කොට්ටාව මාකුඹුරේ වෙළඳ සැලකට හා වාහන තුනකට අලාභ හානි කළැයි සැකපිට හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී නීල කාන්ති සමරවික්‍රම මහත්මිය රුපියල් 25000ක මුදල් හා රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් ඩී නෙළුම්දෙනිය මහතා නියෝග කළේය.
සෑම ඉරිදා දිනකම හෝමාගම පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්ව එකේ කියපු විදියට හරිම සාන්තුවරියක්. එත් එකේ බැලුවාම දේශපාලකයෙක් බව පේනවා (ස)
සමරවික්‍රමගේ වික්‍රම (නි)
කවුද මෙයාලව ප්‍රාදේශීය සභාවට යැව්වේ - මෝඩ මහජනතාව (නදී)
ගමේ හැම කෙනාගේම හිත දිනාගෙන වැඩ කළ කෙනෙක්. නමුත් ටික කලකින් ඔලුව උදුම්මවා ගත්තා. අයියෝ සල්ලි! (නි)
ගැහැණුන්ට නොගැළපෙන දේවල් දුන්නම උත්තරේ ඕක තමයි (නි)
ගැහැනුන්ට සමහර තනතුරු දරාගන්න අමාරුයි. ගැහැනුන්ට ගැලපෙන රස්සාවල් දෙනව නම් ඔය දේවල් වෙන්නේ නෑ. වැඩ නාගත්තත් ගැහැනුත් රස්සාවක් කරන්න ඕන නැහැ.(නදී)
වැරදී කරන තරමක් කරන්නේ ප්‍රා එකේ ඉන්න අය තමයි. (ස)
වඳුරාට කන්නාඩිය අහු වුණා වගේ (නදී)
ලංකාවේ දැන් ප්‍රධානම අාදායම් මාර්ග වෙලා තියෙන්නේ ඇප අාදායම, ගුද මාර්ගයේ රත්තරන්, රථවාහන දඩ වගේ ඒවා (නි)
අයියෝ ඕවත් අලාබද? මම කාටවත් රිද්දුවේ නෑ. ඇඩෙව්වේ නෑ ..මේවා පළාත වෙනුවෙන්.(නදී)
නම නීලකන්ති උනාට ඉන්නේ අන්දකාරේ බව පේනවා... (ස)
ලබන මැතිවරණයට සුදුසුකම් එකතු කරනවා වගේ. (ස)
ඇයි මෙයාට ඇප දුන්නේ, ආරාධිත අමුත්තියක් හැටියට දින කීපයක් ඉඳලා එන්න ඇතුලට දැම්ම නම් චණ්ඩිකම යන්නත් එක්ක. (ස)
ප්‍රාදේශීය සභා මන්ත්‍රි, පළාත් සභා සියල්ලේම ඉන්න අය කචල්කාරයෝ. මේ හැමෝම අතුගාලා දාන්න ඕනෑ (නි)
කසිකබල් දේශපාලනයේ තරම පේනවා නේද?ගැහැණුන්ගේ ගැහැණු ගතියත් නැතිවෙනවා.ප්‍රාදේ්ශීය දේශපාලනය පිළිබදව නැවත වරක් කල්පනා කරලා පැරණි ක්‍රමයටම අඩු බලතල තිබෙන මහ ජනතාවට වගකියන ආයතනයක් නිර්මාණය කිරීමට කාලය ඇවිල්ලා. (නි)
අතු ගාන්නේ කොහොමද මලේ... අපේ උනුත් තොර තෝරම යවන්නේ හොරුන්වනේ. (ස)
ප්‍රාදේශීය දේශපාලකයන් ළග මහජන මුදල් හොරකම් කළ සල්ලි තිබෙනවා. නියම කරපු මුදල ඉතා සුළු ගණනක්. දේශපාලකයෙක් කියන්නේ සමාජයට ආදර්ශවත් අය. දෙන්න ඕනෑ හොදට දැනෙන්න දඩුවම් නැවත වැරදි නොකරන්න . (නි)
ඔය තියෙන්නේ හැදී මිට හොදට පාවිච්චි කරලා. (ස)