ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගලයායේ පියදස්සි නාහිමියනට මියන්මාරය අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිරිනැමීය. ශ්‍රී සන්නස් පත‍්‍රය ප‍්‍රදානය කිරීමේ උත්සවය නේ පි තෝ අගනුවර දී පැවැත්විණි. පියදස්සි නාහිමියන්ගේ ගුරු හාමුදුරුවන් වූ අපවත් වී වදාළ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියෝ
ද විසිපස් වසරකට පෙර ”අග්ග මහා පණ්ඩිත” ගෞරව නාමයෙන් පිදුම් ලදහ.
සිද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය බැංකොක් නුවර ලෝක බෞද්ධ සරසවියට හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි සරසවියේ අනුබද්ධ ආයතනයකි.
අකුරැටියේ නන්ද නාහිමි, ගැටහැත්තේ සෝභිත හිමි, උළුවිටිකේ බෝධිශීල හිමි ද, සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ භාරකාර මණ්ඩලයේ චන්ද්‍ර මොනරවිල, ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා මහා කොමසාරිස් ද මියන්මාරයට ගිය දූත පිරිසට අයත් වූහ.








1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු හිමයනි, ඔබ වහන්සේ අපේ රටට ගෞරවයකි.