( දොඩන්දූව - සංඛ විජේසූරිය ) - රත්ගම - දොඩන්ගොඩ මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එහි පළමු අදියර ආරම්භ විය. මේ යටතේ රත්ගම සිට දෙහිගස්හංදිය දක්වා කිලෝ මීටර් දෙකක ප්‍රමාණයක මාර්ගය දෙපස ගොඩනැගිලි කඩා ඉවත්කර කාපට් අතුරා සකස් කිරීමට නියමිතය.
කැඩූ ගොඩනැගිලි යළි සාදා දීමට රුපියල් කෝටි එකහමාරක් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන්ද, මාර්ගය නවීකරණයට රුපියල් හාර කෝටි හතලිස් ලක්ෂයක් සහ කාපට් ඇතිරීමට රුපියල් කෝටි තුනක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් ද ලබාදී තිබේ.
මේ අනුව මෙම පළමු අදියර සදහා රුපියල් කෝටි අටහමාරක් වැය කෙරෙනු ඇත. මෙම මාර්ගය දෙපස දේපල අහිමිවන්නන් ස්වේච්ඡාවෙන්ම වන්දියක් ලබා නොගෙන ඒවා කැඩීමට අවසර දී තිබේ. එම කැඩෙන දේපළ සාදා දීමට පමණක් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර හදන්න පදිංචි කරුවෝ ආදර්ශයක් දෙති
අනිල් Friday, 11 October 2013 06:02 AM
රත්ගම ඉතින් වැඩක් කලොත් ඒක රටටම ආදර්ශයක් තමා. රොටී තම්බුවෙත් රත්ගම හන්දියේ මහපාරේ තමා (අ)
බන්ටු Sunday, 13 October 2013 06:38 AM
හිත හොඳ මිනිස්සු. (නි).
ගජමුතු Saturday, 12 October 2013 08:18 AM
මේ ආකාරයෙන්ම ඇළ රක්ෂිතයත් සුද්ද කළොත් හොද නේද? (නි)
රජු තෙල්වත්ත Wednesday, 09 October 2013 11:42 PM
මනෝජ් මල්ලි ලොකු කාලයකට පස්සෙනේ දැක්කේ (නි)
ලලිත් Sunday, 13 October 2013 10:28 AM
හොද වැඩක් කරන්න(දිල්)
චන්දි Thursday, 10 October 2013 11:07 AM
දකුණු ලකේ අග නඝරේ ගාලු පුරේ සිරි.. කෙසේ බලම්දෝ ගාලු පුරේ යමාන්දෝ .''.හිත හොද මිනිස්සු අපි '' නේද (දී)
ආරියසේන Thursday, 10 October 2013 06:55 AM
මේක හොඳ ආරම්භයක්,ආදර්ශයක්. හැම දෙයකටම බෝඩ් ලෑලි අරගෙන පාරවල් අවහිර කරලා ජන ජීවිතයට බාධාවක් වන ලෙසට හැසිරෙන අයට. (නි)
කුමාරි Friday, 11 October 2013 05:16 PM
ඇත්තටම රටටම හොද ආදර්ශයක්. මේවා රූපවාහිනී නාලිකා වලිනුත් පෙන්වන්න නොතේරන මිනිස්සුන්ට අවබෝධ කරගන්න. (නි)
ශශීමාල් Friday, 11 October 2013 11:23 AM
ඉතා හොද ආදර්ශයක්. (නි)