අවිස්සාවේල්ල රත්නපුර මාර්ගයේ අද (13) අලුයම 1ට පමණ මාර්ගය අසල රැඳී සිටියදී ත්‍රි රෝද රියකින් ලුහු බැඳ ගිය බව කියන දැරියන් දෙදෙනකු (19 හා 15) අසල මව්පියනට බාර දුන් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
ත්‍රී රෝද රියෙන් ලුහුබඳින්නන්ගෙන් බේරීමට ඔවුන් අසල ගෙයකට දුවගොස් ඇතැයි ද ගෙහිමියන් හා පොලිසිය එක්ව ඔවුන් බේරාගෙන ඇතැයිද කියති.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරේ සිටි කෙල්ලන් දෙන්නා බේරා ගැනෙති
අයිකේඑස් චන්ද්‍රසිරි Wednesday, 13 January 2016 05:39 AM
සමහර ළමයි ගාමන්ට් වල වැඩකරලා දැන් දවස් දෙක නිවාඩුවට මහරෑම ගෙදර එනවා. දුප්පත්කම නිසා තමයි සේරම (බ)
තිළිණ එදිරිසිංහ Wednesday, 13 January 2016 06:02 AM
පොලීසියෙනුත් බේරුණු එක ලොකු දෙයක්. (බ)
ජයලත් Wednesday, 13 January 2016 06:11 AM
අවුරුදු 15 ක ගැහැණු දරුවෝ ගාමන්ට් යනවද මේ ළමයින්ගේ දෙමව්පියන්ට දඬුවම් දෙන්න ඕන ඔක්කොටම ඉස්සර (බ)
සමීර Wednesday, 13 January 2016 06:06 AM
ඇයි සුමිත් මහත්මය පාන්දර එක කියන්නේ ගෑණු ළමයින්ට තහනම් වේලාවක්ද ඒක නෙමෙයි ප්‍රශ්නේ එවෙලාවට තියා මහදවාලේ වත් අපේ මේ මහලොකු සාරධර්ම තියනව කියන රටේ පාරක යන්න බැරිකම (බ)
නොයෙල් Wednesday, 13 January 2016 06:32 PM
අපි හරියටම දන්නෙ නැහැනේ හේතුව? (නි)
දමිත් කස්තුරි Wednesday, 13 January 2016 07:31 AM
මේකත් පුදුම සමාජයක් තමයි . ඇත්තටම කියනවනම් කෙල්ලෝ දෙන්නෙක් මේ වෙලවට පාරට යවපු දෙමව්පියන් ගැන මිට වැඩ හොයන්ඩ ඕනේ නේද? (ම)
සුජිත් Wednesday, 13 January 2016 07:35 AM
සුමිත් මහත්මය හරියටම හරි,මහා ලොකු සාරධර්ම .මහා දවල් වත් වයසක අම්මා කෙනෙකුටවත් බේරිලා එන්න අමාරු රටක් මේ. (බ)
මහසෙන් Wednesday, 13 January 2016 10:25 PM
මම නම් කැමති මේ අදහස් කියවන්න (නි)
නිලන්ති Wednesday, 13 January 2016 08:12 AM
සමීර, ඔයාවත්, ඔයාගේ ගෙදර බවලත් කෙනෙක්වත් පාන්දර 1 ට පාරේ යනවද? එහෙම නැත්නම් යනවට කැමතිද? (නි)
ෂෙල්ටන් Wednesday, 13 January 2016 08:15 AM
මාර අදහස් දමන්නේ....(බ)
ජයශ්‍රී Wednesday, 13 January 2016 08:16 AM
ඔයාල රණ්ඩු වෙලා වැඩක් නැහැ. මේ ලිපිය සම්පුර්ණ නැහැ. (බ)
ඉමේෂ් Wednesday, 13 January 2016 08:25 AM
ඕවා ඔහොම තමයි. ලෝකෙන් උතුම් රට නේ. පින්කෙත (බ)
ගුණවර්ධන Wednesday, 13 January 2016 08:28 AM
ප්‍රතිචාර දක්වන මිනිස්සු හරියට පිට රටවල් වලින් ඇවිල්ල වගේ .......(බ)
අසාද් Wednesday, 13 January 2016 08:30 AM
රටේ පවතින තත්වය දන්නා හැම කෙනාම තමන්ගේ දරුවන් පරිස්සම් කරගන්න.දැන් කාලේ කෙල්ලන් කෙසේ වෙතත් කොල්ලෙකුටවත් තනියෙන් පාරේ යන්න බැහැ (බ)
ප්‍රභාත් Wednesday, 13 January 2016 08:38 AM
රටේ නීතිය තර කරන්න, මේ වගේ දේවල් නොවෙන්න.(ම)
අබේරත්න Wednesday, 13 January 2016 10:33 AM
අවේලාවේ වීථි සංචාරය ගැන සිඟාලෝවාද සුත්‍රයේ සඳහන්වෙනවා . උගත්කම කියන්නේ පාසල් අධ්‍යාපනයම නොවෙයි. බුදුදහම උගතා බිය සැක නැතුව ජීවත් වෙනවා (බ)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 13 January 2016 10:42 AM
ඔය කෙල්ලෝ දෙන්නා මේ මහා රෑ පාරේ ගියේ ගෙදර කවුරුහරි අසනීපවෙලා හිටපු නිසා ගමේ වෙද මහත්තය එක්ක එන්න වෙන්න බැරිද ? ඒ වුනාට කොහොමද පොලිසිය නියම වෙලාවට නියම තැනටම පහත් වුනේ ? (බ)
සුමිත් Wednesday, 13 January 2016 05:16 AM
පාන්දර 1 ට කෙල්ලෝ දෙන්නෙක් මහා පාරේ මොනවා කළාද? අනතුරු වලට බය නැති කෙල්ලෝ දෙන්නෙක් වගේ (නි)