුණු රටවල මත කුඩු ජාවාරම කාරයන්ට . මරණ දඬුවම හෝ ජීවිත කාලයම හිර ගෙදර යවනවා . සිංගප්පුරුව හොද ආදර්ශයක්. (ස)