පසුගිය අගෝස්තු නම වැනිදා බුලත්සිංහල දේවමිත්තාරාමය අසලදී සිදු වූ අනතුරක් වාර්ථා නොකලැයි බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති තුසිත කුලරත්නගේ කැබ්රිය අද පොලිස් අත් අඩංගුවට ගත්තේය.
විහාරස්ථානයේ බෝධි පූජාවකට ගිය ළමයෙකු කැබ්රියේ හැපුනු පසු එම අනතුර වාර්ථා නොකළැයි පොලීසිය කියයි.
පොලීසිය අධිකරණයට කරුණු දක්වා වාහනය අත්අඩංගුවට ගත්තේය.
ළමයාගේ කකුල බිදී ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නා විදියට තුසිත කුලරත්න කියන්නේ හොද සභාපති කෙනෙක්. ඔහුට ප්‍රදේශයේ මිනිස්සු ආදරෙයි. හැබැයි මේ වගේ දේවල් වලින් ඔහුගේ නමට ලොකු කැළලක් ඇතිවෙනවා. මෙහි ඇත්ත තත්වය කුමක්ද කියලා හොයන්න පොලිසියට බාරදෙමු. (නි)
රියැදුරා නෙමෙයි, වහනය වැරදියි වගේ ,අනේ මෙහෙම රටක් (නි)
ඇත්තටම මේ ලංකාවේ වුන සිද්දියක් ද පුදුමෙනුත් පුදුමයි.(නදී)
අපිට කන්න වෙනවා මේ පාරත් පස්.(නදී)
අනේ මන්දා මේ මිනිස්සු ගැන.හැබැයි ඉතින් මොනවා කලත් අපේ මිනිස්සු ගිහින් නැවත පත් කර ගන්නවානේ.
ඕක නේ අපි කියන්නේ පොලිසියට මොකක්ද වෙලා කියල. මොකටද ඔය අත් අඩංගුවට ගත්තේ. නීතිය ක්‍රියාත්මක කරන්නද? ප්‍රදෙසිය සභා පළාත් සභා මැති ඇමති වරු ඒවා වාර්තා කරන්න ඕන නැහැ. පොලිසියට තියෙන්නේ ඕන නම් ගුටිත් කළා සැලියුට් ගහන්න විතරයි. (දී)
අනේ අපේ රටට ගිය කලක්! සෑමදිනකම පුවත් පත්වල ප්‍රාදේශීය සභාවක සාමාජිකයෙකුගේ හපන්කමක් ගැන කියවන්න පුළුවන්. නැහැ (නි)
අශ්චර්වයේ සැප වහනෙන් පේනවා මරපල්ලා අපි ඔක්කොම යට කරලා (අ)
නීතියේ පිහිට තමයි (දී)
මම හිතුවා ඒත් බාල අපචාරයක් කියලා (නි)
ඊට පස්සේ මොකද වෙන්නේ
මෙහෙමත් මිනිස්සු! (නි)
රියැදුරාව නොවේද අත්අඩංගුවට ගත්තේ? (නි)
වාහනය විතරක් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ රියදුරු නැතුවද වාහනය පාරේ ගිහින් තියෙන්නේ? හරි අපුරු සොයාගැනීමක් පොලිසියේ (නි)
පොලිසිය කොයිතරම් නිර්භීත වැඩක්ද කරලා තියෙන්නේ?දැන් ඉතින් කැබ් රිය රිමාන්ඩ් කරයිද? මං මේ දන්නේ නැති හින්දයි අහන්නේ. (නි)