අක්කරපත්තු ධීවරයෝ අද (09) වාර්තාගත පරා මාළු තොගයක් අල්ලා ගත්හ.
එක් මාළුවකුගේ බර කිලෝ හයක් පමණ වේ.
මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙතියි කියති.
මෙම මාළු කොළඹ, මහනුවර, නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, කෑගල්ල වැනි නගර වලට යෑවීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර හොද මාළු අස්වැන්නක්.(හේ)
මෙච්චර මාළු දැක්ක ගමන් සමහරවිට, සතුන් මැරීම ගැන මහා විරෝධයක් එන්න පුළුවන්, නැත්තන් ඉඳල හිටලා එකෙක් දෙන්නෙක් අහුඋනාට පව් වගේ පේන එකක් නෑ. (නදී)
ලෝකේ වැඩියෙන්ම දුක් විදලා මැරෙන සතා තමා මේ අහිංසකයා. කාටද කරදර යාලුවනේ. මේවා ප්‍රදර්ශනය කරන එකයි වරද (නදී)
ලංකාවේ කොච්චර මාලු ලාබ උනත් වත්තල මාබෝලේ මාලු ලෑල්ලේ මිළ නම් හෙල්ලෙන්නේ නැහැ කවදාවත් (නදී)
ඒ දවස්වල සුනාමිය එන්න කලිනුත් ගොඩක් මාළු අහුවුණාලු. ඒක ඇත්තද? කෝකටත් ප්‍රවේශමෙන්. (නි)
ඇයි මාලුවල වැලි කවලම් කරලා ඇතිලියේ වැලි කවලම් කරන්නේ ? (නදී)
අනේ හොඳයි. මේ මිනිසුන්ට සෑහෙන සතුටක් ඇති (නි)
හරක් මරණ එක නවත්වනකොට දැන් මාළු අල්ලන්න පටන් අරන්. කෝ අර සංවිදාන. අහිංසක සත්තු නේ මේ මැරෙන්නේ ? (නදී)
අනේ මන්දා අපේ මිනිස්සු මොන මොන පැතිවලින් හිතනවද කියලා. එහෙනම් ඉතින් ධීවර කර්මාන්තය තහනම් කරන්න ඕනේ අපේ රටේ. (නදී)
මෙව්වා හොඳ නැද්ද ? (නදී)
ඡන්දෙත් ළඟ කාලේ ලැබුණ වාසනාවක්! (නි)
දැන් අපේ මාළු යුරෝපයෙනුත් ගන්නේ නැති ඒකේ.අපේ රටේම වික්කා නම් මොකද වෙන්නේ.(හේ)
මේක නම් වාසනාවක් (නි)
මෙච්චර මාළු හම්බවෙලත් ඇයි මාළු ගණන්.(හේ)
ඉතින් ප්‍රිශාන් ගරු කටයුතු උත්තම සේවාවක් කරන නඩුකාර උන්නාන්සේටත් මිනිස්සු කතාකරන්නේ නඩු කාරය කියලනේ ?ඕක මිනිස්සු උපහාසෙට කියන එකක් නෙවේ මිනිස්සුන්ගේ භාෂාව හසුරවන අකරයෙයි ගැටලුව තියෙන්නේ?සර් කාරයා ප්‍රින්සිපල් කාරයා බස්කාරය කාර් කාරය බයිසිකල් කාරයා ඇවිල්ල හැප්පුවනේ මගේ ඇගේ කියලනේ කියන්නේ (බ)
සමහර අය කියනවා මේ මාලු පවු අනේ දස වද දෙනවා අහිංසක සත්තු අරකයි මේකයි කියා. ඒ කියන අයට මාළු කන්න හොඳයි. ඒ මාළු මැරෙනවා දැක්කහම තමා පින් පවු මතක් වෙන්නේ. (නදී)
සත්‍යපාල, මොනයම් හේතුවක් නිසා හෝ "සුරංගනීට මාළු ගෙනාවා" තමයි තවමත් විදේශිකයින් අතර ජනප්‍රියම සිංහල ගීතය. (නි)
ඉසුරන්දි - දෝහා, ඕවා ගණන් ගන්න එපා සමහරු අදහස් ලියන්නේ හරියට "කොහෙද යන්නේ මල්ලේ පොල්" වගේ. මොනවා හරි ලියන්න ඕනේ නිසා ඔහේ ලියනවා. (නදී)
"එක් මාළුවකුගේ බර කිලෝ හයක් පමණ වේ. මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වෙතියි කියති". මාළු බද්දක් අාව කියල අපිට නම් කුණු කුණු ගාන්න එපා හොඳද. (නදී)
ඉසුරන්දිගේ කතාවත් සමග මමත් එකග වෙනවා. අපිව වතුරේ ගිල්ලලා විනාඩියක් තිබ්බොත් කොච්චර වදයක් වේදනාවක් දැනෙනවද? මාලුවෙක් වතුරෙන් ගොඩට ගත්තහම ඒ හා සමාන වේදනාවක් මරණය දක්වාම විඳිනවා. කකුළුවෝ වගේ සත්තු පන පිටින් නටන වතුරකට දානවා. අපිට මෙහෙම කලොත් කොච්චර වේදනාවක් ඒවිද? මත්ශ්‍ය කර්මාන්ත අපේ වගේ බෞද්ධයන් විශාල පිරිසක් ඉන්න රටක තහනම් කරලා ආදර්ශයක් දුන්නොත් වැරැද්දක් නැහැ කියල මමත් හිතනවා (නදී)
ටිකිරි බණ්ඩාට බය වෙන්න වෙන්නේ මී හරක්ට බද්දක් දැම්මොත් තමයි. බය වෙන්න එපා ඔබ තුමාගේ ආණ්ඩුව එනකම් එහෙම වෙන්නේ නැහැ. (නදී)
කින් බෙනට්ගේ අදහස කියෙව්වහම හිතෙනවා කොච්චර මෝඩද කියලා? එළවලු වලයි ප්‍රාණියෙකුගෙයි වෙනස අඳුරගන්නත් බැහැ (නි)
මාළුවෙක් වතුරෙන් උඩට ගත්තහම දඟලන්නේ මොනතරම් වේදනාවෙන්ද? (නි)
අපේ තරුණ පරපුරේ බොහෝ දෙනෙක් මස් මාළු වලින් වැළකී සිටීමේ හොඳ ප්‍රවණතාවක් තිබෙනවා. ඇතැම් අය පාපය පාපයක් විදිහට නොදැක මිත්‍යාදෘෂ්ටියෙහි එල්බ සිටිනවා. "පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි" කියලා අපි පරම්පරා ගානක් උදේ හවස කියූ ජාතියක්. මේ මත්ස්‍ය කර්මාන්තය රටේ ව්‍යාප්ත වුණේ පරදේශක්කාරයෝ අපේ රට ආක්‍රමණය කිරීමෙන් පසුවයි (නි)
ඇතැම් අයගේ ප්‍රතිචාර දැක්කහම හිතෙනවා පන්සලක් පැත්ත පළාතේ යන්නේ නැති මිනිස්සුත් කොච්චර අපි අතර ඉන්නවද කියලා. (නි)
මේවා මීගමු ගෙනගොස් කරවල කරමුද? (නි)
ගොන් හරක් වගේ ප්‍රතිචාර දාන්න එපා. මෙහෙම හැමදාම මේ මිනිසුන්ට මාළු අහුවෙන්නේ නැහැ. මේ මින්ස්සු බොහොම දුක් මහන්සි වෙලා තමයි ජීවිතය ගැට ගහ ගන්නේ. නිකන් මෝඩ ප්‍රතිචාර දාන්න එපා. මේක නවත්තන්න කියලා. (නදී)
සත්තු මරන අය යළි යළිත් මේ ආකාරයෙන් දුක්විඳලා මරුමුවට පත්වෙනවා. අපිට මේ අය යහපත් මාර්ගයට අරගෙන වෙනත් කර්මාන්තයකට පුරුදු කරන්න පුළුවන් නම් හොඳයි (නි)
අනේ මන්ද පවු වැඩකට කොහොමද මිලක් දෙන්නේ.(හේ)
කොහේ මාළු ලාබ උනත් පානදුර නගරයේ මාකට් එකේ මාළු වෙළද සලේ කවමදාවත් මිල බහින්නේ නැහැ. එ්කට හේතුව තිබෙන මාෆියාව කිසිම ප්‍රමිතිකුත් නැහැ (නදී)
ඔබගේ ජීවිතය ජයගන්න මෙයම ප්‍රමාණවත් නොවුණාට මෙමඟින් ඔබට ලොකු අස්වැසිල්ලක් ලැබෙන්න ඇති (නි)
ඔබට මතකද මේ ආණ්ඩුවේ එක ඇමති කෙනෙක් කිවේ උතරු නැගෙනහිර මාළු කවුරුත් අල්ලන්නේ නැති හින්ද වයසට ගහිල්ල කියල කිව්වා. මම හිතන්නේ මේ වයසක මාළු රැලක් වෙන්න ඕනි (නදී)
ඇත්තටම සත්තු මරණ එක හොඳ වැඩක් නෙමේ (බ)
මේ යන ක්‍රමයට ඉදිරියේදි මොනවා වෙයිද දන්නෙ නැහැ.ඉවසීමෙන් ඉන්නකෝ. (නි)
එළවලු පිහියෙන් කෑලි කෑලි වලට කපනකොට එළවලු වලට කොච්චර වේදනාවක් දැනෙනවා ඇද්ද? ඒ හින්දා අපි මස් කන්න එපා , මාළු කන්න එපා කියනවා වගේම එලවලුත් කන්න එපා කියමු (නි)
ගොන් හරක් වගේ ප්‍රතිචාර දාන්න එපා (නදී)
ධීවර කර්මාන්තය කියන්නේ ගොඩක් දුප්පත් මිනිස්සු රැකියාව වශයෙන් කරන කර්මාන්තයක්. අනික ඉඳලා හිටලා මිසක් මේ වගේ හැමදාම මාළු ලැබෙන්නේ නැහැ (නි)
මෙහේමවත් මාළු ටිකක් අපේ මිනිසුන්ට ලැබෙන්නේ දෙවියන්ගේ පිහිට නිසයි.දැනටමත් චීනය සමග ගහල තිබෙන ගිවිසුම් අනුව චීන විසාල දොර යාත්‍රා 34 කින් අපේ සිංහ කොඩිය ගහගෙන අපේ රටේ දේස සිමාව තුල ඉන්න මාළු ටික අල්ල ගන්නවා.බන්දුල පෙරේරා ඒ ගැන හිතල ඔලුව පිස්ස්සු කර ගන්න ඕනේ නැහැ.උදෙන්ම ගිහින් දේශප්‍රේමින්ට කතිරේ ගහල තියෙන දෙයක් කාල බුදිය ගන්න. (බ)
ප්‍රනාන්දු.බලන්නකෝ සිද්ද වෙන්නේ මොකක්ද කියල.මේ තමයි රටේ බත් කන හරක්ට සහ නොකන හරක්ට ලැබෙන අවසානම අවස්තාව. මේ අවස්තාව රට ගැන, රටේ අනාගත දරු පරම්පරාව ගැන හිතන්න තියෙන අවසානව අවස්තාව.මේ අවස්තාව මග හරිනවා කියන්නේ........කවදාවත් සමාවක් නම් නැහැ. (බ)
අපේ රටත්,රටට අයිති මුහුදත් දෙකම විකුනම් කාල ඉවරයි.චීන දොර යාත්‍රා 34 කින් අපේ කොඩිය ගහගෙන අපේ මාළු ටික අල්ලාගෙන චීනෙට අරන් යනවා.රටේ බත් කන හරක්ට ඒ ගැන එච්චර දැනීමක් නැහැ. (බ)
සමන් සිල්වා දීවර ඇමති ඔබගේ කලාපේ නේද එතුමා බලන් ඉන්නේ යුරෝපෙට මාළු පටවන්න විතරද ?(නදී)
මේ මාළුන්ට කියන්නේ ලෙන පරා කියල. මේ හොදම පරා මාළු නෙවේ . (බ)
පානදුරේ මාළු හරිම ගණන්. වෙළඳුන්ට ඕනෑ ඕනෑ විදියට වෙළඳාම් කරන්නේ. කිසිම මිල පාලනයක් නැහැ. (නි)
කොහොම උනත් රාජිත ඇමති තුමාගේ ලොකු කයිවාරු නම් තියෙනවා පම්පෝරිත් එක්ක. රටට වැඩක් කරන ඉස්සල්ලා තමන්ගේ පැත්තට වැඩක් කරන්න. (නදී)
මෙතන තමයි ඉන්නේ ඔක්කොම අවිහිංසාවාදියෝ, දේශමාමකයෝ ආගමට දහමට ලැදි ලංකාවේ ඉන්න හොඳම මිනිස්සු ටික. අදහස් ටික බැලුවහම වෙන රටකද ඉන්නේ කියලා හිතෙනවා. (නි)
තමිල්නාඩුව ගණන්කාරකමට බදාගෙන කනවා. (බ)
මම සමන් සිල්වා එක්ක එකගයි බෝට්ටු එන මෝදර වැල්ලත් පානදුරේ මාළු ලෑලි වලත් සුසන්ත මාවත ගාව තියෙන බෝට්ටු පොලෙත් ලේසියෙන් මාළු ගාන අඩුවෙන්නේ නැහැ මමනම් දැන් පානදුරේ මාළු ගන්නේ නැහැ උදේ 5.35 කෝච්චියේ නැගල යනවා පැලියගොඩ මාළු මාර්කට් පානදුරේ තෝරු කෙලවල්ලෝ රුපියල් 800/1000 යි පැලියගොඩ රුපියල් 550/600 යි ලින්නෝ කිලෝව රුපියල් 130-150 පානදුරේ ලින්නෝ කිලෝව 320/- රුපියල් 1500 ක් අරන් පැලියගොඩ ගිහාම මාළු කිලෝ 3/4 ක් ගෙන්න පුළුවන් බොරුද කියල ඕගොල්ලොත් ගිහින් බලන්න ලාබෙ කොහොමද කියල ?මගවියදම් යන්න එන්න රු 100 ක් වත් නැහැ.(හේ)
ධීවර ජීවිතය කියන්නේ මොකක්ද යනුවෙන් සලකල බලන කල අවන්කවම ඒ විඳින දුකට මිනිස්සු නියම වටිනාකමක් දෙනවද? කුඩා එහෙම ඒ මිනිස්සුන්ට වටිනා කමක් දෙන්නේ? "මාළු කාරයා" කියල හංවඩු ගහන සමාජයක "මහා මුහුද" ඒ මිනිස්සුන්ට සම්පතක්.... ඒ සම්පතින් දුන්න තුටු පඳුරක් මේක.(හේ)
අපේ රටට දෙවි පිහිටයි (නදී)
පුදුම "වෙජිටේරියන්ස්ලා" ටිකක්නේ මෙතන ඉන්නේ (නි)
මාළු මාළු මාළු දැන් ගෙනාපු මාළු සුරන්ගනිට මාළු ගෙනාවා කියලා කියන සින්දුව මතක් වුනා.(හේ)
සිංහල දේශයේ වටිනාකම.(හේ)
පාප කන්දරාවක මහත! මිනිසුන්ට දස වැඩ දුන්නු අය තමයි මලු වෙලා නැවත එන්නේ. (හේ)