මරණිය දණ්ඩයණයට නියම වූ හිටපු පාර්පලිමේන්තු මන්ත්‍රී සහ කොළොන්නාව ශ්‍රිලනිප සංවිධායක වූ දුමින්ද සිල්වා ඇතුළු සිව් දෙනෙක් අළුත්කඩේ උසාවියේ සිට බන්ධනාගාර රියෙන් වැලිකඩ බන්ධනාගාරයට දැඩි ආරක්ෂාව මැද්දේ ගෙන යනු ලැබූහ.
පස් දෙනෙකුට මරණ දඩුවම නියම වුවත් එක් විත්තිකරුවෙක් අධිකරණය මඟ හැර සිටියේය.
ප්‍රියන්ත ජානක බණ්ඩාර අධිකරණයට පැමිණ සිටියේ නැත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය. මෙම නඩුව වසර දෙක හමාරක් තිස්සේ විභාග විය.
ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ පද්මිණී එන් රණවක සහ එම් බී එස් මොරායස් යන විනිසුරුවරුන්ගේ තීරණය වූයේ දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකු වැරදිකරුවන් බවයි.
සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් සියලු සැකකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කළ යුතු බව ප්‍රකාශ කළේය.
නඩුවේ පළමු වැනි සැකකරු වූ අනුර තුෂාර ද මෙල්, නඩුවේ දෙවැනි සැකකරු වූ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, නඩුවේ හත් වැනි සැකකරු වූ සරත් බණ්ඩාර, නඩුවේ 10 වැනි සැකකරු වූ ජනක බණ්ඩාර ගලගොඩ මරණ දඬුවව ලැබූ සෙසු විත්තිකරුවෝය.
චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, ඩබ් ඒ මාලක සමීර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.
භාරත ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සහ අයුතු ජනරාෂිය ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙක් වරදකරුවන් බව විනිෂ්චය මණ්ඩලයේ බහුතර තීන්දුව විය. මනුෂ්‍ය ඝාතන චෝදනාවට එම පස් දෙනාට මරණ දඬුවම නියම කළ අධිකරණය අයුතු ජන රාශිය, ගිනි අවි භාවිතය ඇතුළු චෝදනාවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කළේය.
මෙම තීන්දුට එරෙහිව කියමින් ඇපෑලක් ඉදිරිපත් කරන බව විත්තියේ නීතීඥයා කීවේය.
විත්තිකරුවන්ගේ ඉල්ලීම අනුව ජූරි සභාවක් නැතිව නඩුව විභාග විය.
(ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ)
(වෙඩි තැබීම වූ දා ඡායාරූප)
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල් ගීකියනගේ, ඔබේ අදහස මා අනුමත කරනවා. ඇප පිට එළියට ඇවිල්ලා අවුරුදු ගානක් ඇද, ඇද ඉඳීවි. "බලන් කඩතුරා හැර දෑසේ" කිව්වා වාගේ බලාගෙනම ඉන්න තියෙන්නේ. (නි)
මේ අදහස් දාන බොහේ දෙනෙකුගේ මොළේ විකල්වෙලාද? යහපාලනය නීතිය කරනහැටි ඔයාලට හොඳද? ටිකක් ඇස් ඇරලා බලන්න (නි)
නිතිය ක්‍රියාත්මක වන බව ඔප්පු වීම තුළ නිතිය පිළිබද ජන විශ්වාසය වර්ධනයටත් අනාගතයේදී නීති විරෝධී කටයුතු වලින් විතැන් වීමටත් හේතු වනු ඇත. නීති ප්‍රකාරව ඇපෑලක් ඉදිරිපත් කිරීම මගින් නීතියට අනුව ඉදිරි නඩු කටයුතු පවත්වා ගත හැකි වුවත්, පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නිතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස ලක්වාසී ජනතාව විමසිල්ලෙන් බල සිටිනු බවනම් නොකිවයුතු මනාය.(ම)
දුමින්ද ගැන දැන්නම් දුකත් හිතෙනවා (නි)
නීතිය අන්ධ නැත (නි)
එක විනිසුරුවරයෙක් මොකද වෙනස් මතයක් දැරුවේ? (නි)
මේක යහපාලන ආණ්ඩුවේ වරදක්. මොකද මහින්ද හිටියා නම් මේක වෙන්නේ නැහැ (නි)
බලන්නකෝ අරගොල්ලො කව්රුවත් දැන්නැහැ මෙතන මොකද ඒ ? හරිම පුදුමයි දුකේදී ඉන්න ඕනෙනේ එකට (බ)
මොන බොරුද අනේ! බලන්න අද රෑම මෙයාව සිංගප්පුරු ඉස්පිරිතාලෙට ගෙනියන්නේ නැද්ද කියලා. එ්ක තමයි දේශපාලනය කරන්නේ මිනිසුන් තියෙන දේපල සතේ පවා වියදම් කරමින. ඔවුන් දන්නවා නැතිවුණුදේට වඩා පරම්පරා 7 කට ඇතිවෙන්න හම්බකරගන්න පුළුවන් බව. ඔන්න බලන්න මෙයා හිරගෙටද, ගෙවන ප්‍රභූ කුටියටද යන්නේ කියලා. මම ලංකාවේ ජනාධිපති නම් එල්ලුම් ගහට සුභ නැකතින් අත්සන් කරන්නේ අදයි (නි)
දැන් අපේ රාජපක්ෂලා ටිකක් සැළෙන්න ඇති. මොකද නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන්. දැන් ඔය කොයි අයත් බයවෙලා ඇත්තේ. හොරකම් කරපුවා ගැන පසුතැවෙනවා ඇති (නි)
ඉතා සතුටුයි. මහින්දගේ ආණ්ඩුව තිබුනානම් මෙයා නිදහස්. මේ රජය යටතේ ජනතාව නිදහස්. මෙම ක්‍රමය ඉදිරියට ගෙනයාම මේ රජයට බාරයි. (නි)
භාරත ලක්ෂ්මන් යනු කවුරු කතා කළත් නොකළත් වැරදිකළ අයෙකි. දුමින්ද සිල්වාද එසේය. අපේ ගොඩක් පිරිසට එ්ක අමතකය. තමන් කළ ක්‍රියාකරකම් නිසා ඔහු බල්ලෙක් සේ මැරුම් කෑවේය. එය නීතියට පිටු පා සිදුවුවකි. දුමින්ද සිල්වාට නිතියෙන් දඩුවම් ලැබුනේය. දඩුවම් ලැබුණු ක්‍රමය වෙනස් වුවත් දෙදෙනාටම දඩුවම්ලැබුනේය. මේක යහපාලනයේ ප්‍රෝඩාවක් නොවුනොත් මිට වඩා ගොඩක් හොදය. (බ)
අලුත් ව්‍යවස්ථාව හදන අය කරුණකරලා වගන්තියක් දාන්න මරණ දඬුවම ලැබුනු අයට, රටේ නායකයාට සමාව දීමට නොහැකිවන ලෙසට (නි)
හිරුණිකාගේ උත්සාහය මල්ඵල ගැන්වුණා. තම පියාගේ මරණය සිදුකර බේරී සිටීමට උත්සාහ කළ අපරාධකාරයන්ට නිසි දඩුවම් ලැබුනා. (නි)
පොඩ්ඩක් කට්ටියම ඔලුව පාවිච්චි කරලා බලන්න ඔය සිද්ධියට යටින් දැන් රටේ වෙන්නේ මොකද්ද කියල. බුද්ධියෙන් වැඩ කරන්න. රැල්ලට අහුවෙන්න එපා. (නි)
රටේ නීතිය නම් ක්‍රියාත්මක වෙනවා ඇති ? නමුත් රට ඇමරිකාවට හා දෙමල අයට පාවාදීම ගැන කණගාටු යි . සිංහල මෝඩයා දඟලන්නේ 2020 වන තුරු පමණය (බ)
දැන් දුමින්ද ඉන්නේ හිරේද? ඉස්පිරිතාලෙද? (නි)
"මට මතක නැහැ" කතා දැන් ඔට්ටු නැහැ වගෙයි. ළඟදීම තාජුඩීන්ගේ මිනීමරුවන්ටත් ඉක්මනින්ම අධිකරණය වෙත පියනගන්න අවස්ථාව උදාවෙයි. (නි)
මටත් අදහාගන්න බැහැ මේක (නි)
මෙහි අදහස් දක්වා ඇති අයගෙන් 99% ක්ම මෙම තීන්දුව ගැන සතුටුවන බව හා එකඟවන බව පෙනේ. මෙවන් තීරණයක් දීම ගැන ඔවුන් පුදුමයට පත්වන බව හා මෙවන් තීරණයක් දෙනු ඇතැයි බලාපොරොත්තු නොවූ බවද පැවසේ. වඩාත්ම වැදගත් වන්නේ පෙර පාලනයන් මඟින් අප රටේ නීතිය ක්‍රියත්මකවීම හා අධිකරණ තීන්දු කෙරෙහි මහජනතාව තුළ ඇතිකර තිබෙන ආකල්පයයි. (නි)
නියමයි. මේක තමයි අපේ යහපාලනයේ අරුමය (නි)
හර්ෂලගේ නිර්භීත ජනාධිපති සිටියදී පැන පැන හිටිය අය, අද කරපු වැරදි වලට දඬුවම් ලබද්දී රිදෙන අය වැඩියි. (නි)
හොඳයි. ජයවේවා! හැමදේම හොඳින් සිදුවේවි (නි)
"මතකය ඇසුරින් සිහියට ගන්න නිතරම වෙහෙසුනෙමි, මට පමණක් ඒ පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමි" නඩු තීන්දුව දීලා තියෙනවා මතකය අලුත් වෙන්නම. මේ අය සැකකාර ලැයිස්තුවට අැතුලුකළේ පොලිසියවත්, නීතිපතිවත් නෙමෙයි. මේ රටේ ජනතාව. හිටපු පාලකයෝ එයාලව හුරතල් කර කර ආරක්ෂා කළබවත් අමතක නැහැ. දැන් මේගොල්ලෝ අභියාචනයක් ඉදිරිපත් කරයි අනිවාර්යෙන්ම. සියල්ල කෙසේ සිදුවුවත්, ජනතාව තවම අවදියෙන්. (නි)
මේක මහින්ද මහත්තයට එරෙහි කුමන්ත්‍රණයක් කියලා කියන්න නැද්ද කෙනෙක්? (නි)
සමහරු කළ අපරාධ ගණන ඔවුන්වත් දන්නේ නැතුව ඇති (නි)
කිසිම අනුකම්පාවක් දැක්විය යුතු නැහැ. දෙතිස් වද දී මරාදැමිය යුතුයි. මෙබඳු ජන හතුරන්ගෙන් සමාජයට තවදුරටත් හානිවීමට ඉඩ තැබීම නුසුදුසුයි. (නි)
සෝමදාස.ඔබගේ අදහස 100% කට වඩා සත්‍යයි.(හේ)
බොහොම නිවැරදි තීන්දුවක්. රටේ නීතිය අකුරටම ඉටුකරන්න නම්, මොවුන්ව අනිවාර්යෙන් එල්ලා මැරිය යුතුයි. මොවුන් ජීවත්වෙලා හිටියොත් ඝාතනය කරන්නේ මිනිස් ජීවිත පමණක් නොවෙයි. මේ රටේ හැමදෙයක්ම. (නි)
රටක නීතිය සියල්ලන්ටම පොදු විය යුතුය. සියලු දෙනාට සමසේ නීතිය ක්‍රියාත්මක වියයුතුය. නමුත් අප රටේ නීතිය ක්‍රියාත්මකවන්නේ පාලකයන්ට රුචි අයුරිනි. පාලක පක්ෂයට කඩේ යන්නේ නම් සියල්ලන්ම නිදහස් වේ. සිරගත වියයුතු බොහෝ පිරිස් පාලකයන්ගේ පිහිටින් නිදැල්ලේය. මේ අයුරින් සියල්ලන්ටම පොදුවේ නීතිය ක්‍රියාත්මක වියයුතුය. (නි)
ශ්‍රී ලංකාවේ නීතියේ උත්තරීතර භාවයට මාගේ ගෞරවණිය ප්‍රණාමය පුද කරමි.(ම)
නීතිය දැන් හරියට ක්‍රියාත්මක වෙනවා..(හේ)
වැරැද්දට නිසි දඬුවන් ලැබීම හරිම සතුටු කාරණයක් (හේ)
තව ටික කාලෙකින් එලියට එයි මොනවත් නොවුනු ගානට ඔක්කොම නිති මහජනතාවට විතරයි (හේ)
තව ටික කාලෙකින් එලියට එයි (හේ)
අපගේ සිංහල ජාතිය, බුද්ධාගම හා මගේ ආදරණීය මව්බිම පාවාදෙන්නට වෙරදරන හීන මිනිසුන්ටත් මරණීය දණ්ඩනය දිය යුතුය (නි)
මේ අයට හරියට සම්මාන ලැබිලා වගේ හිනා වේවි යන්නේ .(හේ)
එල්ලුම් ගහ මොවුන්ගෙන් ආරම්භ කරනවා නම් වඩාත් හොඳයි. යහපාලන ආණ්ඩුවේ යහපත් ලක්ෂණයක් (නි)
බැරිවෙලාවත් නීතියෙන් බේරුනත් කර්මය කොයිවෙලාවේ හරි පළදෙනවාමයි. (නි)
කිසිම දෙයක් මතක නැද්ද?(හේ)
එල්ලුම ගහ ගේන්න දැන්වත්...(හේ)
යුක්තියට සාදාරනයට ජයවේවා ! (ම)
ජයවේව! මගේ ජීවිතේ පළමු වතාවට මෙවැනි නඩු තීන්දුවක් දැක්කේ. ඉතුරු ටිකත් බලාපොරොත්තු වෙනවා. (ම).
රටේ නීතිය ක්‍රියාත්මක වීම සතුටට කරුණක් (හේ)
ශිරාන් ගුණරත්න තමුන්ගේ වෘත්තියටත් වංචා කරන්න හැදුවා නේද .....පද්මිණි රණවක ....එම්.බී එස් මොරායස් අති විශිෂ්ට ව්නිසුරුවරුන්ය (බ)
මරණ දඬුවම? කොයි වෙලාවේද දුන්නේ? මට මතක නැහැ කිසිදෙයක් (නි)
පිරිත් නූල් බැඳි අත්වලට මාංචු වැටිලා.(හේ)
ඔය කෙනා යහපාලනේ කෙනෙක්නම් මීට වෙනස් වෙයිද? කැමරා වැඩකළේ නැතිවෙන්නත්, සාක්ෂි ප්‍රමාණවත් මදි වෙන්නත් පුලුවන්. (නි)
යහපාලනය දෝරේ ගලනවා. හැබැයි එක පැත්තකට විතරයි තීන්දු ලැබෙන්නේ. කෝ පාඨලිගේ සීසීටීවී දර්ශන? (නි)
යහපාලනයේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය! (නි)
හොඳම වැඩේ. දැන් කාලා එන්නකෝ (නි)
තව දින කීපයකින් නිදෙස් කොට නිදහස් සභාපතිගේ තීන්දුව මතකද ? (ම)
මෙයාලට සෙත් පතල බෝධි පූජා තිබ්බ මතකද කොලොන්නාව පැත්තේ.ඉදිරියටක් තියේවි (ම)
දුමින්ද නිවැරදියි කියා පසුගිය ආණ්ඩුව තීරණය කරලා එයා සිංගප්පුරුවට වෙලා ඉන්නකොට මහජන මුදලින් එයාට පඩි ගෙවන්න තීරණය කළෙත් පාර්ලිමේන්තුවම නේද? එසේ අත උස්සපු අයගෙන් දුමින්දට ගෙවූ පඩි සල්ලි කපාගන්න ඕනෑ ආයෙත් ඔය වගේ වැඩ නොකරන්න. (නි)
මරණ දඬුවම ලැබුනත් හිරගෙදරදී එළියේ හිටිය ඉන්නවා වගේ රජ සැප තමයි (ම)
මේවා විභාගවෙන්න පටන්ගත්තේ පසුගිය රජය යටතේ නේද? (නි)
කුඩුවල නිර්මාතෘවරු හිටියේ 1977 පසුවය. සිරිකොත නම් බිල්ඩිමේ බිම් මහලේ සාක්ෂි ඇති ආරම්භය එතනය (ම)
මහින්ද මහත්තයා දඬුවම් නොකළ තවත් වරදකරුවෙක් වැරදිකරුවෙකු වූ වගයි. මරාදැමුණු මිනිසුන්ට යුක්තිය ඉටුවුණා. යහපාලනයට ජය වේවා! (නි)
නියම වැඩේ වුණේ. හොඳ දඬුවම! (නි)
ඔක්කොම උඩ පනිනවා. හැබැයි මැරුන කෙනා ගැන කතාවක් නැහැ. දෝණිත් එයාගේ වැඩ පෙන්නුවේ මේ ළඟදි. එ්ක නිසා වැඩිය උඩ පනින්න එපා (නි)
අපට දුක මේ නීති වෙන අයට නැත්තෙ අැයි කියලා (නි)
ලංකාවේ බොහොමයක් නඩු තීන්දු අපලකින් පසු තීන්දු වෙනස් වෙනවා , එමෙන්ම රජයවල් වෙනස් වුණාමත් තීන්දු වෙනස් වෙනවා , සල්ලි වලට නඩු තීන්දු වෙනස් වන රටක් ලංකාව , දුප්පත් අපිට වගේ නෙමෙයි , සල්ලි කාරයන්ට , දේශපාලකයන්ට වුවමනා විදියට සියල්ල සිදු වන්නේ (ම)
මෙයා ඇතුළට ගියාට හොඳට සුරසැප විඳීවි. (නි)
දැන්වත් මතක් වුණාද දන්නේ නැහැ මෙහෙම මිනීමැරුමක් කළා කියලා. තරුණ පරපුරට කළ විනාශයටත් එක්කම ප්‍රතිඵල ලැබිලා තියන එක ගැන සතුටුයි. එ්ත් නීතියේ හිලකින් රිංගයි කියලා සැකයක් තියනවා. (නි)
ලංකාවේ මරණ දඬුවම් ලැබුවත්, කවදාවත් එල්ලා නොමරන නිසා මේ අයට නොබියව සිටිය හැකිය. කලකට පසු ජනාධිපති පොදු සමාවකින් එළියටද එනු ඇත. තවද මෙම තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත්කොට මොවුන්ට දිනීමටද ඉඩ තිබේ (නි)
අැපෑලක් දාලා ලස්සනට නිදහස් වෙයි. එතකන් ඉතින් දේශපාලුවන්ගේ බන්ධනාගාරය ඒ කිවුවේ කොළඹ මහා ඉස්පිරිතාලේ ගෙවන වාට්ටුවේ තමා. (නි)
නීතිය ක්‍රියාත්මක කිරිම පොදු වියයුතුය. (ම)
අධිකරණයේ වැඩේ හරියට වෙලා තියෙන්නේ. ඒත් මනුෂ්‍යයෙකුට කරදරයක් වුණාම අපි ඒ ගැන සතුටුවිය යුතුද (නි)
මට නම් අද පුදුම සතුටක් තියෙන්නේ (නි)
ලසන්තගේ, තාජුඩීන්ගේ ඝාතන තීන්දුත් ඉක්මන් කරන්න. උසාවිය නිවැරදියි. හැමදාම නත්තල් නැහැ (නි)
මහින්දගේ කාලේ වුණා නම් අසාධාරණයට උසස්වීම්, සාධාරණ අය අද ගෙදර. (නි)
බැසිල් වගේ ගහක් ගලක් වගේ ඉන්න මනුස්සයත් උසාවි තීන්දු ඉදිරියේ ලෙඩෙක් වෙනකොට, මොළයේ සැත්කමක් කළ දුමින්ද අසනීප නොවී ඉඳීද? දැන් අසනීපවෙලා රෝහල්ගත වෙයි අැපෑලක් ගන්නකම් (නි)
අධිකරණ විනිසුරුවන් ඒකමතිකව තීරණයක් නොගත් නිසා මේ තීන්දුවට අහියෝග කරන්න පුළුවන්. ජූරියක් නොතිබීම අවාසියක්. තව ගොඩක් දේවල් තියනවා (නි)
මේ ලැබුණු සාධාරණ තීන්දුව ගැන සතුටුයි (නි)
රටේ නීතිය ක්‍රියාත්මක වීම සතුටට කරුණක් (ම)
දඬුවම් දුන්නට වැඩක් නෑ ක්‍රියාත්මක කරන්න බැරිනම්. නිර්භීත ජනපති කෙනෙක් කවදාහරි පත්වෙනකන් බලන් ඉන්න වෙනවා (බ)
හොඳ තීන්දුවක්. අපක්ෂපාතී තීරණයක්. පසුගිය රජයෙන් කොච්චර උත්සහ කළාද මේක යට ගහන්න. (බ)
දඬුවම් දුන්නට ක්‍රියාත්මක වෙන්නේ කවදද? (බ)
ඇපිල් එකක් දාල දුමිය ගොඩ යයි. අපි නොදන්නා ලංකාවේ පොලිටික්ස්. (බ)
මේ තීන්දුව ගැන අධිකරණයට ස්තූතියි! (නි)
නීතිය සාධාරණත්වය ඔප්පු කළ ඉතිහාසගත නඩු තීන්දුවක් (බ)
හැමෝම බලන් හිටිය දෙයක්. රටේ නිතිය තියෙනවා කියල සතුටු වෙන්න පුළුවන්. (බ)
මෙන්න රණ විරුවන්ගෙන් පළිගන්නවෝ... ආ වැරදුනා. (බ)
මුදලට සියල්ල යටවුණ සමාජයක ඉතිහාසගත වන තීන්දුවක් (නි)
ඉතාම සාධාරණ තීන්දුවක්.මේකත් යහපාලනයේ වැඩක් කියා කියාවිද දන්නේ නෑ..මේ රජය නොතිබුණා නම් දුමින්ද නිදහස් (බ).
මෙවන් බලවත් වරදකරුවන්ට දඩුවම් ලැබෙනවා යන්න ඇසිමට සතුටක්. නිති ගරුක සමාජයක් ගොඩ නැගේවා!! (ම)
මේ ප්‍රවෘත්තිය අහලා සතුටක් ඇතිවුණා. පසුව දුකක් ඇතිවුණා. දුක ඇතිවුණේ මරණ දණ්ඩනය නියම කළාට එය ක්‍රියාත්මක නොවන නිසයි (නි)
දුමින්දට වෙඩි තියපු අයට දඬුවම් දෙන්නේ නැද්ද. දෙගොල්ලොම වැරදිකරුවන්. (නි)
උසාවියෙන් දඩුවම නියම වුණාට ඒක ලැබෙන්නෙ නැති එකයි ප්‍රශ්නේ (ම)
පක්ෂය මාරු කරලා ආණ්ඩුවට ආවොත් මොනවා වෙයිද දන්නේ නැහැ (නි)
තව බලා ඉන්න වෙනවා. (ම)
මෙම මිනීමැරීමට අනුබල දුන් යටිතල පහසු කම් සැපයු අයට මොකද කරන්නේ ඒගැන රටම දනී රටම බලා සිටියි (බ)
ඉතා හොඳ නඩු තීන්දුවක්.ඒ අස්සේ එක්කෙනෙක් ඊට එරෙහි තීන්දු දෙනවා. මරණ දඩුවම ලැබුනහම අැප දෙන්න බැහැ. එයා ඇපීල් දැම්මත් ඇතුළේ ඉන්න ඕනෑ. එ්ත් හිනාවෙලා ඉන්නේ. නැවත අහවලා බලයට ආවොත් නිදොස්කොට නිදහස් වෙන්න බලාගෙන වෙන්න ඇති. ඒ අනුව මිනිසුන්ගේ සැකය සාධාරණයි. ඇති හැකි අයට තවම පුළුවන්. (නි)
ඔබට ජය සහෝදරයා!
පලවෙනි කෙනා (ශිරාන් ගුණරත්න) සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කළා කියන එකේ තේරුම මොකක් වෙන්න ඇතිද. ඒක මොකක් හරි නීති සම්ප්‍රදායක් වගේ දෙයක් ද..? නැත්නම් එයාගේ පෞද්ගලික තීන්දුව ද..? (බ)
සභාපති තුමා කොහොමද නිදොස් කර නිදහස් කරන්නේ... අනෙක් දෙන්නට වැරදි කරුවන් වෙලා. (බ)
දුමින්ද මහත්තයා ඔබට ජය වේවා.. සියලු කරදර වලින් ඔබට ජය ලැබේවා (බ)
බලමු දැන් මේකට ඒකාබද්ධ විපක්ෂය මොනවා කියයිද කියලා? (නි)
සතුටදායක කරුණක්. (බ)
නීතිය සාධාරණත්වය ඔප්පු කළ ඉතිහාසගත නඩු තීන්දුවක් (බ)
මිනීමරුවන් ආරක්ෂා කළා අයට මොකද කරන්නේ .(බ)
හොඳයි අපරාධයට දඬුවමක් ලැබුණා (බ)
සිද්ධිය දැන් මතකයට එනවා ඇති, දඬුවම කන් දෙකට ඇහුනා නම්. (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
මේ තීන්දුව ගැන ලොකු සතුටක් තියනවා. එ්ත් නැවත විභාග කරලා මේවා වෙනස් වේවිද? (නි)
පිටරට වල ඉන්න කඩේ යන කට්ටිය පෙත්සන් අත්සන් කරන්නේ නැද්ද .(බ)
මේ ආකාරයටම වැරදි කරලා නීතියෙන් බේරිලා ඉන්න හැමෝටම නීතිය ක්‍රියාත්මක කළයුතුයි. (නි)
නීතිය ප්‍රදර්ශන භාණ්ඩයක් වියයුතු නැහැ. ප්‍රදර්ශන භාණ්ඩය සහ අනිත් භාණ්ඩ සමාන වෙන්නෙත් නැහැ.(ම)
මේ ප්‍රවෘත්තිය අර පැත්ත ගියත් ඇත්ත කියන තරු මාධ්‍ය ජාලයේ තාම කිව්වේ නැහැනේ. මම හිතන්නේ මතක නැතුව ඇති. (නි)
මොනවා? මට නම් මේක හිතාගන්නත් අමාරුයි (නි)
පස්සේ අභියාචනා කරලා, නඩුව අවුරුදු පහක් විතර අහන්න ගනියිද දන්නෙ නැහැ. එහෙම වුණොත් එතෙක් ඇප පිට ඉඳියි. අවසානයේ රටවැසියාට මෙය අමතක වෙනවා. බලවන්තයෝ සියලු චෝදනා වලින් නිදහස්කොට නිදහස් වෙනවා. මෙහෙම වෙන්න බැරිද? (නි)
සාදාරණය වීම ගැන සතුටක්..............එත්.. මේ එල්ලා මරණ දඩුවම නැවත්තත් බලාත්මක කරනවානම් මීට වැඩ අපරාද රැල්ල අඩුවේවි. (ම)
තරාතිරම නොබලා දුන් එකම තීන්දුව. ගොඩක් හොඳයි. හිරුනිකා ගොඩක් මහන්සි වුණා මෙතනට එන්න. ඇත්ත ජය ගත්තා. සාධාරනය ඉෂ්ට වුණා (නි)
අපිට නම් මේවා අර පාර්ලිමන්ට් ජෝක්ස් වගෙයි (නි)
රට හදන්න නම් නීතිය හරියටම තිබිය යුතුයි (නි)
ලංකාවේ දේශපාලනයක් නැහැ, එන ඔක්කොම එකයි. මෙයාට දැන් මොකද වෙන්නේ කියලා බලමු (නි)
අනේ මම දන්නේ නැති හින්දයි අහන්නේ. දැන් දුමින්ද බන්ධනාගාරයේද? සමහරවිට අදම අසනීප වෙයි නේද (නි)
දැන්වත් ලංකාවට හොඳ කාලයක් උදාවෙයිද මන්දා (නි)
මරණ දඬුවම ලැබුනම සිනහ වෙවී එය පිළිගෙන සිර ගෙයට යන අය ඉන්න එකම රට ලංකාව වෙන්න ඇති. (ම)
හිනාවෙන් කියන්න පුළුවන් ඇපීල් කරයි කියල. (ම)
ඇත්තටම හිර දඬුවම් විඳින්නේ කව්ද කියන එක හොඳට පේනවා මල්ලක බත්මුල දාගෙන බසයෙන් බැහැලා හිරකරුවන් බලන්න එන පිරිස දැක්කහම. (නි)
බොහොම කාලයකට පසු හෝදන පංතියක් දකින්න අපි පින් කර ඇති බව දැනේ (බ)
ආදරණිය හිරුනිකා තාත්ත වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ වුනා නේද (බ)
තරුණ පරපුරට කරන අපරාද පලදෙනවා. කියන විදිහට ලබුණොත් හොදයි. \"මට මතක නැති\" ගොඩක් දේවල් මහා ගෙදරදී මතක්වයි. වැරදුනා මහා ගෙදරදී නෙමෙයි බන්ධනාගාර රෝහලේදී.(ම)
හොඳ තීන්දුව.(ම)
දැන් ප්‍රේමචන්ද්‍ර නඩුව, ඊලගට ලසන්ත, තාජුදීන්, එක්නැලිගොඩ සහ අනිත් අය. දැන් ඕවට සම්බන්ධ අයගේ බඩවල් කරනම් ගහනවා ඇති (බ)
ඇත්තටම ලංකාවේ නීතියක් තියනවා කියල දැන් අපිට පොඩි සැනසිල්ලක් තියනවා . නමුත් අපි ඉස්සරහට බලමු සියට සියක් නීතිය ක්‍රියාත්මක වේද කියල.නීති ගරුක සමාජයක් බිහි වේවා ### (ම)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (බ)
දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි. (නි)
ඔන්න මහින්ද යහපාලනේ සහ සිරිසේන යහපාලනේ වෙනස. අධිකරණයේ ස්වාධීනත්වය මැනවින් පෙනුනනේ මගේ සුබ පැතුම් අධිකරණයට (බ)
"මෙන්න අපේ රට බටහිර අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය විදිහට නඩු තීන්දු දෙනවෝ" කියලා කෑගහන කට්ටිය දැන් කෝ? (නි)
මිනීමැරුවට නෙවෙයි කුඩු ගෙන්වීම සහ බෙදා හැරිම ඒ දෙකට මෙයාව එල්ලලා මරන්න ඕන.ටිකක් මතක් කරලා බලන්න ඡන්ද කාලේ මෙයා වියදම් කරපු හැටි ඒ අපේ දරුවෝ කුඩු වලට ඇබ්බැහි කරලා ඒ කළු සල්ලි නෙවෙයිද මිනිසුනේ දරුවෝ ඉන්න අම්මලා සහ තාත්තලා නම් මෙයාට ශාප කරනවා. (බ)
හා හා, වැඩිය සන්තෝස වෙන්න එපා, ඡන්දයක් ළග ළගම එනවා, එ්ක ඉවර වුනහම මේ කට්ටිය එළියේ, මොකද අපේ ඡන්ද දායකයොත් ඡන්දෙ දෙන්නේ කාව හරි ඇතුලට දැම්මොත් විතරනේ (බ)
ආණ්ඩු පක්ෂයේ - විපක්ෂයේ හැමෝටම එක ලෙස නිතිය ක්‍රියාත්මක වෙනවා දකින්න ලැබුනොත් විතරයි පොදු ජනතාවට සතුටු විය හැක්කේ ... (ර)
ඔය ගැන දැන් මිනිස්සු කතා කරනකොට දන්නෙම නැතුව බඩු මිල වැඩි වෙලා තියෙයි (බ)
විනිසුරුවරුන්ට මාගේ උත්තමාචාරය. අවසානයේ නීතියේ සාදාරණය ඉටුවීම ගැන සන්තෝසයි. (ර)
පහුගිය කාලේ මිනීමරුවන් ආරක්ෂා කළ පාලකයින්ට හොඳ කනේ පාරක්. ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය!!!! අධිකරණ තීන්දුවලට බලපෑම් නොකළ යහපාලන ආණ්ඩුවට ජයවේවා!!!! (බ)
දුමින්ද කියන්නේ කාටවත් බය නැති ගහනවා කිව්වොත් ගහන වීරවරයෙක්. මේ අයගෙන් වැඩක් ගන්නේ නැතිව හිරේ දාන එක මෝඩකම. (බ)
කවුරුත් බලාසිටි දෙයක්. නියමයි (නි)
එකම නඩු නිමිත්තට පරස්පර වෙරෝදී තීන්දු දෙකක් ලැබුනේ කෙසේද ? (ර)
අර කට්ටිය තවම හිටියා නම් ඔය පස් දෙනාම අද සුර සැප විඳිනවා (නි)
මහජනයා සියැසින් දුටුදේ අද නීතිය ඉදිරියේ පිළිගත්තා. යහපාලනය මෙයයි (නි)
වැරදි කර ඇත්නම් දඬුවම් විඳිය යුතුමය. (නි)
එක විනිසුරුවරයෙක් ගැන දේශපාලන මතවාදයන්ගෙන් තොරව ඇත්තටම මට නම් ලැජ්ජයි (නි)
මැරුන මිනිසුන්ගේ ආත්මවලට සහනයක් වගේම ඒ ඒ පවුල්වලට කල සාධාරණයක් ලෙසයි මේ දඬුවම මම දකින්නේ. (ර)
ඔන්න ඕන තමයි යහපාලනය කියන්නේ. නීතිය සැමට පොදුයි (නි)
මේ තීන්දුව ගැන අපිට හරිම සතුටුයි (නි)
ඇමරිකාවට රට පාවාදෙනවා කිව්වට, එහෙම කෑගහන මහින්දගේ සහෝදරයොත් සමහරු ඇමරිකන් පුරවැසියන්නෙ. අනිත් එක ඇමරිකාව අපේ රට පාවාගන්නේ මොකටද? මීටවඩා ඇමරිකන් ගැති දකුණු කොරියාවෙ රැකියා කරන්නෙ ලංකාවෙ අය, ඇමරිකාව ඒ රටවල් දියුණු කරපු නිසා නොවෙයිද? (නි)
එල්ලා මරා දැමීමේ ක්‍රියාපිළිවෙළ මොවුන්ගෙන් ආරම්භ කළා නම් හොඳයි (නි)
තීන්දුව සාධාරණයි නමුත් ක්‍රියාත්මකවීම ???? (ම)
ඒකාබද්ධ විපක්ෂෙ කට්ටිය, නාමල්, ගෝඨා එහෙම ආවේ නැද්ද උසාවියේ යාලුවා බලන්න? (නි)
හොඳ තීන්දුවක් (නි)
දුමින්ද නම් ආවෙ ගෙදර යන්න බලාගෙන මිසක් හිරගෙදර යන්න නොවෙයි වෙන්න ඇති (නි)
නීතියට ඍජු තීරණ ගැනීමට හැකිවීම සතුටට කරුණක් (නි)
සිංගප්පූරු රෝහලෙන් ලංකාවට අා ගමන් මල්මාලයක් දාලා රජගෙදරකදී පිළිගත්තා කිවුවෙත් මෙයාම නේද. (නි)
ඔන්න කට්ටියට නෑදෑයෝ, යාළුවෝ බලන්න යන්න අවස්ථාවක් (නි)
රටේ නීතිය ක්‍රියාත්මකවීම සතුටට කරුණක්. පහුගිය කාලේ මිනීමරුවන් ආරක්ෂා කළ පාලකයින්ට හොඳ කණේ පාරක්. ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය! අධිකරණ තීන්දුවලට බලපෑම් නොකළ යහපාලන ආණ්ඩුවට ජයවේවා! මහින්දගේ කාලේ වුණා නම් විනිසුරු මඩුල්ලම අද ගෙදර. මිනීමරුවෝ පාර්ලිමේන්තුවේ (නි)
කලු ඩිෆෙන්ඩර් නංගිගේ පැහැර ගැනීමේ සිද්ධිය පිළිබද නඩු විභාගයේ තීන්දුව ගැනද අපි ආසාවෙන් බලා සිටිමු. (බ)
මරණ දඬුවම නියම කළා කියල වැඩක් තියනවද? මරණ දඬුවමට දිනයකුත් නියම කරන්න එපැයි. (නි)
දැන් දඬුවම නියම කළාට, ක්‍රියාත්මක කරනවාද? (නි)
තාජුදීන්ටත් ලසන්තටත් මේ නීතිය ක්‍රියාත්මක වුනොත් රටේ වාසනාව (බ)
මොන බොරුද අනේ! අපිව උන්මාද කරවන තීන්දු ඕවා. බලන්නකෝ ඔය ලොකු ලොක්කන්ට නීතිය කොතනද අපේ ලංකාවේ සමාන්තරව පිහිටියේ කියලා..? බලන්න අද සිට මෙයා ලෙඩවෙලා සිංගප්පූරුවේ රෝහලට යන්නේ නැද්ද කියලා. ඒක තමයි ලංකාවේ අද වෙනකොට මහජන මුදලින් යැපෙන දේශපාලකයෝ කරන විශාලම ප්‍රෝඩාව. ඒ ක්‍රමය දැන් රැල්ලක් බවට පත්වෙලා. අපිට මේවා විශ්වාස කරන්න පුළුවන් අදම එල්ලුම්ගහත් ක්‍රියාවට නැංවුවොත් පමණයි (නි)
අද මේ වැටෙන කදුළු එදත් මේ වගේම වැටුන එකත් ජනතාව නිහඩව බලා උන්න මෙය එසේම වේවි " කරන කලට පවු මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ‘ කියල මේවා අනෙක් අයටත් හොද පාඩම් (බ)
ඊළඟ ගැටලුව..., කවදාද එල්ලන්නේ? (නි)
රටේ දැන් නීතිය ක්‍රියාත්මක වෙන එක සතුටක් තක්කඩි තුවක්කු දේසපාලනය කරන මන්ත්‍රිවරු කියල වැජෙබෙන අයට හොද පාඩමක් (අ)
අධිකරණයට ජයවේවා! (නි)
අම්මෝ! මම වෙව්ලනවා තාමත්. මොනවද මේ අහන්න ලැබුනේ? (නි)
එක රුප රාමු පෙළක දඬුවම් නියම වුන අයගේ පවුලේ උදවිය අඩනවා දැක්කම හිතට දුකක් දැනෙනවා. මොනවා කරන්නද නිතිය සැමට පොදුයිනේ.අද මෙයාලා මේ විදිහට වැලපෙනවා වගේ දහස්ගුනයක් එදා ඒ මැරුන මිනිසුන්ගේ පවුලේ උදවිය වැළපෙන්න ඇතිනේ නේද? (බ)
අැපීල් කරනතුරු රෝහල් ගතවෙයිද දන්නේ නැහැ. (නි)
ඒකමතික තීන්දුවක් නොවෙයි. ඒ නිසා අපරාදේ නිදහස් වීමට ඉඩ තිබෙනවා (බ)
මෙන්න නාට්‍යයේ මංගල දර්ශනය... මෙයා තව ටික දවසකින් නිදහස් වුන දවසට යහපාලානේ තරම දැනගන්න පුළුවන් වෙයි හැමෝටම. ඉවසල බලන් ඉමු. (බ)
නීතිය බල්ලට දාල තිබුන වෙලාවක ... මේක හරියට සිදු වීම හොඳම සිදුවීමක් ...(බ)
අධිකරණය මඟින් ක්‍රියාත්මක කළනොහැකි නඩු තීන්දු ලබාදීම නීතිය සමච්චලයට ලක්කිරීමක් ලෙසයි අපට වැටහෙන්නේ (නි)
දඬුවම් ලැබූ අය හිනාවෙනවා අහක ඉන්න මිනිස්සු අඬනවා හරිම විහිළුවක් (බ)
සල්ලි තියන යමක් කමක් කරගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට කාලයක් හරි නඩු කියලා සාධාරණයක් ඉෂ්ට කරගන්න එක ඒ තරම් දෙයක් නෙමෙයි. එ්ත් අසරණ අය මොනතරම් නම් ඉන්නවද නීතියේ පිළිසරණක් නොලැබුන. මම දන්නා නිසයි බය නැතුව මෙය ප්‍රකාශ කරන්නේ. (නි)
රත්නායක නීතිය හරියට තිබිලා වැඩක් නැත නීතිය හරියට ක්‍රියාත්මක වීමයි විය යුත්තේ (බ)
ඔබට සතුටුයිද දැන්? කියලා ගිහින් අහන්න දැන් මාර සතුටුයි (බ)
නීතියේ සාධාරණ තීන්දුවට සතුටක් ඇතිවුණා (නි)
අර නඩේට නැවතත් ඔන්න වැඩක් තියෙනවා, පෝලිමේ හිරගෙදරට එන්න පුළුවන්, පළිගන්නවා කියමින්,...(බ)
මම යුක්තියයි අනුකම්පාවයි අතර මැදි වෙලා. දුමින්දට හා පිරිසට මරණ දඩුවම ලැබීම ගැන දුකයි. රටේ නිතිය ස්ථාපිත වෙලා තියෙන බව දැක්කම සතුටුයි. (ම)
පරණ ආණ්ඩුවේ අයට දඩුවන් දෙනවා වගේම අලුත් ආණ්ඩුවේ යටත් දෙන්න හොදේ (ම)
ගරු අධිකරණය සාධාරණ තීන්දුවක් දී ඇතිබව පෙනේ, දිගටම අධිකරණය මෙසේම පවතීවා ජනතා පැතුම !...(බ)
ප්‍රධානම කරුණ මනාපේ ක්‍රමය. දැන්වත් ඉවත් කළ හැකිද ? (බ)
හොඳ තීන්දුවක්. එසේම අනෙක් අයටත් මේ විදියට නීතිය ක්‍රියාත්මකවේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. (නි)
සියලුම දෙන නිදහස් කරන්න කියපු විනිසුරු නම් හිතල තියෙන්නේ මේක මිනී මැරුමක් නොවිච්ච නඩුවක් කියල වෙන්නැති... (ම)
අයියෝ අපේ හිටපු අධීක්ෂණ ආරක්ෂක ඇමතිතුමා බේරගන්න රජතුමා ඇතුළු පවුලෙන් උදවු ලැබී විනිසොරෙක්ගෙන් ලගදීම නිදහස් වෙයි (බ)
කෙසේ හෝ වේවා දුමින්දගේ ඔලුව පැලුනේ කෙසේද? එය කළේ කවුද? මෙය පැහැදිලි කළයුතුය. අපට කිසිවකුට පක්ෂග්‍රාහී වීමට අවශ්‍ය නැත (නි)
හොඳ තීන්දුවක් (නි)