ඉරිදා රාත්‍රී 9 සිට අද (14) අලුයම 1 දක්වා පිළියන්දල මාර්ග සෝදිසියක යෙදුණු පොලිසිය විසින් වරෙන්තුකරුවෝ නව දෙනෙක් ද හේතුවක් නැතිව පාරේ සිටි විසි එක් දෙනෙක් ද අපරාධ වලට සම්බන්ධ බව කියන දෙදෙනෙක් ද කසිප්පු බී සිටි බව කියන දෙදෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාරානාත් සමරකෝන් මහතා මෙම වැටලීම මෙහෙයවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි කියලත් හිතෙනවා (බ)
ඔය කාරණයේදී ධනාත්මකව නොව ඍණාත්මකව සිතන්න. හොරකම්, මංකොල්ල කෑම ගැන අපට වඩා පොලිසියට අවබෝධයක් තියෙනවා. (බ)
ඇතුලට දැම්මාට වැඩක් නෑ දේශ පාලුවෝ ගිහිල්ලා එලියට ගනීවි. (බ)
හේතුවක් නැතිව පාරට යන්න තහනම් කියලා අපි අදනේ දන්නේ ? (ර)
හොඳ මෙහෙයුමක්. (ර)
හේතුවක් නැතිව පාරේ ඉන්න නීතියෙන් තහනම් කියල ඇහුවේ අදනේ (බ)
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ඉතාම විශිෂ්ට සේවයක් ඔබ තුමා කර තිබෙන්නේ (බ)
රටේ හැම තැනම ඔය විදිහට දිගටම කරන්න. (ර)
එතකොට කරන්ට් එක නැතුව රස්නයට එලියට යන්න බැරිද.? (ර)
හරි ලොකු වැඩක් කරල මෙන්න (බ)
අසේල, දිනේෂ්, දහම් පාසල් ගියා නම් හේතුව දන්නවා. අවේලාවේ වීථි සංචාරය එපා කියලා බුදුහාමුදුරුවෝ වදාරා තිබෙනවා. (නි)
අනවසර ගරාජ හිමියන් ගැනද සොයාබලා ඒවාද වහාම තහනම් කරන්න. (නි)
දඹුල්ලේ ඉඳලා මාධ්‍යවේදීන් ගෙන් පිම්බිලා කොලඹ ආපු ඕඅයිසී නේද මේ ? මෙයා මහවෙල පොලීසියේ ඉද්දිත් මේ වගේම නිකරුනේ නඩු හැදුවා අහිංසක මිනිස්සුන්ටත්.. (බ)