ඇමැති රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී බ්ලූමැන්ඩල් පාරේ වෙඩි තැබීමෙන් මිය ගිය නිරෝෂන් සම්පත්ගේ දරුවන් වෙනුවෙන් පාසල් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සම්පාදන ලබාදීමට රවී කරුණානායක මහතා අද (11) එහි ගියේය.
ග්‍රෑන්ඩ්පාස්, ස්ටේස් පාර පිහිටි නිරෝෂන් සම්පත්ගේ නිවසට ගොස් ඇමැතිවරයා පවුලේ පිරිස මුණ ගැසුණේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් ගැන සොයාබලා හැකි උපරිමයෙන් උදවු කරන්න (අ)
මොන උදවුවක් ලැබුනත් ඔවුන්ට අහිමි වූ ජීවිතය නැවත ලබාදෙන්න පුලුවන්ද? (නි)
ෆොටෝ නම් ගොඩාක් අරන්. අහිංසකයන්ගේ අනාගතය සුරකින්න. නැතිනම් තවත් පාතාලයක් බිහිවෙයි.(ම)
පවු අහිංසක ළමයි! (නි)
අනේ දෙවියනේ! දරුවෝ තුන් දෙනෙක් සමඟ මේ කාන්තාවට ආත්ම ගෞරවය රැකගෙන ජීවත්වන්නට සුදුසු රැකියාවකට යොමුකරන්න. ලංකාවේ කාන්තාවන් අසරණවීම ඉතාම භයානක තත්ත්වයක්. (නි)
ජන්දේ කාලේ විතරයි. දැන් අලුත් ක්‍රමයක් (ම)
පව් අහිංසක දරුවන්ට තාත්තා කෙනෙක් නැතිවුණා එක විතරයි අන්තිමේට වුණේ, දේශපාලකයන්ගේ ඇසුරට යන හැමෝටම මේවා හොද පාඩම්. (ම)
මොවුන් ගැන සොයාබලා හැකි උපරිමයෙන් උදවු කරන්න (නි)
තමන් වෙනුවෙන් වෙඩි කෑ එම පවුල වෙනුවෙන් තමන්ගේ වියදමින් ඕනෑ දෙයක් ඒ අයට දුන්නාට අපිට ප්‍රශ්නයක් නැහැ. (නි)
බොහොම ආනිසංස ඇති කුසලයක් (නි)
යුද්ධයට ගොස් තමන්ගේ පියා, මව අහිමිවූ ඕනෑතරම් ළමයි ඉන්නවා රට වටේම. කොළඹ දිස්ත්‍රික්කය ගත්තත් එක පවුලක් නෙමෙයි. ඔවුන්ට කාගේ හව්හරණක්ද? (නි)
ඡන්ද කාලෙට පමණක් නෙමෙයි ජීවිත කාලයේම මොවුන්ට සැළකුවත් මදි (නි)
මේ මිනිසුන්ට ජිවත් වෙන්න මගක් හදල දෙන්න.(නදී)
ඒක ඒ අයගේ වගකීමක් (අ)
හිරාන්, ඒ අයට තම නැතිඋනා ස්වාමියාගේ වැටුප ඒ විදියටම ලැබෙනවා. එ්කවත් මදැයි අඩුම ගානේ (නදී)
අනේ අහිංසකයා (නදී)
හොඳ වැඩක් (නි)
මුදලින් හැකිද පිය සෙනෙහස පුරවන්න?...... ඇයි මිනිසුනේ නුඹලත් මිනිසුන් නේද?....... ජිවිතයකට වටිනාකම දිය හැකිද?.......... මව්පිය අඩුව සපුරන්නට හැකිවෙයිද? (නි)