අවිස්සාවේල්ල රත්නපුර මාර්ගයේ අද (13) අලුයම 1ට පමණ මාර්ගය අසල රැඳී සිටියදී ත්‍රි රෝද රියකින් ලුහු බැඳ ගිය බව කියන දැරියන් දෙදෙනකු (19 හා 15) අසල මව්පියනට බාර දුන් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.
ත්‍රී රෝද රියෙන් ලුහුබඳින්නන්ගෙන් බේරීමට ඔවුන් අසල ගෙයකට දුවගොස් ඇතැයි ද ගෙහිමියන් හා පොලිසිය එක්ව ඔවුන් බේරාගෙන ඇතැයිද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ළමයි ගාමන්ට් වල වැඩකරලා දැන් දවස් දෙක නිවාඩුවට මහරෑම ගෙදර එනවා. දුප්පත්කම නිසා තමයි සේරම (බ)
පොලීසියෙනුත් බේරුණු එක ලොකු දෙයක්. (බ)
අවුරුදු 15 ක ගැහැණු දරුවෝ ගාමන්ට් යනවද මේ ළමයින්ගේ දෙමව්පියන්ට දඬුවම් දෙන්න ඕන ඔක්කොටම ඉස්සර (බ)
ඇයි සුමිත් මහත්මය පාන්දර එක කියන්නේ ගෑණු ළමයින්ට තහනම් වේලාවක්ද ඒක නෙමෙයි ප්‍රශ්නේ එවෙලාවට තියා මහදවාලේ වත් අපේ මේ මහලොකු සාරධර්ම තියනව කියන රටේ පාරක යන්න බැරිකම (බ)
අපි හරියටම දන්නෙ නැහැනේ හේතුව? (නි)
මේකත් පුදුම සමාජයක් තමයි . ඇත්තටම කියනවනම් කෙල්ලෝ දෙන්නෙක් මේ වෙලවට පාරට යවපු දෙමව්පියන් ගැන මිට වැඩ හොයන්ඩ ඕනේ නේද? (ම)
සුමිත් මහත්මය හරියටම හරි,මහා ලොකු සාරධර්ම .මහා දවල් වත් වයසක අම්මා කෙනෙකුටවත් බේරිලා එන්න අමාරු රටක් මේ. (බ)
මම නම් කැමති මේ අදහස් කියවන්න (නි)
සමීර, ඔයාවත්, ඔයාගේ ගෙදර බවලත් කෙනෙක්වත් පාන්දර 1 ට පාරේ යනවද? එහෙම නැත්නම් යනවට කැමතිද? (නි)
මාර අදහස් දමන්නේ....(බ)
ඔයාල රණ්ඩු වෙලා වැඩක් නැහැ. මේ ලිපිය සම්පුර්ණ නැහැ. (බ)
ඕවා ඔහොම තමයි. ලෝකෙන් උතුම් රට නේ. පින්කෙත (බ)
ප්‍රතිචාර දක්වන මිනිස්සු හරියට පිට රටවල් වලින් ඇවිල්ල වගේ .......(බ)
රටේ පවතින තත්වය දන්නා හැම කෙනාම තමන්ගේ දරුවන් පරිස්සම් කරගන්න.දැන් කාලේ කෙල්ලන් කෙසේ වෙතත් කොල්ලෙකුටවත් තනියෙන් පාරේ යන්න බැහැ (බ)
රටේ නීතිය තර කරන්න, මේ වගේ දේවල් නොවෙන්න.(ම)
අවේලාවේ වීථි සංචාරය ගැන සිඟාලෝවාද සුත්‍රයේ සඳහන්වෙනවා . උගත්කම කියන්නේ පාසල් අධ්‍යාපනයම නොවෙයි. බුදුදහම උගතා බිය සැක නැතුව ජීවත් වෙනවා (බ)
ඔය කෙල්ලෝ දෙන්නා මේ මහා රෑ පාරේ ගියේ ගෙදර කවුරුහරි අසනීපවෙලා හිටපු නිසා ගමේ වෙද මහත්තය එක්ක එන්න වෙන්න බැරිද ? ඒ වුනාට කොහොමද පොලිසිය නියම වෙලාවට නියම තැනටම පහත් වුනේ ? (බ)
පාන්දර 1 ට කෙල්ලෝ දෙන්නෙක් මහා පාරේ මොනවා කළාද? අනතුරු වලට බය නැති කෙල්ලෝ දෙන්නෙක් වගේ (නි)