කැලණිය ප්‍රාදේශිය සභාව අසල ඇති මාර්ගය අවුරුදු පහකින්වත් සංවර්ධනය නොකළැයි කැලණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එච්.එම්.චන්ද්‍රසේකර අද (23) ප්‍රාදේශිය සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ඇරැඹීය.
මාර්ගය සංවර්ධනය කිරීම ගැන විටින් විට නිලධාරින් දැනුම්වත් කළත් මෙතෙක් නිසි පිළිතුරක් නොලැබුන බවද ඔහු කීවේය.
කැලණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා එම ස්ථානයට පැමිණ දෙසැම්බර් 31ට පෙර මර්ගය සංවර්ධනය කරන බවට පොරොන්දු වීමෙන් පසු සත්‍යග්‍රහය නැවැත්විය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර හදන්න ප්‍රා සභාපති පොරොන්දු වෙයි
මහේෂ් Thursday, 23 October 2014 09:21 AM
බලමු දෙසැම්බර් වෙන්න කලින් පාර හදලා දෙයිද කියලා.(හේ)
ප්‍රේමරත්න Friday, 24 October 2014 05:23 PM
අපිටත් ඕනේ ඔය වගේ වැඩ තමයි. අපිත් එනවනේ කිවා නම්. (නදී)
ධම්ම Thursday, 23 October 2014 04:59 AM
සභාපතිතුමා උදේ හවස යන එන, එතුමාගේ කාර්යාලයටත් පෙනෙන පාර අලුත්වැඩියා කරන්නත් සත්‍යග්‍රහ කරන්න වෙලානේ! (නි)
මොහොමඩ් හසාර් Thursday, 23 October 2014 05:17 AM
කැළණියේ සංවිධායක කවුද කියලා පක්ෂය නිවේදනය නොකරනවා නම් නොදුරේම මමත් උපවාසයක් පටන් ගන්නවා (නදී)
කොඩිතුවක්කු Thursday, 23 October 2014 05:22 AM
නියමයි මන්ත්‍රීතුමා ... වේලාවෙන් වැඩගන්න, අනිත් ඒවාත් මේවගේ අනිත් කට්ටියටත් කියලා කරගෙන රට හදන්න. ඔබට ජයවේවා චන්ද්‍රසේකර මැතිතුමා.(හේ)
ගාමිණි Thursday, 23 October 2014 05:30 AM
අන්න එහෙම තමයි දෙපැත්තම වැඩ කරන්න ඕනා. මී ප්‍රවනතාවය රට වටා ගොඩ නැගුවොත් හොඳයි.(හේ්)
සමාධි Thursday, 23 October 2014 05:32 AM
අපේ ගැටළුවලට මෙහෙමවත් මුල් වෙන්න අයෙක් ඉන්න ඕනේ.(හේ)
ලසන්ත Thursday, 23 October 2014 05:28 PM
දැන්නම් මන්ත්‍රීතුමා ගැන රටම දන්නවා (නි)
හෂාන් Thursday, 23 October 2014 05:54 PM
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
උපාලි Thursday, 23 October 2014 06:13 AM
අපි අහලා තියෙන්නේ ප්‍රසන්න රණවීර සභාපති තුමා වැඩ කරන කෙනෙක් කියලයි. සත්‍යග්‍රහ කරන්න කලින් එතුමාට කිව්වේ නැද්ද? (හේ)
රූපවති Thursday, 23 October 2014 06:25 AM
මේ මිනිසුන් ප්‍රසිද්ධ වෙන්න කරන දේවල්.(හේ)
අසංග Thursday, 23 October 2014 07:40 AM
ඇත්තටම මේ අය ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ(දිල්)