මෝදර අලුත් මාවතේ පස් කන්ද කඩා වැටී පැය හයකට පසුව බර යන්ත්‍ර සූත්‍ර වෙනුවට තාච්චිවලින් පස් ඉවත් කරමින් සිටියදී මීට ටික වේලාවකට පෙර තව සිරුරක් සොයා ගත් බව සහන සේවකයෝ කියති. 

ඔහු ද දෙහිඅත්ත කණ්ඩියේ පදිංචිකරුවෙකි.

කොළඹ මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවෙල මහතා එහි පැමිණ මූලික පරීක්ෂණ පැවැත්වීය.