දක්ෂිණ අධිවේගී මාර්ගයේ විද්‍යුත් පුවරු සවිකිරීමට යයි. පාරේ තත්ත්වය රියදුරනට කල් ඇතිවම දැනුම් දීම සඳහා මේ පියවර ගැනේ. ලබන සැප්තැම්බර් දෙවැනි දා රාත්‍රී 10 සිට 12 දක්වා කොට්ටාව කහතුඩුව මාර්ගය වසා තැබේ.
ඉදි කිරීම් සමාගම මේ දිනවල මුලික ඉදිකිරීම් කැරගෙන යයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තමයි මේ මාර්ග සංඥා පුවරු වැඩිපුර දකින්න නැත්තේ (නි)
කොට්ටාව පසුකර එන වාහන වලට ඉහත විකල්ප මාර්ගය භාවිතා කරන ලෙසටත්,හෝමාගම පසුකර එන වාහන හෝමාගම/ දියගම/ කහතුඩුව මාර්ගය භාවිතා කරන ලෙසටත් උපදෙස් දිය යුතුව තිබුනා.පිටපලාතක නොදන්නා කෙනෙක් හෝමාගම පැත්තෙන් අධිවේගයට ඇතුළු වෙන්න මේ නිවේදනයේ තියන පාර භාවිතා කලොත් සැතපුම් තුනක දුරින් යා හැකිව තිබියදී සැතපුම් අටහමාරක් යන්න වෙනවා. (අ)
දියුණුවන ලෝකය සමග ඉදිරියට යනඑක බොහොම හොඳයි. (අ)
පැයට කිලෝ මීටර 100ක වේගයකට පුවරු අවශ්‍යද? (නි)
මා මීට වසරකට විතර ප්‍රථම, අධිවේගී මාර්ගයේ,මෙවැනි පුවරු වල ඇති අවශතාවය,වැදගත් කම ගැන මෙම තීරුවෙන් කියා සිටියා.මෙවැනි දේවල් කල්ගතවී හරි කරන එක ලොකු දෙයක්.වේගයෙන් යන වාහන හදුනා ගැනීමට,ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන,වේග කැමරා ටිකත් සවි කරා නම් සියල්ල සම්පුර්ණයි. (අ)
ඒ කියන්නේ දැන් අධීවේගි මාර්ගයද මිනිසුන්ගේ ජීවිතේ? (නි)
විද්‍යුත් පුවරු සවිකිරීම අගය කළ යුතු දෙයක් (නි)
අධිවේගී මාර්ගයේ විද්‍යුත් පුවරු නැතිවීම , අපට තිබු විශාල අඩුවකි. (නි)
ශ්‍රී ලංකාවට ආදරය කරන කාටත් හොද දෙයක් (නදී)
කොට්ටාව පිවිසුමට කොළඹ පැත්තෙන් එන අයටමේ නිවේදනයේ තියන ආකාරයට මත්තේගොඩ පොල්ගස්ඕවිට හරහා යන්න කියලා උපදෙස් දුන්නාට අවිස්සාවේල්ල පැත්තෙන් එන අයට මේක පරංගියා කෝට්ටේ ගියා වගේ ගමනක්. ඒ අය හෝමාගමින් දියගම හරහා කහතුඩුවට යන්න කියා උපදෙස් දිය යුතුයි. සැතපුම් තුනහමාරේ ගමන මේ උපදෙස් අනුව සැතපුම් අටහමාරක් වෙනවා. මේවාට නිවේදන නිකුත් කරන්නේ තුම්පනේ අය වෙන්න ඇති. (නදී)
මෙම නිවේදන දාන්නේ ඉංග්‍රීසියෙන්ද (නදී)
නියමයි ශ්‍රී ලාංකිකයෙකු ලෙස සතුටු වෙනවා (නදී)
නියමයි ජනපතිතුමනි (නදී)
පුදුමයි මේ මිනිස්සු මේකට ඔය පාර නොකැඩුවා. (ස)
මගේ රටට ජයවේවා (අ)
ජනපතිතුමාට ස්තූති වේවා. (ස)
මේ පින්තුර දකින කොට මට යම් වේදනාවක් දැනෙනවා.මේ කම්බි ගැට ගහන, වලවල් හාරන අපේ තරුණ උත්තම ශ්‍රමිකයන් කීයෙන් කී කෙදෙනෙකුටද ඔය පාරේම නොවුනත් ,පිට පාරෙන් හරි තමන්ගේ කියල වාහනයක් පදවාගෙන යන්න ලැබෙන්නේ.මම ඉන්නේ යුරෝපා රටක.මේ රටක නම් ඔය හැම කෙනාටම වාහනයක් තියෙනවා. සමහර වෙලාවට ඉංජිනේරුවට වඩා හොඳ වාහනයක්. මේ රටවල ශ්‍රමිකයන් තෘප්තියකින් රැකියාව කරන නිසා ප්‍රතිපලය උපරිමයි. මේ තත්වය මගේ රටේ ඇතිවෙනවට අපේ පාලකයෝ කැමති නැහැ. මොකද එතකොට චන්දයකදී මිනිස්සු එයාලගේ පස්සෙන් යන්නේ නැතුව මේ රටවල වගේ සුදුස්සව හොයල තමුන්ගේ ඡන්දය දෙනවා. මගේ රටේ ශ්‍රමිකයන්ට "එදා දවස උදා වේවිදෝ.." (ස)