(ආනන්ද ඉ ජයකොඩි)
බහින් බස් වීමක් අවසානයේ පියාගේ හිසට පොල්ලකින් ගසා තුවාල සිදු කළ බව කියන සැකකාර පුතෙකු මේ මස 27 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද (16) දහවල් නියෝග කළාය.
ඇනිකට් මාවත වියලගොඩ වේයන්ගොඩ පදිංචි ඩබ්ලිව් තුසිත කුමාර (30) නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කැරිණි.
වියලගොඩ සිය නිවසේදී පෙරේදා (14) පස්වරුවේ සිය 75 හැවිරිදි පියා සමග බහින්බස් වීමක් ඇති වී අවසානයේ ඔහුගේ හිසට පොල්ලකින් ගසා තුවාල සිදු කොට ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව වේයන්ගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත් අඩංගුවට ගෙන තිබිණ.
නැවත කැදවීම මේ මස 27 වනදාට කල් තැබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd