ගාල්ල වක්වැල්ලේ සිට ගිං ගඟේ ගංවතුර බාධකය මතින් තෙලිකඩ, පෝද්දල හා බද්දේගම දෙසට දිවෙන මාර්ගය පිළිසකර කැර දෙන ලෙස ඉල්ලා ගෝනපුර ගම්වැසියෝ අද ඒ මාර්ගය හරස්කරමින් පැය එකහමාරක පමණ කාලයක් විරෝධතාවක නිරත වූහ. මාර්ගයේ ජලය පිරුණු වළවල් හේතුවෙන් ගමනා ගමනය අනාරක්ෂිත බවත් බස් රථ වළක වැටී ප්‍රපාතයට පෙරළී යා හැකි බවත් ගැමියෝ කියති. කලකට ඉහත ශ්‍රී ලංකාවේ දිගම පාලම ලෙස හැඳින්වූ වක්වැල්ල පාලම ද මේ මාර්ගයේ ගිං ගඟ හරහා පිහිටා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගම බදුල්ලේ දිස්ත්‍රික්කයේ වුනානම්? (නදී)
මම මීට අවුරුදු 35 කට කලින් මගේ බාල කාලය අම්මලා ගේ බද්දේගම මහ ගෙදර ගෙව්වා. ඒ කාලයේත් මේ පාරවල් මේ වගේ බව හොඳට මතකයි. ගංවතුර කාලෙට අපි මේ පාර අවට ඔරු පදින්න මාමලා එක්ක යනවා. කියන්න කනගාටුයි අපේ කෙස් සුදු වුනාට පස්සෙත් පාර එහෙමමයි . (නදී)
නගරයේ විතරක් නොවේ, ගම්බද පාරවල්ද හදා ජනතාවට පහසුකම් සලසා දෙන්න ඕනෑ. බදුල්ලෙත් අපේ ගමට යන පාර අවරුදු ගණනාවක් තිස්සේ අබලන් වෙලා තිබුනා. මට මතකයි දවසක් යනවිට ගම්මුන් පාර මැද කෙසෙල් ගසක් හිටවලා තිබුනා. (නි)
ඔය එක පාරක් නෙමෙයිනේ පාර මැද වලවල් තියන. රටේ අස්සක් මුල්ලක් නැර බැලුවොත් ඔය වගේ දහස් ගානක් හොයාගත හැකියි. (නදී)
ලස්සන අදි වේගී මාර්ගයක්නේ. රටේම මාර්ග වල තත්වය ඕක තමයි. (නදී)
අඩියකට ලක්ෂ 22 ගානේ කොටි ප්‍රකෝටි ගණනින් ගසා කන්න පුලුවන් නම් ඔය පාරත් කාපට් පාරක් වෙලා ඉවරයි. (නදී)
ඉසුරන්දි, වළවල් තියෙන පාරවල් ඕනෑ තරම් තියෙනවා. ඒත් මේ පාර තිබෙන්නේ ගඟේ බන්ට් එක උඩින්. දෙපැත්තටම බෑවුම.වාහනයක් අයිනට කරන්න ඉඩ නැහැ. (නි)
මොකෝ ජීවත් වීමේ ආසාව ඉවර කරගෙනද පාරවල් වහගෙන උද්ඝෝෂණ කරන්නේ. අනේ අම්මපා තවම මතක නැහැනේ වැලිවේරියේ පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු අසරණ මිනිසුන්ට බුලට් එකෙන් විසදුම දුන්න හැටි. (නදී)
කන්න නැති වුනත්, බොන්න නැති වුනත්, අදින්න නැති වුනත් ඡන්දයක් තියන්නකෝ බලන්න. කට්ටිය උදෙන්ම ගිහින් කතිරේ ගහලා නැවත පත් කර ගන්නවා බලන්න. අපිට ලේ දෙන්න පුළුවන්. එ්ත් මොලේ දෙන්න බැහැනේ. (නදී)
ඕන අනිවාර්යයෙන්ම කෙරෙනවා, මට විශ්වාසයි (නි)