කැලණිය ප්‍රාදේශිය සභාව අසල ඇති මාර්ගය අවුරුදු පහකින්වත් සංවර්ධනය නොකළැයි කැලණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එච්.එම්.චන්ද්‍රසේකර අද (23) ප්‍රාදේශිය සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ඇරැඹීය.
මාර්ගය සංවර්ධනය කිරීම ගැන විටින් විට නිලධාරින් දැනුම්වත් කළත් මෙතෙක් නිසි පිළිතුරක් නොලැබුන බවද ඔහු කීවේය.
කැලණිය ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා එම ස්ථානයට පැමිණ දෙසැම්බර් 31ට පෙර මර්ගය සංවර්ධනය කරන බවට පොරොන්දු වීමෙන් පසු සත්‍යග්‍රහය නැවැත්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු දෙසැම්බර් වෙන්න කලින් පාර හදලා දෙයිද කියලා.(හේ)
අපිටත් ඕනේ ඔය වගේ වැඩ තමයි. අපිත් එනවනේ කිවා නම්. (නදී)
සභාපතිතුමා උදේ හවස යන එන, එතුමාගේ කාර්යාලයටත් පෙනෙන පාර අලුත්වැඩියා කරන්නත් සත්‍යග්‍රහ කරන්න වෙලානේ! (නි)
කැළණියේ සංවිධායක කවුද කියලා පක්ෂය නිවේදනය නොකරනවා නම් නොදුරේම මමත් උපවාසයක් පටන් ගන්නවා (නදී)
නියමයි මන්ත්‍රීතුමා ... වේලාවෙන් වැඩගන්න, අනිත් ඒවාත් මේවගේ අනිත් කට්ටියටත් කියලා කරගෙන රට හදන්න. ඔබට ජයවේවා චන්ද්‍රසේකර මැතිතුමා.(හේ)
අන්න එහෙම තමයි දෙපැත්තම වැඩ කරන්න ඕනා. මී ප්‍රවනතාවය රට වටා ගොඩ නැගුවොත් හොඳයි.(හේ්)
අපේ ගැටළුවලට මෙහෙමවත් මුල් වෙන්න අයෙක් ඉන්න ඕනේ.(හේ)
දැන්නම් මන්ත්‍රීතුමා ගැන රටම දන්නවා (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
අපි අහලා තියෙන්නේ ප්‍රසන්න රණවීර සභාපති තුමා වැඩ කරන කෙනෙක් කියලයි. සත්‍යග්‍රහ කරන්න කලින් එතුමාට කිව්වේ නැද්ද? (හේ)
මේ මිනිසුන් ප්‍රසිද්ධ වෙන්න කරන දේවල්.(හේ)
ඇත්තටම මේ අය ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ(දිල්)