පෑලියගොඩ ටයර් සංස්ථාව හංදිය ආසන්නේයේ දී පසුගිය 12 වැනි දා පෑලියගොඩ නගර සභා මන්ත්‍රී ජයරත්නගේ ශ්‍යාමිල සඳරුවන් ඝාතනය කැර තවත් පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකරු ද, රාගම වත්තල සහ කොළඹ දී තවත් තිදෙනකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා තිලක්, සමහර විට ඔබ වපුරන බිජ ගැන ඔබට අවබෝධයක් නැතිව ඇති. නමුත්, දකින අපිට පෙනෙනවා ඔබ වපුරන දෙයෙහි බරපතල කම. ඔබගේ මතයට විරුද්ධ අනෙක් අයගේ මතයන් නිර්දය ලෙස විවේචනය කරමින් ඔබේ මතය පමණක් සමාජයට දිමටනේ ඔබ උත්සහ කරන්නේ. ඒතුල ඔබ සිදුකරන බොළඳ අදුරදර්ශී ක්‍රියා කාරකම් නිසා ඔබගේ මතයට ප්‍රති විරුද්ධ මතයක් ගොඩ නැගෙන්නේ ඉබේටම. ඔබගේ බුද්ධි මට්ටම අනුව ඔබ හිතනවා ඇති ඔබ නියෝජනය කරන පාර්ශවයට ඔබගේ ප්‍රකාශ තුල විශාල වාසියක් අත්වෙන බව, නමුත් සිදුවන්නේ එහි අනික් පැත්තයි. ඔබට ගැලපෙන තැන නෙමෙයි ඔබ තෝරා ගෙන ඇත්තේ. මේ කරන ක්‍රියාවම වෙනත් ස්ථානයක කලා නම්, ප්‍රතිපලය මිට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුනා. ඔබ ගේ අදහසේ තිබුනා දේශපාලන පොර පිටියට පිවිසෙන්න නම්, අඩුතරමේ වයස 35ක් වත් සපිරෙන්න ඕනා බව. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වැනි මහා දවල් මහමග ඝාතනය වූ අයට එය බලපෑවද? එතුමන්ලා පරිනත නැද්ද? (නදී)
වගා කරන තරමට අස්වනු ලෙබෙනවා. කල්කිරියව හෙටියට ප්‍රතිථල (අ)
සුසිර මහත්තයෝ..ඔබ තුමා හිතන්නේ ඔබ තුමාගේ බුද්ධි මට්ටම අනුව..මම හිතන්නේ මගේ මට්ටම අනුව..මම දේශපාලනය වෙනුවෙන් ලියනවනම් මම ලියන්නේ මේ කොල්ලගේ පැත්තට.මට එහෙම දේශපාලනයක් නැහැ..ඔබ තුමා දකින දේට වඩා ඔතන සත්‍යය කලුයි මහත්තයෝ..මම මේ පුද්ගලයාව පුද්ගලිකව දන්නේ නැති උනත් මරණයට කලින් මාධ්‍ය වල අහල තියෙනවා.නියමාකාරයෙන් වටහා ගත්තේ මරණෙන් පස්සේ ඒ ගැන පළවුණු මාධ්‍ය විස්තර වලින්.ඔබ තුමා ඒවා දකින්නේ නැතුව ඇති..ආරක්ෂක අංශ වලට පිටින් කුඩු කාරයොත් එක්ක ගැටෙන්නේ කුඩුකාරයෝම හෝ ඒ හා සමාන පාතාල ක්‍රියාකාරීන් පමණයි.ආරක්ෂක අංශ ඉදිද්දී මොහු කවුද කුඩුකාරයොත් එක්ක හැප්පෙන්න යන්න.ඔබ තුමා දකින තරම් ඔය සිහින සුන්දර නැහැ..පහල මට්ටමේ දේශපාලනය අද පිරිහිලා තියෙන ආකාරය ඔවුන් මුදල් සොයන ආකාරය ඔවුන්ගේ පාතාල සබදතා නිති වීරෝධි ව්‍යාපාර ගනුදෙනු ජාවාරම් මේවා සේරම මේ මරණය පිටිපස්සේ තියෙනවා.ඉක්මන් ගමනක ප්‍රතිපලත් ඉක්මන්..ඔබ තුමාගේ අවසාන ප්‍රකාශනයට දෙන උත්තරේ එක ලියල වැඩැක් නැහැ.අනෙක අන්තර්ජාලය බලන සීමිත පිරිසක් දාන බලන මේ අදහස් වලින් කාගෙවත් මතවාද වෙනස් වෙන්නෙවත් වෙනස් කරන්නවත් බැහැ.එහෙම වෙනවා කියල හිතෙනවනම් එක විහිළුවක්..මම ලියන්නේ මට හිතෙන දේ මිසක් එක බලල අනෙක් මිනිස්සු මගේ මතෙත් එක්ක ඉදිවී කියලවත් එකෙන් මට මිනිස්සු හිතන විදි වෙනස් කරන්න පුළුවන් වේවි කියල හිතලවත් නෙමෙයි.එහෙම හිතෙනවනම් මට මොලේ අමාරුවක් වෙන්න ඕන..මට නැති උනාට ඒ අමාරුව ඔබතුමාටනම් අඩු නැතුව තියෙන බවනම් පේනවා..(දී)
කුඩු එපා ලංකාවට මේ හැම දෙකටම මුල මේක නමුත් එක සමාජයට තේරෙන්නේ හෙමිහිට ඒක තමයි ප්‍රශ්නය (ස)
කොච්චර පාතාලය නැති කලත් මේ කොළඹ පාතාලය අවසන් නොවෙන්නෙ ඇයි. (දිල්)
දෙකක් නැහැ මෙයාලත් අයුද හංගල ඇති ? මයේ පුතාල දෙවියන් බුදුන් සිහිකරගනින් දැන් ඉතින් , එල්ලුම් ගස් නැති රටේ මරණ දඬුවමනම් ඉස්තිරයි මයේ අප්පලා ! (අ)
අපි වපුරන තරමට තමයි අපිට අස්වැන්න ලැබෙන්නේ.ඒ වගේම අපි වපුරන දේයි අපිට අස්වැන්න හැටියට ලැබෙන්නේ..මේ මිය ගිය තරුණය ගැන සති අන්ත පුවත්පත් වල විස්තර පළ වෙලා තිබුණා..(දිල්)
මොනවයින් මොනවා වෙයිද කියල හිතා ගන්න බෑ. (ස)
ලංකාවේ පොලිසිය හරිම ඉක්මනට අපරාධ හොයා ගන්නවා. එය ඉතාම අගය කල යුතු දෙයක්. ලෝකයේ දියුණු රටවලට අපරාධ අල්ලන්න කල් යනවා.පොලිසියට අපගේ උපහාරය. (ස)
ලංකා තිලක් වපුරන දෙයටත් ඉක්මනින් අස්වැන්න ලැබෙයි එහෙනම්. (අ)
ඔයාල හිතනවද ආයුධ පෙන්නන්න යන්නේ අත්අඩංගුවට ගත්ත ගමන් කිසිම හෙවිල්ලක් නැතිව කියලද, එහෙම නැහැ අපරාද දෙපාර්තුමේන්තුවේ ඔයාල වගේ ගොඩයෝ නැහැ, අපරාදයේ සුල මුල හොයා ගෙන ,නියම කෙනාම තමයි ආයුධ පෙන්නන්න එක්ක යන්නේ, මේ වගේ කකුල් දෙකේ තිරිසන්නු දිහා මානව හිමිකම් කෝණයකින් බලන්න එපා. (අ)
එහෙම අස්වැන්නක් ලැබෙන්න මම නම් එහෙම දෙයක් වැපුරුවේ නැහැ සුසිර මහත්තයෝ. මං ඒවා වැපුරුවොත් මටත් ඒවයෙන් අස්වැන්න ලැබේවි. මේ තරුණයාගේ වයසට ඔරොත්තු නොදෙන ගමනක අවසන් ප්‍රතිපලය අවුරුදු 23 ක් වැනි කෙටි කාලෙකින් ජිවිතයෙන් සමුගන්න සිදු වීම. ශ්‍රී ලාංකික දේශපාලන පොර පිටියට පිවිසෙන්න අවම වශයෙන් අවුරුදු 35ක් වත් සපිරෙන්න ඕන කියල නීතියක් ගේන්න ඕන කියල මම හිතනවා. මේ තරුණයාගේ වයස දේශපාලන පරිනතයක් ලබන්න පුළුවන් වයසක් නෙමෙයි. ඒ අපරිණත භාවය තමයි මේ මරණයට මුලික හේතුව.(නදී)
ලංකා තිලක්, මේ කොල්ල පෑලියගොඩ කුඩු කාරයන්ට විරුද්දව ගිහින් තමයි මේ ටික උනේ. මේක පාතාලයේ උන්ගේ වැඩක්. එල්ලුම්ගහ නැති නිසා ආයුද පෙන්නන්න අරන් යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ (නදී)