පියයුරු කුඩා කරගැනීම සඳහා රුපියල් දෙලක්ෂයකට පොරොන්දුවී රුපියල් 50,000 ක් ගෙවා කැළණියේ වෛද්‍යවරයකුගේ ගෙදරදී සැත්කමක් කරවා ගත් බව කියන කාන්තාව (41) කොළඹ ජාතික රෝහලට ඇතුළුවූ බව රෝහල් ආරංචි කියයි.
ඇගේ තුවාල ආසාදනය වීමෙන් පසු ඇය ජාතික රෝහලට පැමිණියාය. සැත්කම කළ වෛද්‍යවරයාට තම නිවසේදී එවැනි සැත්කමක් කිරීමට පහසුකම් ඇත්දැයි පොලිසිය සොයයි.
ලොකු පියයුරු කුඩා කරන බවට පළවූ දැන්වීමක් අනුව ඇය ඔක්තෝබර් 17 වැනිදා මෙම සැත්කම කරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයේ,ඇමරිකාවේ කාන්තාවන්ගේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න තැනුත් තියෙන්නේ . මේවට කිසිදු පිරිමියෙක් නොයයි .ගෑනු යන හේතුව නම් නොදිනිමි (බ)
ගයනිට ඕනේ නම් ජයාරූප නැවක් එවන්නම් කෝ. (ර)
කාන්තාවකට ඔබින කතාවක්ද මේ කිව්වේ ? මම නම් දන්නවා කාන්තා නමින් ලියන මේ මනුස්සයා කවුද කියලා. (ර)
පියුරු ලොකුකරන සැත්කම්, පොඩිකරන සැත්කම්, බඳ අඩුකරන සැත්කම්, යෝනි මාර්ගය අවට සැත්කම්, මුහුණ ආශ්‍රිත සැත්කම්, ලංකාවේ පුද්ගලික රෝහල් වල ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු දැනට සිදුකරනවා. ඒ නිසා ඔබට එවැනි ගැටළු ඇත්නම් එවැනි විශේෂද්‍ය වෛද්‍යවරයෙක් චැනල් කරන්න. ගෙවල් වල ක්ලිනික් කරන හොරුන්ට රැවටෙන්න එපා. (නි)
දැන් විදවන්න තියෙන්නේ.(හේ)
සනත් ගුනවර්ධන, ඔබ කී සැත්කම් ලංකාවේ දැනටත් කරනවා. ඒ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු විසින්, පුද්ගලික රෝහල් වල. මම පුද්ගලික රෝහලක ශල්‍යාගාර හෙද සේවයේ ඉන්න කෙනෙක් (නි)
ලේඩි බෝයිස්ලත් මෙයට සමාන ආකාරයේ සැත්කම් බොහෝ කරනවා. (ර)
ඉසුරන්දි අක්කේ, ඒ මාර්ගයේත් සැත්කම් කරනවද ? මම ඇහැව්වෙත් අදයි. (ර)
මම මේ තීරයට අවුරුදු දෙකක පටන් ලියනවා. මගේ නමින් අර කතාවක් ලියලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ලැජ්ජා නැති පිරිමි කෙනෙක්. (නි)
මේ සැත්කම් පෝළිමේ දැනටමත් තව කීදෙනෙක් ඉන්නවාද දන්නෙ නැහැ (නි)
එක්කෙනෙක් පරලොව ගිය ආරංචියෙන් පසුවවත් මේ කාන්තාවට පෙර විපරමක් කරන්න හිතුනේ නැද්ද? පත්තර කියවන්නේ , රූපවාහිනී ප්‍රවෘත්ති බලන්නේ නැතුවද මන්දා? (නි)
සැත්කම කළ කෙනා කවුරු වෙන්න ඇද්ද? (නි)
කොච්චර දැනුවත් කළත් වැඩක් නැහැ මේවා ගැන නම් (නි)
අනේ මන්දා! මොකටද මෙහෙම කරගන්නේ? මිනිසුනේ, යථාර්ථය තේරුම්ගන්න බලන්න (නි)
මේ කාන්තාවට මානුෂික ප්‍රශ්නයක් තිබෙන්න ඇති. නමුත් මේ වගේ අවදානම් ප්‍රතිකර්ම ගැන ඇයට දැනීමක් නැ් නම් ගෙදර කෙනෙක් හෝ මිතුරියක්වත් ඇය දැනුවත් කළේ නැති එක පුදුමයි. අර දොස්තර නෝනාගේ මරණය වෙලා තුන් මසක්වත් ගතවුණාද මන්දා. (නි)
හැමෝටම අක්ක කියන ටානියා ආන්ටිගේ වයස පනහක් විතරද දන්නේ නැහැ. (බ)
තරුණ කෙනෙක් නම් කමක් නෑ.මේ වයසක කෙනෙක්නේ මේක කරලා තියෙන්නේ.(හේ)
නිකන් මෝඩ කතා ලියන්න එපා නොදන්නා අය.ශරීරයේ එක එක අවයව වල එක එක අසනීප තියෙනවා එයාගේ පියයුරු ලොකු නිසා තෙල් වගේ දෙයක් නිසා ඇයට වේදවක් තියෙන්න ඇති .එකයි ඇය සැත්කමක් කරගන්න ඇත්තේ .ලෝකේ ගොඩක් රටවල මේ විදිහට කරනවා .තෙල් අරගෙන දානවා . (බ)
සමහරු සල්ලි දීලා ලොකු කරගන්නවා, සමහරු සල්ලි දීලා පොඩි කරගන්නවා. ඉතාලියේ ඉන්න ලංකාවේ නාරි රුප නම් පශ්චාත් භාගය ලොකු කර ගන්න සැහෙන මුදලක් වියදම් කරනවා. (බ)
ලෝකය මොනතරම් වෙනස්වෙලාද? (නි)
ඉසුරන්දි, ටානිටා, ඔය කියන ආකාරයේ සැත්කම් පවා විශාල වශයෙන් බටහිර රටවල සිද්ධවෙන බව මා අසා තිබෙනවා (නි)
ලංකාවේ වාගේ නොවේ, බටහිර රටවල බොහෝ තරුණියන්ට ළැමක් නොමැති තරම්. ඔවුන් ඒවා කෘතිමව සකසා ගන්නවා. ඒවාටම විශේෂ වූ දොස්තර මහතුන් ලවා සැත්කම් වලින්. ඒවා කරන්නේ සාමාන්‍යයෙන් මුදල් බහුලව තිබෙන පවුල් වල ගැහැණුන්. (නි)
මෙතන සමහර අය ඔහේ තමාගේ අසහනය පෙන්වලා තියෙන්නේ .ඕන දේ නෙමේ ලියල තියෙන්නේ .(බ)
ඉස්සර සිටි අපේ අම්මලා ආච්චිලා මේදී වියේ වයසේ කාන්තාවන් ඔය පියයුරු ගෙන ලොකු තැකීමක් කලේ නෙහැ , ළමයින් ලැබුනට පසු තම පියයුරු වලින් ලේ කිරි කර පොවා , කාලයකදී තම පියයුරු බඩට ආවත් ඔවුන් කිසි තැකීමක් කලේ නෙහැ , එනිසා අනවශ්‍ය වියදම් මරණ ලෙඩ රෝද සේදුනේ නෙහැ , දෙන ඉන්න ගෙහෙනුන් වයසට ගියත් පියයුරු හදා ගන්න යන්නේ වයස අවුරුදු 17ක් වෙන්නට වාගේ , (බ)
ඉසුරන්දි මැතිනිය , ඔබ කිව්වා සේම බටහිර රටවල කාන්තවන් යෝනියේ සැත්කම් කරවා ගන්නවා , යෝනිය මතු පිට තිබෙන තොල් ලොකු නම් , ඒවා අවම කිරීමට , ළඟදීම ඒවාත් ලංකාවට එන්න බේරී නැහැ , ලෝකය දියුණු වන විට ඒ අනුව ලංකාවත් යනවා , මේවා කල යුත්තේ එය සඳහා විශේෂවූ දොස්තර වරුන්ගෙන් මිස , හොර දොස්තර වරුන්ගෙන් නොවේ (බ)
වයසක ගැණු නේන්නම් තරුණ වෙන්න දඟලන්නේ .හිරට කලිසන් ඇදන් යනවා පිළිකුලක් (බ)
අපිට මොකටද අනුන්ගේ කුණු පතිරණ ලොක්කෝ.ලංකාව් කියන්නේ අතීතයේ ඉදලා පැවත එන ශිෂ්ට සම්පන්නවූ රටක්.ගැනියකට එයාගේ රූපේ ලස්සන කරගන්න ඔය නවීන ක්‍රම ඕනෑ නෑ.තමන් හොද කල් ක්‍රියාවෙන් ආගමකට දහමකට අනුව දවසේ වැඩකටයුතු කලානම් ඉබේටම රුප සොභාව සකස් වේවි.මම කලින් යෝනි මාර්ගයක් ගැන කිව්වේ කවදා හරි එකත් සැත්කමකට භාජනය කරලා උවමනා ආකාරයට සකස් කරගනීවි අවශ්‍යතාවය අනුව අනාගතයේදී. (හේ)
අනේ ඇත්තට මෙහෙමත් විකාරත් මේ ලංකාවේ වෙනවනේ! (නි)
තායිලන්තය පිලිපීනය මෙවැනි සැත්කම් වලට ඉතා ප්‍රසිද්ධයි.මිලත් අඩුයි.සමහර රටවල නපුන්සකයින් සිටිනවා ගැහැනුන්ට වැඩිය ලස්සනයි.පිටතින් කියන්න බැහැ ඔවුන් එවැනි අයද කියා.සැත්කම් මාර්ගයෙන් සියල්ල වෙනස් කරගෙන.(හේ)
ඔබ දන්නවද? දියුණු රටවල (යුරෝපයේ සහ ඇමරිකාවේ) විශේෂයෙන් පිරිමින් පවා ඔවුන්ගේ අවයව සඳහා සැත්කම් කරනවා (නි)
මෙතනට දැන් අඩු එක්කෙනෙක් විතරයි. එයත් ආවාම අඩුව හරි. (නි)
මේවා මනස්ගාත දේවල්. පියයුරු ලොකුයි කියා පොඩි කරගැනීම ප්‍රයෝජනයක් ඇති වැඩක්ද? අද කාලයේ ලස්සන හොලිවුඩ් නිළියන් පවා පියයුරු පිළිකාව නිසා ජීවිතයෙන් සමුගත්තා (නි)
අනේ මෙහෙම ආශාවක්... මිනිසුනි, ලැබේද ඉන් සැනසීමක්? (නි)
බොහෝ හොලිවුඩ් නිළියන් සහ කෝටිපති කාන්තාවන් පියයුරු පිළිකාව නිසා තමාගේ පියයුරු සහමුලින්ම ඉවත්කරගත් අවස්ථා තිබෙනවා. ලංකාවේ ගැහැණුන්ට වෙන වැඩක් නැද්ද? පිටතට බොරු ලස්සනක් පෙන්වන්න ගොස් අකාලයේ ලෙඩ රෝග සාදාගන්නේ ඇයි? (නි)
හැමඑකටම ආණ්ඩුවට බනින රටේ , මේ සිදුවීමට ආණ්ඩුව ගාවාගත්තේ නැති එක තමයි මට පුදුමේ. (නි)
හැඳි මිටේ තරම ගැන කියූ කතාව මතක් වෙනවා මට (නි)
මේක පිස්සු හැදෙන කතාවක්. (හේ)
මෝඩ මිනිස්සු.(හේ)
ගාණ වැඩි නැද්ද?(හේ)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ? මුදල් වැඩිවෙලාද මන්දා මේ වගේ දේවල් වලට මෙච්චර වියදම් කරන්නේ? (නි)
මේ කාන්තාවගේ ඡායාරූපයක් නැද්ද අපිට බලන්න? (නි)
අනේ ඇත්තට මෙහෙමත් ආශාවන්? (නි)
අනේ මන්දා මේවාත් විශ්වාස කරන කාන්තාවන් ඉන්නවනේ! (නි)
මේක අත්වැරදීමක් වෙන්න ඇති. මොකද සමහර පිරිමි අය අවයවයන් සැත්කම් මඟින් සකසාගන්නා බව මම අසා තිබෙනවා (නි)
මෙම දැන්වීම පළකිරීමේදී මෙවැනි භයානක සැත්කමකට ඇති සුදුසුකමද සොයා බැලුවාදැයි පරීක්ෂා කරන්න. ජපානයේ මෙවැනි දැන්වීම් පළකිරීමට පෙර ඒ ගැන සොයා බලනවා. ඉදිරිපත් කරන ලියවිලි පෙර සෝදිසියකට භාජනය කරනවා. ඉන්පසුවයි පළකිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුවන්නේ. ලංකාවේ එහෙම මානව හිතවාදී නීතියක් හෝ රීතියක් නැත්නම් ඒවා ඇති කළයුතුයි. එසේ නොවුවහොත් කාන්තාවන්ට දෙවියන්ගේම පිහිටයි. (නි)
කාන්තාවන්ගේ ශරීරයේ ස්වාභාවික දායාදයන්ට විරුද්ධව වැඩ කරන්න යාමෙන් වෙන්නේ තියෙන එකත් නැතිවෙන එක තමයි. අනේ මන්දා මේ කට්ටියට මේ කාලේ මොනවා වෙලාද කියලා. (නි)
පිස්සු වැඩ ඕවා.(හේ)
තමන්ට කරදයක් නම් එහෙම කරගත්තාට ඇති වරදක් නැහැ. නමුත් පිලිගත් බලය ලත් තැනකින් කරවා ගන්න ඕනෑ.(හේ)
වෙන කරන්ඩ සැත්කම් නැතුව වගේ නේ.....(බ)
මාධ්‍යයෙන් කොච්චර දැනුවත් කලත්, අහන දකින දේවල් වලින් ඉගෙන ගන්න පාඩම් තිබුනත් අපේ රටේ සමහර කාන්තාවන් අමාරුවේ වැටෙන එකේ කෙළවරක් නැහැ. (ර)
තව ටික කාලෙකින් කියාවිද දන්නේ නැහැ යෝනි මාර්ගය සැත්කම් කරගන්න ගිහින් ආසාදනය වැඩිවෙලා රෝහල් ගත උනයි කියලා. (ර)
ඉතින් උකුලේ හැටියට නෙව කළේ. (බ)