අනවසරයෙන් විදුලිය ලබා ගත් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය කියයි. විදුලි මීටරය වෙනස්කර ඔහු මේ ක්‍රියාව කර ඇතැයි විදුලි බල බණ්ඩලායේ වැටලීම් ඒකකයේ නිලධාරීහි කියති.
අනවසරයෙන් විදුලිය ලබා ගත් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය කියයි. විදුලි මීටරය වෙනස්කර ඔහු මේ ක්‍රියාව කර ඇතැයි විදුලි බල බණ්ඩලායේ වැටලීම් ඒකකයේ නිලධාරීහි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නූගත් මිනිසුන්ගේ සංකේත.(නදී)
අපේ වග කීම අපි කාටද ජන්දය දෙන්නේ කියන එක. මිතුරකු වුන පලියට හෝ ඥාතියෙක් වුන පලියට අපි ඔවුන් දිනවලා ඉන් පස්සේ මේ අය කරන පවු වලට අපිත් වගකියන්න වෙනවා. කරුණාකරලා හැකි තරම් බුද්ධිමත් නිහතමානි දේශපාලකයන් අපි තෝරා ගනිමු. නැත්නම් මේ රට වල් පල්ලට තමා යන්නේ. ජනාධිපති තුමනි හොදින් සොයා බලා මේ වගේ අයට දේශපානය කරන්න බැරි විදිහට දඩුවම් කරන්න.(නදී)
අද කාලෙ වැඩියෙන් හොර කම, වංචාව, මිනි මරණ ඒවා කරන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු. මොකද අද ඔය තැන් වල ඉන්න බොහෝ උදවිය නුගත් ශිෂ්ට නැති කට්ටිය. මේවට දොස් කියන්න ඕනේ මේ අයට ඡන්දේ දෙන අයට.(නදී)
මා හිතනවා මජනතාවගේ විරෝධයට ජනාදිපතිතුමා ඇහුන් කන් දෙවි. මෙම පාඩු ලබන ආයතන 50% ක අයිතිය පුද්ගලික අංශයට දෙමු.(නදී)
කරන්දෙනියට මොනව වෙලාද මන්ද? (නදී)
ඕකත් වැඩක්ද ඕව ගණන් ගන්න එපා. බලයේ ඉන්න අයට උතුර දකුණ කියල වෙනසක් නැහැ දයා.(නදී)
මෙයාට විදුලිබල ඇමතිකම ගන්නකන් ඉන්න බැරුව ගියානේ.(නදී)
මන්ත්‍රී කෙනෙක්නේ,කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.සාමාන්‍ය මිනිහෙක් කළා නම් ගස් බැදලා. (නි)
එක කොමිස් එකෙන් අවුරුද්දක බිල ගෙවන්න පුළුවන්කම තියෙද්දී මෙයා පිස්සු නටලානේ. මෙයාලට මෙහෙම නම් අසරණ දුප්පත් මිනිස්සු කොහොම ඔය බිල් ගෙවන්නේ. (නි)
කරන්දෙනිය කියන්නේ අහිංසක සුන්දර මිනිස්සු ජීවත් වෙන තැනක්, කිහිප දෙනෙක් ජරා වැඩ කෙරුවට හෙමෝම පලි නැහැ. මේ වැරදි වලට පගාව කන සමහර පොලිසියේ මහත්වරුත් වග කියන්න ඕනා.(නදී)
වරද පිළිගත්තොත් නිදහස් කරන්න. (නි)
ඔන්න ඕකත් සභාව ගානේ ( මජනතාවගෙන්) ගෙවලා දාන්න.(නදී)
පිස්සුද සර්, අපේ මංත්‍රීතුමා ඔහොම කරයිද? මීටරේට වැරදිලා වෙන්ට ඇති. බිල එහෙම නග්ගල දුන්නොත් අම්මපා මන් දනියි කොරන දේ.(නදී)
මෙයත් දකුනේ නෙනෙක් නේද?(නදී)
කරන්දෙණිය පොලිසියට විරුද්ධව මිනිස්සු පෙළපාලි ගියා නේද වැරදි මිනිහෙක් අත් අඩංගුවට ගත්තා කියලා. මේත් වැරදි මිනිහද? (නදී)
මේ අය කරන ඒවා දැක්කම මට ඡන්දය ඉල්ලනත් එපා වෙනවා. මටත් මංත්‍රී වුනාම ඔය වැඩ කරන්න හිතේවිද දන්නේ නැහැ.(නදී)
වැඩක් නැහැ. එක කෝල් එකෙන් මිනිහා එළියේ. අල්ලපු පොලෝසියේ මහත්තුරු ටික මාරු.(නදී)
15 දාට පෙළපාලියට එන්ඩ. 21 වෙනිදට වර්ජනය කරමු. එතකොට බිල අඩු කරාවී. ඇත්තටම මොන පක්ෂයේ උනත් කාටත් විදුලි බිල දරා ගන්න බැහැ.(නදී)
කරන්දෙණිය ප්‍රාදේශීය සභාව දිනපු වෙලාවේ සභාපති වැඩකලේ ජනාදිපති කම ලබුන වගේ. කරන හරියක් හොරකම් කරන්නේ ආණ්ඩුවේ නියෝජිතයෝ. අද කොහොමද?(නදී)
හරිම කලකිරෙනවා රට යන විදිහ දැක්කහම.(ස)
වෙසක් මාසෙදි කරන වැරදිවලට පොදු සමාවක් ලැබෙනවනේ අපේ ජනාදිපති තුමාගෙන්. බයවෙන්න දෙයක් නැහැ, හැබැයි කොන්දේසි සහිතයි මෙම අවස්ථාව දේශදෙසපාලනයට සම්බන්ද අයට පමණයි.(නදී)
ලොකු අයටත් එක්කයි කියන්නේ. දැන් ඉන්නේ ඔක්කොම හොරුයි, දූසකයොයිනේ.(නදී)
පිස්සු කියන්න එපා දයා. හොරුන්ට දකුණේ උතුරේ වෙනසක් නැහැ. (නදී)
අවුරුදු පන්දහසක් තව ඉන්නට.... පරමායුෂ මට ඇති බැවිනි.... මගේ පොඩි පැටවුනි... තෙපිවත් මේ සොර.. මුලුවෙන් මා.. ගලවනු... මැනවි.. (නි)