රජය විසින් ලබා දුන් ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක ජීවත්වන ශ්‍රි ලාංකිකයින්ගේ දිවිත්ව පුරවැසි භාවය නවතා දමා මේ වන විට වසර කිහිපයක් ගතවී ඇති අතර එම රටවල ජිවත්වන දහස් ගණක් ශ්‍රි ලාංකිකයෝ මෙයට රජය මගින් ලබා දෙන විසදුම බලාපොරොත්තුවෙන් සිටිති.
ආගමන විගමන පාලක ජෙනරාල් චුලානන්ද පෙරේරා මහතා මෙසේ කියයි .
‘ අපි අපේ පැත්තෙන් නව කෙටුම්පතක් හදලා කෑබිනට් අනුමැතියට යොමු කලේ අවුරුද්දකට විතර කලින්. එකට කැබිනට් අනුමැතිය ලැබුණා. මෙතන මම වගකීමෙන් කියනවා පරක්කුව තියෙන්නේ නීතී කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කියලා. මොකද ඔය අලුත් කෙටුම්පතේ පොඩි වගන්ති දෙකක් සංශෝදනය කරන්න තියෙනවා.
ඊට අවුරුද්දක් කල් ගත්තා කියන එක මටත් හිතා ගන්න අමාරුයි. ඒක හදපු ගමන් නැවත දිවිත්ව පුරවැසි කම දෙන්න අපිට පුලුවන්. හැබැයි විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් අපේ පුරවෑසි කමේ ගෞරවය ආරක්ෂා කරන්නත් ඔනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවේශ සහගත වැඩ වලින් රටේ සංවර්ධනයට ඇති සෙතක් නොමැත. මට ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඕනෑ වුවත් දිත්ව පුරවැසිභාවය ලබා ගන්නා තුරු ලංකාවේ පදිංචියට නොයමි. (නි)
පුළුවන් නම් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මේකට උත්තර දෙන්න. මේ මනුස්සයා මේක කිව්වා කියලා හිරේ දන්නේ නැතුව. මේක ලංකාව නිසා ඕනෑ දෙයක් වෙන්න පුළුවන්. (නි)
අපේ මිනිස්සුන්ගේ අලසකම.මහත්වරුනේ, ගන්න පඩියට කරුණාකර වැඩක් කරන්න. (නි)
හැකි රටවල් කීපයකටවත් ඉක්මණින් මේ සම්බන්ධව පියවරක් ගන්නවා නම් අපේ ප්‍රණාමය ඔබට! (නි)
එහෙම කරන්න එපා ඒ මිනිස්සු පවු නේ (දී)
දේශපාලන රැකවරණ පතා ගිය අයට දෙන්නම හොඳ නැහැ. හොඳට හොයල බලන්න ඕන මේ අය මුලින්ම එකී රටේ ලබාගත්ත නේවාසික විසා බලපත්‍රය කුමක්ද කියලා ? (ස)
ශ්‍රී ලංකාවේ ඉන්න අයට වඩා අපි මෙහෙ ලංකාවේ නම්බුව රැකගන්නවා. ඒක අපිට උගන්වන්න එන්න පෙර වෙලාවට කලාවට වැඩ කරන්න ඉගෙනගන්න. (නි)
කී පාරක් ලංකාවට ගිහින් තිබෙනවද? යුද්දේ තිබෙන කාලේ ගියේ මොන ගුවන් සේවයේද ? (නි)
මේක හරියට මගේ මේසෙන් ෆයිල් එක අනික් කෙනාගේ මේසෙට යවලා තියෙන්නේ කියනවා වගේ කතාවක්. වැඩේ වෙනවද නැද්ද කියන එක නොවෙයි ප්‍රශ්නේ. විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් අපේ පුරවැසිකමේ ගෞරවය ආරක්ෂා කරනවද නැද්ද යන එක මෙතුමාට අදාල රාජකාරියක් නොවෙයි. (ස)
මෙහෙ පුරවැසිකම බන්දේසියේ තියලා දීලා නැහැ. එයට ගොඩක් සුදුසුකම් සපුරන්න ඕනෑ. වැදගත් පුරවැසියන්ට පමණයි මෙහෙ පුරවැසිකමත් දෙන්නේ. එහෙව් අයගෙන් ඉල්ලන්නේ ලංකාවේ ගෞරවය ආරක්ෂා කරන්න කියලද? (නි)
මම මේ රට හැරදා ගියපසු රටට අහිතකර කිසිදු දෙයක් නොකෙළෙමි (නි)
දන්නා කෙනෙක් කියනවද කාගෙන්ද මේ ගැන හරියටම දැනගන්න පුළුවන් කියලා. (නි)
ද්විත්ත පුරවැසිහාවය ලබාදීම වරදක් නැහැ. නමුත් රට පාවාදී මේ රටවල පුරවැසිභාවය ලබාගෙන සිටින පිරිසට , ලංකාවට පැමිණිලා ඕනෑම දෙයක් කිරීමට අවසර දීමක් නොවිය යුතුය. (නි)
ද්විත්ව පුරවැසිකමේ මුලික පරමාර්ථය මව් රටට සේවය කිරීම නම්, ඔය ඉන්න රටේ පුරවැසිකම පමණක් තියාගෙන වුණත් ඒක කරන්න බැරි කමක් නැහැ. (නි)
ද්විත්ව පුරවැසි හාවය ලබාදීම වරදක් නැහැ. නමුත් රට පාවාදී මේ රටවල පුරවැසිභාවය ලබාගෙන සිටින පිරිසට, ලංකාවට ඇවිල්ලා ඕනෑම දෙයක් කිරීමට අවසර දීමත්, එසේ කටයුතු කරන පුද්ගලයින්ගේ පුරවැසිභාවය අහෝසි වන සේ නීතී සැකසීමත් විය යුතුයි. (නි)
මම දන්නේ නැති හින්දා අහන්නේ. ඔයගොල්ලෝ පිටරට පුරවැසිකම ගත්තේ ලංකාව හොඳ නැති හින්දනේ. ඉතින් මොකද මේ එපා වුණ ලංකාවේ පුරවැසිකම ආයෙත් ඉල්ලන්නේ? ඔයාලා හෝ ඔබේ දරුවෝ නැවත ලංකාවේ පදිංචි වෙන්න එන්නෙත් නැහැනේ. ඔබේ දරුවෝ වැඩි දෙනෙකුට සිංහලත් බැහැ නේද? (නි)
ආශ්චර්ය ... අහන්නත් දෙයක්ද ඉතින්? මේ වගේ රටක නැවත පුරවැසිකම අරගෙන පදිංචියට එන්න හිතන එකත් ආශ්චර්යයක් තමයි. නැත්නම් වැඩිම වුණොත් මොලේ අමාරුවක් තියෙන්නේ ඕනෑ. (නි)
ද්විත්ව පුරවැසි භාවයත්, ද්විත්ව ගමන් බලපත්‍රත් ලබාදීමත් සිදුකළ හැකි පරිදි ලංකාවේ නීති සංශෝධනය කළ යුතුයි. (නි)
හරියට හරි දම්, දැන් හත්පොලේ ගාගත්තා වගේ. හොද ලාංකිකයෝ කොහොමත් ගෞරවේ රකිනවා පිටරට වලදී. (නි)
ද්විත්ව පුරවැසි භාවයත්, ද්විත්ව පාස්පෝර්ට් ලබාදීමත් සිදුකළ හැකි පරිදි ලංකාවේ නීති සංශෝධනය කළ යුතුයි. (ස)
ශ්‍රී ලාංකික පුරවැසිකමේ ගෞරවය ආරක්ෂා කරන්න කියන්නේ මොකක්ද? (නි)
විදේශ ගත වුන ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට සේවයක් කිරීමට අවශ්‍ය කම තිබේ නම් එය ද්විත්ව පුරවැසි භාවය නැතුවම කරන්න පුළුවන් . බොහෝ දෙනෙක් ද්විත්ව පුරවැසි භාවය ගන්නේ තමන්ගේ වාසිය සඳහා . රේගුවෙන් බදු නොගෙවා අවශ්‍ය දේවල් මිලට ගැනිමත් . ලංකාවට පැමිණීමේදී ගෙවන මුදල නොගෙවා සිටීමත් . ලංකාවේ තිබෙන තමන්ගේ ඉඩ කඩම් හෝ වටිනා දේවල් වලට බදු මුදල් නොගෙවා සිටීමත් යන කරුණු මුල් කරගෙන . විශේෂයෙන් යුරෝපයේ සිටින එංගලන්තයේ සහ ප්‍රංශ රටවල ලාංකිකයන් එම රටවලට ආවඩන කොටස් . සිංහල සංවිධාන, දේශපාලන සංවිධාන ඇතිකර ගන්නේ තමන්ගේ බඩගෝස්තර වාදයට සහ ප්‍රසිද්ධිය ලැබිමට . මේවයේ සිටින සිංහල පවුල් වල ළමයන්ට සිංහල කතා කරන්න උගන්වන්නේ නැහැ . එය ඔවුන්ට මදි කමක් ලෙස සලකා . මේ මම අත්දැකිමෙන් දුටු දේවල්. (ස)
කරුණාකර අර කොටින්ට නම් අපේ රටට නැවත එන්න දෙන්න එපා. (ස)
පාස්පෝට් නම් ප්‍රමාද වෙන්නෙම නැතුව ඇති නේද? (නි)
මමත් දැන් අවුරුදු ගානක් බලාගෙන ඉන්නවා. මම මෙහෙ පුරවැසිකම ගත්තේ නැහැ ලංකාවේ පුරවැසිකම නැති වෙන නිසා. (නි)
විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් අපේ පුරවැසිකමේ ගෞරවය ආරක්ෂා කරන්න යනුවෙන් චූලානන්ද මහතා කරන ආරාධනය අගය කරමු. තමන්ගේ ආයතනයේ වංචා දූෂණ, කල්මැරිලි නැති කරන්න උත්සාහ ගන්නේ නම් නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රමාදය ගැන සදහන් කළාටත් වඩා මහජනයා එතුමාගේ ආයතනයේ ගෞරවය රකිවි. ඔවා දෙනු පරහට කියලා කථාවක් තියනවා. එයත් මතක් කරමි. (නි)
වගන්ති දෙකක් සංශෝදනය කරන්න මෙච්චර කාලයක් ගත්තා නම්,රටේ නිතිය කොහොමද කියලා හිතා ගන්න පුළුවන් (නි)
"අලුත් කෙටුම්පතේ පොඩි වගන්ති දෙකක් සංශෝදනය කරන්න තියෙනවා.ඊට අවුරුද්දක් කල් ගත්තා කියන එක මටත් හිතාගන්න අමාරුයි." මෙවැනි රාජ්‍ය පරිපාලනයක් පවතින රටක ද්විත්ව පුරවැසිකම ලබාගැනීමට පෙර දෙවරක් සිතා බැලීම වටී. (නි)
වහාම මේක නැවත පටන්ගන්න ඕනෑ දෙයක්. 2011 පෙබරවාරි 15 ඉඳලා ගොඩක් අය බලාගෙන ඉන්නවා. (නි)
මෙවැනි රාජ්‍ය ආයතන තව කීයක් තියෙනවද? අනේ මේවට දියකරන ජාතික ධනය! මෙවන් දේ ගැන ජනයා දැනුවත් කිරීම ගැන ලංකාදීප පුවත්පතට තුති! (නි)
හොඳ සිංහල බෞද්ධයෙක් මම. නමුත් දැන් දැන් මේ පෝලිමේ ඉඳලා එපාවෙලා වගේ දැනෙනවා. රටට එපා නම් මට මොකටද කියලා හිතෙන තරමට ලංවෙලා... පුළු පුළුවන් එකා දෙන්නා ඔරුවක නැගලා හරි පනින්නේ ඇයි කියලා ටික ටික තේරෙනවා. (නි)
ඕක දෙන්න එපෝ!!!! (නි)
තමන් ඉපදුන රට ගම තමයි පිටරටක සිටියත් තමාගේ රට කියලා සලකන්නේ . පිටරටක සිටින විට රජයේ රස්සාවක් ගන්න , ළමයින්ට විශ්ව විද්‍යාල වලට ණයට ඉගෙන ගන්න , විසා නැතුව රටවල් හරහා යන්න තමයි පිටරටවල පුරවැසිකම ගන්නේ . එහෙම ගත්තු පලියට මේ උදවියගේ ලංකාවේ පුරවැසිකම නැවත ඉල්ලුවහම කොන්දේසි දමා පමා කරන එක මානව හිමිකම් නැති කිරිමක්නේ . ඒනිසා රටට ගෞරවයක් සම්පතක් වන මේ අයට පුරවැසිකම ඉක්මනින් දෙන්න. (ස)
දම්, මෙවැනි හරකුන්ගෙන් වෙන්වෙලා ඔය රටට ගියා නම් ඔහෙට වෙලා ඔය හරක් එක්කම ලගින්න. ද්විත්ව පුරවැසිකම ඉල්ලන්නේ හරක් මෙල්ල කරන්නද? අපේ හරක් අපට හොඳා. (නි)
‘පරක්කුව වෙන තැනක්’ වෙන්න ඇති (නි)
අශෝක, ඔබ පවසන දේ සත්‍යයයි (නි)
ඔව්, එතකොට අපි තමා ලංකාවේ ගෞරවය නැති කලේ ! (ස)
පුරවැසිකමේ ගෞරවය ආරක්ෂා කරනවා කියන එකේ තේරුම මොකක්ද? (නි)
කාට කියන්නද මේ තොරණේ විස්තරේ කිව්වලු? (ස)
අනිකුත් රටවල මොනතරම් ඉක්මනින් ආගමන වැඩ කරනවද කියලා දැනගත්තම අපේ අයට මොනවා හිතෙයිද? (නි)
රජයේ සේවකයන් වැඩි දෙනෙකු අතරේ තියෙන්නේ කඹ ඇදිල්ල තමයි. සුනාමිය වෙලාවේදී ඒක කැපී පෙනුනා. (නි)
අපි මෙහෙ නිදාගෙන ඉන්නේ නැහැ. මේ සල්ලිත් ලංකාවට ගෙනෙන්නේ.මොනවට වියදම් කළත් ඒවත් ලංකාවට. අපි කල්ලතෝනි නෙමෙයි අපි මෙහෙ හිටියට. අපේ මුළු සනුහරේම ඉන්නේ ලංකාවේ. (නි)
රට ගෞරවය නැති කරන්නේ පිට රට වල ඉදලා විදේශ විනිමය එවන අපිද, නැත්නම් ලංකාවේ ඉන්න දේශපාලුවෝ සහ උන්ගේ හෙන්චයියන්ද කියලා ලෝකේ ඉන්න ඔක්කොම දැන් දන්නවා. (නි)
ලංකාව දාලා ගිහින් දැන් මොකටද මේ කතා? (නි)
මෙහෙමත් මිනිස්සු! තමන් අතේ වැරැද්ද තියාගෙන අනිත් මිනිසුන්ට දොස් කියනවා. මේවා ඉතින් ලංකාවටම හොදයි. (නි)
අපෙත් වයස යන්න කලින් අපිත් කැමතියි උපන් රටට ඇවිල්ලා සේවයක් කරන්න. ද්විත්ව පුරවැසිකම නැතුව ලංකාවේ ඉන්න පුළුවන් මාසයක් විතරයි. කරුණාකර මේ ගැන සිතන්න! (නි)
පුළුවන් තරම් පිටරට වලට වැඩ කරලා, ඒ රටවලට හම්බකරලා සැප අරන්, වයසට ගියාම සීතලේ ඉන්න බැරුව ලංකාවට එන්න ඕක ඉල්ලන්නේ. මැද පෙරදිග අයට ඇරෙන්න දෙන්න එපා වෙන කාටවත්.. (නි)
ද්විත්ව පුරවැසිභාවය දෙනවිට රටේ ආරස්ෂාවත් බලන්න ඕනෑ. නැත්නම් මේ මගින් මොන දේවල් කෙරෙයිද දන්නේ නැහැ. (නි)
ලංකාවේ ගෞරවය විනාශ කරන්නේ විදේශෙගත ශ්‍රී ලාංකිකයන්ට වඩා ලංකාවේ ඉන්න ප්‍රාදේශීය දේශපාලකයන් (නි)
අපිටත් දැනගන්න එක්ක කියන්නකෝ මොකක්ද ඔය සංශෝදන දෙක කියලා (නි)
දම්. ඔබේ කියමන මම 100 % අනුමත කරනවා. මෙයාලගේ කඹ ඇදිල්ල නිසා අපි පසුතැවෙනවා. අපි අපේ රටට ආදරය නිසා තමයි ද්විත්ව පුරවැසිකම ගන්න හදන්නේ. (නි)
දෙපාර්තමේන්තු අතර කඹ ඇදිල්ල නුපුරුදු දෙයක් නෙමෙයි. ඒවා වළක්වන්න දෙපාර්තමේන්තුවලට ඉහළින් අමාත්‍යංශ කියලා ජාතියක් හදලා තියෙන බව ආගමන විගමන අය නොදන්නවා වෙන්න බැහැ. බෝලෙ ආපහු එනකල් බලාගෙන හිටියොත් නම් ලංකාවේ මොකුත් කෙරෙන්නේ නැහැ. විශේෂයෙන් නීතියට සම්බන්ධ බොහොමයක් ආයතන ප්‍රමාදය ගැන වාර්තා පිහිටුවලයි තියෙන්නේ. (නි)
ඔබතුමා මේ ලංකාවේ පුරවැසිකමේ ගරුත්වය ආරක්ෂා කරන්න කියලා විදෙස්ගත ලාංකිකයන්ට කිවුවට කමක් නැහැ. හැබැයි ඒ එක්කම ඔබතුමාට සහ ඔය දෙපාර්තමේන්තුවට පැවරිලා තියෙන ජනතාව වෙනුවෙන් කරන්න ඕනෑ රාජකාරි ටිකත් වෙලාවට ඉක්මනට කරලා ඒකෙත් ගරුත්වය රකිනවා නම් තමයි හොඳ (නි)
ඇත්තටම එහෙම පරක්කුවක් තියනවා නම් වගකිවයුතු නිලධාරියා හැටියට එයාට එම තැන්වලට නියෝග කළ හැකියිනේ.අනික කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබුණා නම් මොන සංශෝධනද ? (නි)
මේක නොකරන්නේ ලංකාවට එන්න වීසා ගන්න වුවමනා කරලා එමගින් ලොකු මුදලක් හොයාගන්න පුළුවන් නිසාත් ආගම විගමන දෙපාර්තමේන්තුවේ සිදුවන යම් යම් අක්‍රමකතා වලට ඉඩ සලසා ගන්න ඕනෑ නිසාත් කියලයි මම නම් කියන්නේ. (නි)
රටක නීතියක් වෙනස් කිරිමේදී එය ක්‍රියාත්මක කරනකම් පවතින නීතිය වලංගු වීම හැම රටකම සිදුවන දෙයක්. මේ උදවිය නිසා ලංකාවට කොපමණ විදේශ මුදල් ලැබෙනවද? ආධාර ලැබෙනවද?එනිසා කරුණාකර මදිපුංචිකම් කරන්න එපා. එහෙම වුණොත් අද උතුර දෙමල අය දිනුවා වගේ ආණ්ඩුවේ වගකිවයුත්තන්හට විදේශ ගතවන්න වේවි. (නි)
වැඩේ ප්‍රමාද කරලා තව අපෙන් ගෞරවය අපේක්ෂා කරන්නේ මොන මානසිකත්වයෙන්ද?දෙපාර්තුමේන්තු අතර කඹ ඇදීම විදෙස් අපිට නොරුස්සන්නේ අපි දැනට ජීවත් වෙන රටවල මෙවැනි තත්ත්වයන් දැකිය නොහැකි නිසාය? (නි)
වෙනත් දියුණු රටක පුරවැසිභාවය ලබාගත්තු කෙනෙක් නැවතත් ලංකාවේ දිත්ත්ව පුරවැසිබව ඉල්ලන්නේ , තමන්ගේ මවු රටට තියෙන ආදරය නිසයි . නැවතත් ලංකාවට යම්කිසි සේවයක් කරන්න ඕනෑ නිසයි. තමන්ගේ ළමයින්ට ශ්‍රී ලාංකිකබව සිංහලකම සංස්කෘතිය හුරුකරන්න ඕනෑ නිසයි.රැකියා අවශ්‍යතාවය මත වෙනත් රටක පුරවැසිකම ගත්තට ලංකාවේ මිනිස්සු මේ ලක්බිමට ආදරෙයි. ඔවුන්ව රටෙන් ඈත් නොකර දිවිත්ව පුරවැසිකම ඉක්මනිනින් ලබා දෙන්න (නි)
මේක නවතා තිබෙන්නේ පිටරටවල සිටින දමිළ ජනතාව ගැන දුරදිග සිතා කියා තමයි මට හිතෙන්නේ. අනික මිලියනයකට ආසන්න ලාංකිකයන් පිටරටවල වාසය කරනවා එම රටවල පුරවැසිභාවය ලබාගෙන. මේ ද්විත්ව පුරවැසිභාවය පටන් ගත්තේ දැනට අවුරුදු 40 කට විතර පෙරයි. 2009 දක්වා අවුරුදු 35 ක් පමණ ඉතා ලිහිල්ව නීති තිබූ කාලෙදිත් ද්විත්ව පුරවැසිභාවය රැගෙන තියෙන්නේ 4000 ක් පමණි. (නි)
වෙනත් රටක පුරවැසිකම ලැබෙනවිට ලංකාවේ පුරවැසිභාවය අහිමි වෙනවා.මේක හැම රටක්ම කරන දෙයක් නෙමෙයි. කියලා වැඩක් නැහැ මානව අයිතිවාසිකම්. පස්මහ බැලුම් බැලුවේ නැතිවුණාට තම තමන්ගේ මට්ටමින් බලලා තමා ලංකාවේ ඉපදිලා තියෙන්නේ.ඉපදුන රටේ පුරවැසිකම උපතින්ම ලැබෙනවා.කාටවත් බැහැ එය අහෝසි කරන්න. (නි)
කුමාර්, මොකක්ද ඒ කතාව? (නි)
ඉන්දියාවේ නම් පිටරට ගිය මිනිස්සු ඇවිල්ලා ආයෝජනය කරනවා විශ්වාසයක් ඇතුව. ලංකාවේ කොහොම කරන්නද එන්න දෙන්නෙත් නැති කොට. (නි)
මේ මිනිස්සු අපේ රටට සම්පතක් නේ.. ඇයි රජයේ ආයතන දෙකක් කඹ අදින්නේ..? කවුද මේවට වගකිවයුත්තා.....?? (නි)
මේ ලෝකයේ මුදලින් වටිනාම පුරවැසිභාවය තියෙන්නේ මොන රටේද දන්නවද? දැන් පේනවා නේද ආසියාවේ ආශ්චර්යයේ පුරවැසිභාවයේ වටිනාකම? (නි)
අපේ ගෞරවය අපි ආරක්ෂා කරගෙන තමයි මේ රටවල ජීවත් වෙන්නේ . විගමන පාලක අපට ගෞරවය උගන්නන්න කලින් එයාගේ වැඩ වෙලාවට කරලා එයාගේ ගෞරවය රැකගත්තොත් හොඳයි. (ස)
ඕක ඉක්මනට දෙන්න. (නි)
දම් මහතාගේ කතාව මම අගය කරමි. ඕක තමා ඇත්ත (නි)
ලංකාවට සේවයක් කිරීමට හෝ මුදල් ආයෝජනය කර ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගැනීමට ද්විත්ව පුරවැසිභාවය නැති වුණාට කමක් නැත. මොකද බොහෝ විදේශිකයන් දැනටම ලංකාවේ ආයෝජනය කර තිබෙන්නේ ඔවුනට ලංකාවේ පුරවැසිබාවයක් නොමැතිවය. (නි)
ලංකාවේ උගත්තු පිටරටවල යනවා. මෙහෙ හොදට ඉගෙන ගත්ත දරුවෝ ලංකාවට සේවය ලබාදෙන්න බලාගෙන ඉන්නවා. එත් හුගක් අයට පුරවැසි කම බලපානවා. විදේශිකයෝ ලංකාවට ගිහින් රටවල් දෙකේම පුරවැසි කම තියාගෙන් ලංකාවට අපහස කරනවා. (දී)
වැඩේ ප්‍රමාද කරලා තව අපෙන් ගෞරවය අපේක්ෂා කරන්නේ මොන මනසිකත්වයෙන්ද?ඔබේ දෙපාර්තුමේන්තු අතර කඹ ඇදීම විදෙස් අපිට නොරුස්සනේ අපි දැනට ජීවත් වෙන රටවල මෙවැනි හරකුන් දැකිය හැකි නැති නිසාය? (ස)
ලංකාවේ ඉන්න ලොකු ලොකු කට්ටියත් පුරවැසිකමේ ගෞරවය ආරක්ෂා කරන්නේ නැතුව පිට රට ජීවත්වෙන අයට ඕක කියලා වැඩක් තියේද? මොකද අපේ සමහර බබාලට ප්ලේන් වල යන්නත් දැනුමක් නැහැනේ? (නි)
මේක නතර කළේ 2010දී.තාම අලුත් ක්‍රමය හදලා නැහැ.පැවතුන ක්‍රමය නතර නොකර අලුත් එක හදලා සම්පුර්ණ වුණාට පසු ක්‍රියාත්මක කරන්නයි තිබුනේ. (නි)
ද්විත්ව පුරවැසි භාවය දැන් ක්‍රියාන්විතයි. සුදුසුකම් සපුරන අයට මෙය ලංකාවෙන් ලබාගත හැකියි. මම ද්විත්ව පුරවැසි භාවය ලබාගත්තේ පසුගිය අගෝස්තු මාසයේ ලංකාවේදී. කොටි ත්‍රස්තයන් වෙනුවෙන් කෑ ගහපු අයට නම් 'සොරිම' තමයි. (ස)
මේ අයගේ චෝදනා කරගැනිල්ලයි කඹ ඇදිල්ලයි දැන් වසර දෙකහමාරක් තුනක් පමණ ඉදල සිදුවෙන දෙයක්. එකම රටක එකම රජයක රාජ්‍ය ආයතන දෙකකට අවරුදු 3ක් ගියත් කුඩා සංශෝදනයක් කරගන්න බැහැ අව්ලක් ඇතිකරගන්නේ නැතුව. මේ දෙගොල්ලන්වම වහාම සේවයෙන් දොට්ට දම නඩු පැවරිය යුතුයි. මේ ගැන වහාම පරීක්ෂණයක් තබන්න ඕන. මේ වැඩ නිසා දිනෙන් දින රටට අහිමි වන මානව සම්පත බුද්ධි ගලනය රදවා ගන්න අපට වසර ගණනක් තිස්සේ නොහැකි වුනා. (නදී)
පෙර ක්‍රමයේදී ද්විත්ව පුරවැසි බව ගන්න ක්‍රම දෙකක් තිබුනා. නැතිවූ ලාංකික පුරවැසිබව ලබා ගැනීම සහ පුරවැසිකම නැතිනොකර දිගටම පවත්වාගෙන යාම නම් ක්‍රම දෙකයි. (නි)