
(අංජුල මහික වීරරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)
ගංවතුරින් හානියට පත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුහුණ දුන් හදිසි ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ශිෂ්‍යයින් සහ පීඨාධිපතීන් හමු වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.
අධ්‍යයන ගොඩනැගිලි, ශිෂ්‍ය නේවාසික පහසුකම් සහ ප්‍රධාන යටිතල පහසුකම්වලට සිදු වූ හානිය පරීක්ෂා කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.
කළමනාකරණ, කෘෂිකර්මවිද්‍යා සහ පශු වෛද්‍ය පීඨවලට මෙන්ම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය, CDCE, ව්‍යායාම ශාලාව, පිහිනුම් තටාක සහ ක්‍රීඩා පිටිවලට සිදු වී ඇති හානිය පිළිබඳව මෙහිදී විශ්වවිද්‍යාල නිලධාරීහු අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළහ.්




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන දැන විනාශ වෙන්න ඉඩහැරලා අපේ බදු සල්ලි වීසි කරනවා.
ජයවේවා
හොඳ වේලාවට කැඩුනේ එහෙනම්
වැව්, ගංගා නිම්න වලින් අනවසර පදිංචි අය ඉවත් කිරීම, රක්ෂිත ඇති කිරීම, නගර අළුතෙන් සැලසුම් කිරීම, සමහර පරිසර නීති හඳුන්වා දීම වගේ සමහර අපහසු සමාජ කාරනා කිහිපයකුත් ගං වතුරින් නිරාකරණය වුණා..