ජර්මනියේ ෆ්රැන්කට් නුවර සිට කොළඹ බලා පසුගිය 19 වැනිදා පියාසර කරමින් තීබු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල්554 ගුවන් යානයේ කපිතාන් මද්‍යසාර පරීක්ෂණයෙන් අසමත් වූ නිසා ගුවන් යානය ශ්‍රී ලංකාවට පියාසර කිරීමට වෙනත් කපිතාන් වරයකු යොදා ගත් බව ගුවන් සේවා සමාගම කියයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියනුයේ සැමවිටම මගීන්ගේ ආරක්ෂාවට මුල් තැන දෙන බවයි. නොසැලකිල්ලට හා ගුවන් සේවා නීති රීති උල්ලංඝණය කරන්නවුනට සහන නොදෙන බවත්, එහෙයින් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවත් ගුවන් සේවය කියයි.
පරීක්ෂණ සඳහා ෆ්රැන්කට් ගුවන්තොටේ බලධාරීන්ගේ සහායද ලැබෙන බවත්, මේ අනුව කපිතාන් උපේන්ද්‍ර රණවීරගේ වැඩ තහනම් කළ බවත් ගුවන් සේවා ආරංචි කියයි.
ගුවන් මගීන්ගේ ආරක්ෂාව හැම විටම මුල්තැනෙහි ලා සලනක ශ්‍රී ලංකන් ගුවන් සේවය කිසිම හේතුවක් නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වලදී කිසිවකුටත් බුරලක් ලැබීමට ඉඩ නොතබන බවත් ගුවන් සේවය සඳහන් කරයි.
මේ හේතුව නිසා ගුවන් යානය පැය 15ක් පමණ ප්‍රමාද වී ඇති බවත්, ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල මුදලක් එම ගුවන්තොටට සහ මගීන්ට ගෙවීමට ගුවන් සමාගමට සිදු වනු ඇති බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරිස් නුවරට එන ෆයිට්ලත් පැරිසියේ යාලුවන්ගේ ගෙවල් වලට ගිහිල්ල කට ගොන්නක් බීල ඉන්නවා මම අනන්තවත් දැකල තිබෙනවා (රේ)
ඔන්න අපේ රටත් දැන් ජ්‍යාතන්තර තත්වයට ලඟා වෙමින් පවතිනවා. මෙවැනි තද නීති රීති රටක දියුණුවට ඉතා අවශ්‍යයි.(රේ)
ෂුවර් එකටම ගිය ආත්මේ ත්‍රීරෝද රථ රියදුරෙක් වෙන්න ඇති. (නි)
මම මේක දන්නේ නැති නිසා අහන්නේ, එතකොට ගුවන්යානය ගුවන් ගතකලාට පස්සේ මගීන්ට ලැබෙන \'කෑම බීම\' ගුවන් නියමුවන්ට ලැබෙන්නේ නැද්ද? (රේ)
පුංචි ශ්‍රී ලංකාවේ නම ලෝකය ඉදිරියේ බැබළවූ 'ජාතික වීරයාට' ජයවේවා! ජයවේවා!! මගේ සුබ පැතුම්! (නි)
සමහර වෙලාවට ගුවන් යානයට නගින්න කලින් මත්පැන් බොන්න තහනම් උනාට, පදවන ගමන් බොන්න තහනම් නැතුව ඇති!!!, මොකද සමහර මගීන් හොඳ පදමට බොන නිසා...(රේ)
ඕක ඔච්චර ගණන් ගන්නේ මොකටද? බැලුම් බෝලයක් පුම්බවලා දඩ කොළයක් දුන්නා නම් ඉවරනේ. (නි)
මම අහලා තියන විදියට ඉන්න කපිතාන්ලා දෙන්නට විශේෂ කෑම දෙන්නේ.ඒ වගේම දෙන්නටම එකම කෑම වර්ගය දෙන්නේ නෑ(රේ)
ගුවන් නියමුවනට එකතරා නීති පද්ධතියක් තියෙනවා , පළමුව මගීන්ගේ ආරක්ෂාව , මත් පැන් පමණට වඩා බිලා ගුවන් යානයක් ගෙන යෑම මගීන්ගේ ආරක්ෂාව පමණක් නොව ගුවන් තොටුපලේ සහ අනිකුත් ගුවන් යානවලටත් අවධානම් , එනිසා මෙවෙනි නීති ක්‍රියාමක කිරීම රටේ ගුවන් සමාගමේ නාමයට හොන්ඳයි (රේ)
ලංකාවේ පයිලට්ලත් දැන් පෞද්ගලික බස්රථ රියදුරන් සහ ත්‍රීරෝද රථ රියදුරන් ගානට වැටිලා වගේ. උඩදී වැඩ ඔහොම නම් බිමදී වැඩ කොහොමද කියලා හිතාගන්න පුළුවන්. (නි)
අැමරිකාවේ නම් බීලා වාහනයක් එලෙව්වත් අහුවුණොත් අරගෙන යන්නේ මාංචු දාලා (නි)
ඉතින් මෙයාලා කොහොමද මඟී ජීවිත ගැන වගකියන්නේ? (නි)
අපි නොදන්නවා වුණාට නියමුවෝ පදවන අතරේ රහමෙර පානය කරනවා. ඒවා කොහොම අල්ලන්නද? (නි)
මේ ගෙවන්න වෙන මුදල පයිලට්ගෙන් අයකර ගත්තා නම් හරි (නි)
අනේ අප්පේ! මම නම් ශ්‍රී ලංකන් ගුවන්යානා වල යන්නේ නැහැ. හොඳටම බීපු මෙහෙම නියමුවන්ට හඳට යන්න හිතුනොත් අපිත් අරගෙනම යාවි (නි)
කාලෙකට පස්සේ හොඳ ප්‍රවෘත්තියක් දැක්කා (නි)
නියමයි. මේ නීති එදා පටන් තිබුනා නම් අද අපේ රට මොනතරම් දියුණුද? (නි)
කව්රුත් වගකීමෙන් කටයුතු කලයුතුයි. (ර)
ගුවන් නියමුවන් විතරක් නෙවෙයි. ලංකාවේ මගින් දැකපු ගමන් යානාවටත් අඩි 20 ක් උඩින් යන ගුවන් සේවිකාවන් ගැනත් සොයා බලනු මැනවි. (ර)
තමන් කරන රැකියාව ඇති වැදගත්කම සහ වගකීම නොදන්නා ගුවන් නියමුවන් සේවයෙන් පහකිරීම තම හරි බේබදු කම. (රේ)
දැන් කියයිද දන්නෙ නැහැ ගුවන් නියමුවන්ගෙන් පළිගන්නවා කියලා (නි)
ගුවන් යානයක් ප්‍රමාද උනහම මගීන්ට ගෙවනවා කියල ඇහුවේ ප්‍රථම වතාවට ,එහෙමනන්ග් ශ්‍රී ලන්කන් එක මෙලහකට බංකොලොත් (රේ)
දේශපාලන පොරොන්දු දී පසුව ඒවා අමතක කරන අයටත්, හිතාමතාම ඒවා මගහරින අයටත් ඔය වගේම දඬුවම් දෙන්න ක්‍රමයක් මේ ලංකාවේ කවද හැදෙයිද ???(රේ)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා ඉංග්‍රීසියෙන් යු එල් ලෙස හඳුන්වන්නේ ‘යූෂුවලි ලේට්" (පුරුද්දක් ලෙස ප්‍රමාදවනවා) (රේ)
මෙයත් වාස් ගේ ගුන්ඩෙක් වෙන්ට ඇති. (රේ)
පයිලට් පොදු පෙරමුණේද?(රේ)
මත් පැන් මෙලොව පරලොව දෙලොවම පිරිහීමට හේතුවේ .(රේ)
මඟීන්ට නම් මත්පැන් බොන්න පුළුවන්. ඒත් සීමාවක් ඇතුව. ලාංකිකයන් නම් බහින්නේ වැනි වැනී. මං දැකලා තියෙනවා. ඒවාට අමතර අයකිරීමකුත් නැහැනේ. නමුත් කපිතාන්ලා බීල කොහොමද යානය හසුරුවන්නේ. (නි)
කිසිම කෙනෙකුට තම රාජකාරි කාලය තුළ මත්පැන් පානය කළ නොහැක. මගින් මත්පැන් පානය කළා කියලා පයිලට්ට මත්පැන් බොන්න බැහැ. බිමින් යන වාහන වල රියදුරන්ටත් මත්පැන් පානය කර රිය පදවන්න තහනම් නම් ගුවන් යානයක පයිලට්ට මත්පැන් පානය 100 වාරයක් තහනම් වියයුතුයි (නි)
දේශපාලකයෙක් නොවන නිසා පරීක්ෂණ හරියට කරයි (රේ)
නව නීති අනුව සැම මගියකුටම මුදලින් EURO 600 බැගින් ගෙවීමට සිදුවේ මෙයට අමතරව අනිකුත් වියදම් දැරීමට සිදුවේ ඉතින් පාඩු වෙනවා අහන්නත් දෙයක්ද කපිතාන් අස්කලාට මේ මුදල ලබා ගන්න පුලුවන්ද(රේ)
දහම්,ධම්ම, ඔබලාට සතුටු නැත්ද?(රේ)
පුදුමය නම් පයිලට්ලා මත්පැනට මේතරම් ලොල්වීමය. හේවා කියන්න වගේ මමත් වීඩියෝවක් දුටුවා නෑදෑයෙකුගේ ගෙදරදී විස්කි, ජින් නානවා. සමහරවිට ආතතිය වෙන්න ඇති. (නි)
දැනුයි තේරෙන්නේ නියමුවාගේ අසනීපය කුමක්දැයි කියලා.......(රේ)
ඔය කට්ටිය මත්පැන් බීල නතර උනොත් ඇති, (රේ)
ගුවන් යානාව බිම තියෙනකොට ඒක හෝදන්න වත් දැන් ගන්න එපා. ගෙදරම යන්න දෙන්න. මේගොල්ලන්ට සැප වැඩි වෙලා. (හේ)
මේවා තමයි වෙනස කියන්නේ. ඉස්සර මරණ බයට කට වහගෙන හිටියට දැන් එහෙම ඉන්න ඕනේ නෑ. නීතිය කාටත් එකයි. නියමයි.(රේ)
අසනීප නොවී ප්ලේන් එක එලවාගෙන අව නම් අර අහසින් ගිය ඉබ්බාට වුන දේ තමා වෙන්නේ අනූ නවයෙන් බේරුනේ (අ)