පියාගේ ගජ මිත්‍රයකු වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළකු මව රට ගිය අතරේ වයස අවුරුදු 15ක දැරියක අපයෝජනය කළැයි මයියංගනය පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
ඔහුට ආධාර අනුබල දුන්නැයි මාතලේ නිවෙස් හිමියෙක් ද අත්අඩංගුවේ පසුවෙයි.
පියාගේ ගජ මිත්‍රයකු වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළකු මව රට ගිය අතරේ වයස අවුරුදු 15ක දැරියක අපයෝජනය කළැයි මයියංගනය පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
ඔහුට ආධාර අනුබල දුන්නැයි මාතලේ නිවෙස් හිමියෙක් ද අත්අඩංගුවේ පසුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්මිණි ලංකාවේද ඉන්නේ ? බීමත් වුන තාත්තලා ගේ නොසැලකිල්ලෙන් විතරක් නෙවෙයි , අම්මලා පිටරට යනකොට නෑදයන් ළඟ නවත්තා ගිය දැරියන්ටත් සිදු වුන අතවර වාර්තා වෙලා තිබෙනවා. (නදී)
ගින්දරයි පුලුනුයි එකතැන තියන්න එපා කියනවනෙ. මොන තරාතිරමක වුවත් පිරිමින් ගෙවල්වලට වැද්දගත්තාම ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. (නි)
ඩෝප් කාරයන්ටත් වඩා , සිල් රෙදි පොරවාගත්ත අයගෙන් තමයි ගැහැණු ළමයින්ව ප්‍රවේශම් කර ගන්න ඕනේ. ඩෝප් කාරයාට අඩු ගානේ ඩෝප් කියලා පේනවා. උපාසක ඇත්තන්ව කාලා බලන්නද ?(නදී)
පේනවා නේද අම්මලා පිටරට ගියාම දරුවන්ට වෙන දේ? මහා ලොකුවට අපේ දේශපාලුවන් මව්වරුන් පිටරට යවනවා. ලංකාවේ ඇතුළේම අම්මලාට රැකියා දෙන්න ඕනෑ. (නි)
ගැහැණු ළමයෙක් අතවරයකට පත් වෙන්න ගෙදර තාත්ත හතර ගාතයෙන් යාළුවො එක්ක ඇවිත් ගෙට ගොඩ වෙන්න ඕනම නැහැ. මගේ මිතුරෙක්ගේ දියණියට ටියුෂන් දෙන්න ගෙදරට ආපු කෙනා නිතරම දැරියගේ අතින් අල්ලන බව ගෙදර මෙහෙකාරියට දැනිලා වැඩිහිටියන් දැනුවත් කර තිබෙනවා. පසුව ආරංචි වුනේ ඔහු කඩුලු හතෙන්ම පැනපු ටියුෂන් කාරයෙක් කියලා. (නදී)
පද්මිණි මහත්මිය , තරහ වෙන්න එපා. ඔබේ අදහස පරිස්සමෙන් වචන තෝරාගෙන සංවරව ප්‍රකාශ කලොත් නරකද ? කාන්තාවක් ප්‍රසිද්ධ සභාවක අදහසක් කියන කොට බවලත් කමට සුදුසු විදියට කියන දෙයක් කියන්න ඕන නේද ? (නදී)
ජයනි කියලා තියෙන්නේ ඇත්තනේ පද්මිණි . එ්ක කොහොම පාච්චලයක් විදියට ඔයාට පෙනුනාද මන්දා. (නදී)
මගේ දරුවෙකුට උනානම් මට ඔය කෙනාව කෑලි වලට ඉරන්න පුලුවන් (නදී)
තාත්තලා ගේ මිතුරන් නිසා විතරක් නෙවෙයි , මාමලා , බාප්පලා, ටියුෂන් ගුරුවරයා , කඩේ මුදලාලි , පාසල් වෑන් රියදුරා , අල්ලපු ගෙදර අන්කල් ආදී වශයෙන් නොයෙකුත් වර්ගයේ පිරිමි අතින් බාලිකාවන් අතවරයට පත් වෙනවා. මේ උදවිය සමග එදිනෙදා ඇසුරට පත්වෙන දුව ගැන ඇහැ ගහගෙන ඉන්න තමයි ගෙදර අම්මා කෙනෙක් සිටිය යුත්තේ. (නදී)
පද්මිණි තරහ වෙන්න එපා. ඔයාගේ ඇතැම් වචන සංවර මදි. මම මේ බොහොම කරුණාවෙන් කියන්නේ. බවලතෙක් විදියට මීට වඩා සභාවේදී සැලකිලිමත් වෙන්න. (නදී)
හමෝම එක වගේ නැහැ. එක්කෙනෙක් කල වැරැද්දට හැමෝටම දොස් කියන එක වැරදියි. එයාල කල සේවය අමතක කරන්න එපා. (නදී)
පිටස්තරයන්ව ගෙදර සාලයෙන් එහාට වැද්ද නොගන්න ගෙදර කාන්තාව වග බලා ගත යුතුයි. (නදී)
ඒවගේම අම්මලා ගෙදර ඉන්න ළමයිනුත් ඔය අතවර වලට ලක්වෙන්නේ. සමහර වෙලාවට අම්මලාගෙම වැරැද්ද හෝ නොසැලකිලිමත්කම නිසා තමයි එහෙම වෙන්නේ. සමහර අම්මල ගැනත් අද කතාකරල වැඩක් නෑ. මම නම් කියන්නේ අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ඉන්නවා නම් හොඳයි. (නදී)
වැරඩි කරන හැමෝම හමුදාවෙ අය නොවේ. එ් වගෙම තමයි හමුදාවෙ ඉන්න හැමෝන වරඩි නොකර ඉන්නෙත් නෑ .හමුදාවෙ පොලිසියෙ නමටත් කලලක් වෙන විදිහෙ වැඩ කරන අය ඉන්නව.එහෙම කියල සමස්ත අරක්ෂක අන්ෂයටම දොස් පවරන එක වැරදි නේද.මොකඩ හමුදාවෙ අය මෙ රටට නිදහස ලබා දුන්නෙ වැරදි වඩ කරල නොවේ.දහස් ගණන් ජිවිත කැප කරල.
අපිට ඉන්නේ දුවරුන්ම තුන් දෙනෙක්. මගේ යාලුවෙක් වත් නිතර නිතර ගෙදරට යන එනවාට නෝනා එච්චර කැමති නැහැ. මුලදී මට ඈත් එක්ක මේ කාරණාවට තරහ ගියා. එත් මගේ කාර්යාලයේ සගයෙකුගේ ඥාති දියණියට සිදුවූ අකරත්බ්බයක් ඇසු පසු බිරිඳගේ මොලය හැඳි මිටට වඩා දිග බව තේරුනා. (නදී)
අනේ මන්ද ලංකාවෙ අය ඇයි මෙහෙම පටු විදිහට හිතන්නේ. අපි හැමෝම මිනිස්සු. මාර්ග ඵල ලබපු අය නෑ නේද මෙතන. දොස්තර, කොන්දොස්තර, හමුදාව, ගුරුවරු හෝ වෙන මොකක් හරි කියල තියෙන වෙනස මොකක්ද? ඇදුම් ගලවල බැලුවොත් ඔක්කොම එකයි. ඒ නිසා බොරුවට එකිනෙකාට දොස් කියන එක නවත්වල මේ අපරාධ නවත්වන්න පුලුවන් ක්‍රමයක් ගැන හිතුවොත් නරකද? (නදී)
මාලි..... ඇයි ඔයාට එයාලා මොනවා හරි කළාද එයාලා එපා වුනේ (නදී)
මොකක් හරි හේතුවකට අපේ ගෙදර පිට පිරිමි කට්ටිය ගැවසෙන දවසක් ඇතිනම් අපේ නෝනා දුවව ඇස් මානයෙන් හෙල්ලෙන්න දෙන්නේ නැහැ. දැන් බලනකොට එයා හරි. (නදී)
නැහැදුන උන් හමුදාවේ විතරද? ගුරුවරු,දොස්තරල ඕවා කරන්නේ නැද්ද ? නැහැ කියන කවුරු හරි ඉන්නවද? උන් කරනකොට ඒවා ලොකුවට පේන්නේ නැහැ කාටවත්. (නදී)
ආයතනයම කන මේ වගේ අයට නිසි දඩුවම් ලැබේවි (නදී)
දැඩි දඩුවම් දෙන්න ඕනේ (නදී)
මෙයාට,වලත්තයා නොකියා වෙන මොනව කියන්නද?.(අ)...
අද කුඩා දරුවන් සහ ළමා අපචාර ලංකාවේ සිදුවන්නේ පවුලේම අයගෙන් සහ පවුලේ ලගම හිතවතුන්ගෙන්. වර්තමානයේ මෙයින් මිදීමට නම් . තමාගේ දරුවන් ගැන නිතරම සෙවිල්ලෙන් සහ, කිසිම විටක වෙන අයකු වෙත සුරතල් කිරීමට හෝ බලා ගැනිමට දීමෙන් වැළකීමෙන් මේවා අවම කර ගත හැක (නදී)
මම සිතන්නේ පද්මිණි මහත්මිය ලියා තිබෙන්නේ ,තමාගේ අත් දැකීමෙන් , සමහරු එයට විරුද්ද ප්‍රතිචාර දමන්නේ අත් දැකීම් නොමැති හෙයින් වන්නට පුළුවන් (නදී)
අපේ අසල්වැසි නිවසක වයස 10 ක ගෑනු ළමයෙක්ව අපචාරයකට යොදා ගෙන තිබුනේ ගෙදර නවාතැන් ගෙන සිටි තලත්තානි ක්ලාක් මහත්තයෙක්. හිටියේ සිල් ගත්ත වගේ. (නදී)
ජයනි, ඔයත් කාන්තාවක් නේද? දැන් මේ අම්මගේද වැරැද්ද? කනමදයෝ වගේ බීගෙන ගෙදරට වලත්තයෝ ගෙන්න ගත්තු පියාට මොකුත් කියන්නේ නැද්ද? ඕක තමා ලංකාවේ ගැහැණු තමන්වම පාච්චල් කරගන්නවා. (නදී)
පද්මිණි ජයනිගේ ඇඟට ගොඩ වුන හැටියට අහල පහල පිරිමි ත් උඩ වීසි වුනාදෝ කියල හිතෙනවා. (නදී)
මේ හැමදේකටම මුල විධියට මම නම් දකින් නේ, 1. පියාගෙ බීමත් කමත් එක්කම උපයන මුදල ගෙදර මුලික අවශ්‍යතා සපුරා ලීමට ප්‍රමාණවත් නොවීම. 2. මවගේ අයහපත් ආර්ථික කළමනාකරණය. ඒ නිසා තමයි මුදල් හොයන්න මව හෝ පියා විදෙස් ගතවෙන්න හදන්නේ මේ දෙන්නගෙන් කවුරු විදෙස් ගත වුවත් මේ වගේ දේවල්වලට දුවලට මුහුණ දෙන්න වෙනවා. පියා උපයන දේ හරියාකාරව කළමණාකරණය කිරීම වගේම ගෙදරට අවශ්‍ය කරන එළවළු ටික ගෙදර මල් පෝච්චියක හරි හදන්න අපේ බිරින්දැවරු හුරු වෙනවා නම් නිකරුණේ කා දමන කාලයෙන් ගෙදර ආර්ථිකයටත් සවියක් ලැබෙන අතරම තම දු පුතුන් පිළිබඳව වැඩි විපරමක් කිරීමට මෙන්ම හොද ගෘහ ජිවිතයක් ගතකරන්නත් පුළුවන් නේද ? (නදී)
රතුපස්වල දී වතුර ඉල්ලපු අහිංසක වැසියන්ට අපේම හමුදා භටයෝ වෙඩි තබා මරා දැමූ අපරාධය දිහා බලද්දි මේ වගේ දේවල් කිරීම මට පුදුමයක් නෙවෙයි. වතුර පිපාසිතයන්ට වෙඩි නම් කාම පිපාසිතයන්ට...? (අ)
මට තේරුනේ නෑනේ (නදී)
අපේ ගම්වල කතාවක් තියෙනව තාත්ත වුණත් කමක් නැහැ පොලිසියේ නම් වශ්වාස කරන්න එපා කියල. (නදී)
හමුදාවේ නෙමෙයි 80% ක් ඕවා කරන්නේ දොස්තරලා ටීචර් ලා වගේ අය. (නදී)
මේ වාගේම තමා තමාගේ ආදරණිය බිරිඳව තමන්ට හොරෙන් දුෂණය කරන්නෙත් තමාගේම හොඳම යහළුවන් සමහර අවස්ථාවල , මට සිදුවූ දෙයක් මෙය (නදී)
දැඩි දඩුවම් දෙන්න ඕනේ. ඔය තාත්ත දන්නේ නැද්ද එ්කා මිනිහෙක් කියල? (නදී)
අපේ රටේ බාගයක් අය ඉන්නේ හමුදාවේ හෝ පොලීසියේ. ඉතින් මේ වගේ කාලකන්නි ඉන්න එක අහන්න දෙයක් නැහැ. අර කව්දෝ කිව්වා වගේ මේ අයට හමුදාවේ කියල උන හැදිලා තියෙන්නේ. (නදී)
අපි ගොඩාක් විශ්වාසයෙන් ලංකරගෙන ඉන්න අය කිසිම දිනක විස්වාස කරන්න හොඳම නෑ. මමත් පාඩමක් ඉගෙනගෙන තියෙනවා එවැනි කෙනෙක්ගෙන්. (නදී)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ? (නි)
චමින්දගේ ප්‍රතිචාරයට මමත් එකගයි. (නදී)
මේවාට දැඩි දඩුවම් දෙන්න ඕනෑ (නි)
පියාගේ වරද මේ වාගේ නරුමයෝ ඇසුරු කිරීම අහිංසක දරුවා අසරණයි මෙවැනි කමාතුරයන් ඉදිරිපිටදී (නදී)
මේ අපරාධ වලට දෙමාපියනුත් යම් මට්ටමකින් වගකියන්න ඕනෑ (නි)
පද්මිනීගෙ කතාව හරි මේවට කියන්න ඔයිට වඩා හොද වචන නැහැ ඩෝප් කාරයින්ට ඒවට රිදෙනව ඇති (නදී)
මාලි ඔයා ඔහොම කතා කියන්න එපා මොකද මමත් හමුදාවේ හිටපු කෙනෙක් . (නදී)
ඔය වැරැද්ද වෙන කන්තෝරුවක කෙනෙක් කලා නම් ඒ කන්තෝරුවේ නම කියල එය කළා කියන්නේ නැහැ. මන්ත්‍රී කෙනෙක් ඔය වැරද්දම කලා නම් මාලි කියනවද මන්තිරිලා වල් කියල නැහැ නේද ඒ නිසා එක වලත්තයෙක් කල වරදකට හමුදා කාරයෝ කියල කියන්න එපා මාලි. (නදී)
මේ සමාජයේ තිරිසනුන්ට සිමාවන් නැත (නදී)
ඕකට වැරදි කවුද කියලා නෙවෙයි හොයන්න ඕන ඒ වගේ ආයේ දේවල් නොවෙන්න වැඩ කරානම් හරි. ඔය හමුදාවෙ' කියන මිනිහ එක්කෝ පැනපු එකෙක්. නැත්නම් එලවපු එකෙක්. (නදී)
ඔන්න ඔතනයි වැරැද්ද. පොලිසියේ,විශේෂ කාර්ය බලකායේ,ත්‍රිවිධ හමුදාවේ කිව්වහම අපේ ගම්වල උදවිය දෙයියන්ට වගේ සළකන්නේ. නයි ගේ අස්සට දාගෙන පස්සේ කෑවෝ කෑවෝ කියලා බෙරිහන් දෙනවා.මම කියන්නේ නැහැ හැමෝම එහෙමයි කියලා.නමුත් " ආරක්ෂක අංශයේ රැකියාව " නමැති උණ අරගෙන සමහරු නයින්, මාපිලුන් වෙලා ඉන්නේ. නගරබද අය නම් ඕවාට අහුවෙනවා අඩුයි. (නි)
ඕකට එල්ලලා ගහන්න ඕන... මේ අය නිසා මුළු හමුදාවම කැත වෙනවා. (අ)
පද්මිණි ඔයා ජයනිගේ ඇඟට ගොඩ වුනාට එයා කියපු කතාවේ ඇත්තක් තිබෙනවා. මව විදේශ රැකියා වලට යන ලංකාවේ පවුල් බහුතරයක් මේ විදියේ ප්‍රශ්න වලට මැදි වෙනවා. ඒක අපි කාටවත් නැහැ කියන්න බැහැ. ඔයා ලංකාවේ සෑහෙන කලක ඉඳල හිටපු කෙනෙක් නෙවෙයි වගේ පේන්නේ. පද්මිණි හිතුවාට ගෑනු දරුවෙකුගේ ලඟින් අම්ම ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි කියල මම නම් එක පිලි ගන්නේ නැහැ . (නදී)
පද්මිණි මම ලිව්වේ මගේ පුද්ගලික අදහස. ලංකාවෙන් වාරතා වෙන සිද්ධි, සමාජයේ දකින්න ලැබෙන දේ ඇසුරින්. මව නිවසේ ඉන්න බාලිකාවන්ට මවක් නිවසේ නැති දැරියන්ට වඩා යම් කිසි ප්‍රමාණයක හෝ වැඩි රැකවරණයක් ලැබෙන බව මගේ පුද්ගලික මතයයි. එය ඔබට හරියන්නේ නැති වුනාට මට කරන්නේ දෙයක් නැහැ. (නදී)
පද්මිණි මහත්මිය ටිකක් ශිෂ්ඨ විදියට අදහස් ලිව්වොත් හොඳයි නේද ? කාන්තාවක් අදහස් ප්‍රසිද්ධ සභාවක ප්‍රකාශ කරනකොට පාවිච්චි කරන වචනය සංවර වුනොත් හොඳයි. මේ කැත වැඩේ කල පිරිමියාට ඕන තරම් බනින්න. හැබැයි බවලතෙකුට ගැලපෙන විදියට. (නදී)
මමත් ජයනි ට එකඟයි. ගැහැණු දරුවෙකුගේ ආරක්ෂාවට වැඩි වගකීමක් තියෙන්නේ මවට. පියාටත් තිබෙනවා. නමුත් රැකියාවකට ගෙදරින් පිට ඉන්න ගමන් අම්ම කෙනෙකුට වගේ දුවෙක්ට කිට්ටු වෙලා යන එන තැන , ඇසුරු කරන උදවිය ගැන සොයන්න පියාට අපහසුයි. අනෙක වැඩි මනත් අපචාරවලට සම්බන්ධ පිරිමි ගෙවල් වලට රිංගන්නේ පද්මිණි කියන "වලත්ත " ස්වරුපයෙන් නෙවෙයි . හතර පෝයට සිල් අරගෙන සිල් රෙද්ද පෙරවා ගත්ත ගමන්. ගෙදර අම්මට තමයි මේ පුද්ගලයා " මොකට ද අර අදින්නේ" කියන දේ තේරුම් ගන්න පුළුවන්. (නදී)
රටේ ආරක්ෂක අංශවල අය කියල කරන හැම අපරාදයකටම නිදහස දෙන්න බැහැ. ඕකට කරන්න තියන්නේ තරා තිරම නොබලා එක පාරම මරල දැම්මනම් ඉවරයි . (නදී)
කලකට පෙර අපේ අසල් වැසි නිවසේ අලුත්වැඩියාවට පැමිණි බාස් කෙනෙක් ඒ නිවසේ පස් හැවිරිදි දියණියට කවුරුත් අහල පහල පේන්න නැති වෙලාවක කරන්න ගිය අතවරයක් ඒ නිවසේ කාන්තාව ගේ තැනට සුදුසු නුවන නිසා වැලකුනා. ඒ කාන්තාව නිවසේ වැඩ කටයුතු කරන අතරේ දියණිය අහල පහල පේන්න නැතිනම් දුවේ ඔයා කොහෙද යනුවෙන් නිතරම අමතන පුරුද්දක් තිබුනා. එසේ අමතන එක අවස්ථාවකදී අම්මේ මම බාස් මාමගේ උකුල උඩ යනුවෙන් දැරිය උත්තර දීලා. සැනෙකින් එතනට ගිය මවට දැරිය දමා පලා යන බාස්ව දැකලා. පුරුවේ පිනකට අනතුරක් වෙලා නැහැ. ඊට කලින් ඒ දරුවා බේරුනා. (නදී)
පද්මිණි මහත්මිය , ගෙදර දුවලාට අතවර වෙන්නේ , තාත්තලා ගෙදර එක්කගෙන එන බීමත් පිරිමින් ගෙන් විතරද ? මාමලා , සීයලා, අල්ලපු ගෙදර අන්කල් , කඩේ මුදලාලි , ටියුෂන් ගුරුවරයා, පාසල් වෑන් රියදුරු , ගෙදර බෝඩින් කාරයා සහ සමහර අම්මලාගේ අනියම් පෙම්වතුන් පවා සැක සහිතයි නේද ? ඔබතුමිය ලංකාවේද ඉන්නේ ? ඇහුවට තරහ වෙන්න එපා. (නදී)
මගේ නිවසට ආව ගිය පවුලේ හිතවතෙකු ලෙස කටයුතු කල කාර්යාල සගයෙකු හිටියා. ඔහුටත් දියණියන් දෙදෙනෙක්. ඒ නිසා මගේ දියණිය සම්බන්ධයෙන් කිසිම සැකයක් තිබුනේ නැහැ . එහෙත් විනෝද චාරිකාවක් ගිය අවස්තාවක මගේ නෝනා ගේ විමසිලිමත්කම නිසා ඔහු කවුදැයි අපි කලට වෙලාවට අඳුනා ගත්තා. මගේ දරුවා විවාහ කරලා දෙනකන් ගෙදර සාලයෙන් මෙහාට පිට පිරිමියෙක් ඇතුලට ගන්නේ නැහැ කියලා මම හිතා ගත්තා. (නදී)
සමහර නව යව්වන ගැහැණු ළමයින්ට කොහෙන් හරි පෙම්වතෙකු සොයා ගන්නට සිත් පහල වෙනවා. මේ වගේ වයසක ඉන්න ගැහැණු දරුවෙකු ළඟ අම්මා ඉන්නම ඕන. ඉසුරු සොයා යනවා වගේ නෙවෙයි දරුවන්ට මව්පියන්ගේ රැකවරණය නැති වෙනකොට වෙන පාඩුව. (ස)
දෙමව්පියන්ටත් මේවා හොඳ පාඩම්. පව් පොඩි එකා (නි)
පුදුමාකාර මිනිස්සු! (නි)
පොලිසියේ, හමුදාවේ, විදුහල්පත්වරුන් සහ ගුරුහොරුන් ගෙන් ප්‍රවේශම් වෙන්න. (නදී)
පද්මිණි ඔයා නිකරුනේ කුලප්පු වෙලා. ජයනිගේ කතාවෙන් සමාජයේ සිදුවන එක්තරා ව්‍යසනයක් පෙන්වා දෙනවා මිසක් මම නම් පාච්චලයක් දකින්නේ නැහැ. විවාහක කාන්තාවන් ගෙදර වගකීම් පැත්තකට දමා විදේශ ගත වෙන විට දරුවන් අපචාර වලට ලක්වීම් විතරක් නෙවෙයි සැමියන් බීමට සහ අනියම් සම්බන්ධකම් වලටත් යොමු වුන අවස්ථා වාර්තා වෙලා තිබෙනවා නේ. මේ පුවතේ තිත්ත ඇත්ත එකයි. අපි පුද්ගලික මට්ටමින් අනෙක් කෙනාගේ ප්‍රතිචාර ඇඟට ගන්න ගියොත් පාඨක සභාවෙදීම අපිට ප්‍රෙෂර් එක හැදේවි. (නදී)
අනේ මන්දා මට නම් ජයනි මහත්මියගේ කතාවේ බවලතුන්ට අපහාසයක් පේන්නේ නැහැ. අද සමාජයේ වෙන දෙයක් තමයි එයා කියලා තියෙන්නේ. (නදී)
පද්මිණි මහත්මියට තරහ ගිහින් තියෙන්නේ මොකද දන්නේ නැහැ . (නදී)
මෙවන් මිනිසුන් මනුෂ්‍ය ජාතියටද නිගාවක් (නි)
පොලිස්කාරයෝ හමුදාකාරයෝ ලංකරගන්න හොද නෑ (නදී)
මාලි මොකද කියන්නේ අර කලකට පෙර වාර්තා වුන තමන්ගේ දුව ගණිකා වෘත්තියේ යොදවපු පන්නිපිටියේ අම්ම ගැන. ? එයත් ඩෝප් මරගාතයෙන් වෙන්නැති ඒ අපරාධ කටයුත්ත කලේ. (නදී)
මට තේරෙන්නේ නැහැ මේ රටේ බවලතුන් දැන් ගෙවල් වල ගැහැණු දරුවන්ගේ රැකවරණය සොයන බලන කටයුතු ආදියත් ගෙදර පිරිමියාගේ ඇඟේ පටවා මාරු වෙන්න හදන්නේ මොකද කියලා. (නදී)
ඔයාගේ කතාව හරියටම හරි ජයනි. (නි)
මුලික වැරැද්ද දුප්පත් කමයි. අම්මා රට නොගියා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ (නදී)
ජයනිගේ කතාවේ ඇත්තක් තියනවා. අම්මලාට දරුවන් ගැහැණු දරුවන් ගැන වැඩි වගකීමක් තිබෙනවා . (නදී)