(ප්‍රසාද් රුක්මල් )
පස්සර ගෝනකැලේ වත්තේ දී සිය 18 හැවිරිදි පුතා දැලිපිහියකින් කැපූ පියෙකු අද (9) සැකපිට අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ගෝනකැලේ වත්තරේන්දපොල පදිංචි 49 හැවිරිදි සිව්දරු පියකු යැයි පොලිසිය පවසයි.
පියා විසින් දැලිපිහියකින් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබු 18 හැවිරිදි පුතා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බවද පොලිසිය පැවසීය .
දැලිපිහියකින් කපා දැමීමෙන් මොහුගේ වම් අතට සහ උදරය ප්‍රදේශයේ බරපතළ කැපුම් තුවාල සිදු වී ඇති බවත් රෝහල් ප්‍රකාශයකු කීය .නිවසේ ඇතිවූ ආරවුලකදී පියා මෙලෙස පුතාට දැලි පිහියකින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය වු බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවට මුල මත්පෙති..දැන්නම් ලන්කාව හොදටම පිරිහිල