IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පැය 6 කින් ත්‍රිමාණ දුම්රිය ස්ථානයක් හදලා

ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D-printing) භාවිතයට ගනිමින්, පැය 6 කට වඩා අඩු කාලයකදී, දුම්රිය ස්ථානයක් එකලැස් කර අවසන් කිරීමට ජපන් ඉන්ජිනේරුවෝ පිරිසක් සමත් වූහ. 

ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතයට ගනිමින්, පැය 6 කට වඩා අඩු කාලයකදී, දුම්රිය ස්ථානයක් ඉදි කළ පළමු අවස්ථාව මෙයයි. ත්‍රිමාන තාක්ෂණයෙන් ඉදි කෙරුණේ හට්සුෂිමා දුම්රිය ස්ථානයයි. 

බටහිර ජපාන දුම්රිය සමාගම, මෙම ඉදි කිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා, සෙරෙන්ඩික්ස් නමැති ඉදිකිරීම් සමාගමේ සහාය ලබා ගත් බව පැවැසෙයි. 

හට්සුෂිමා දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ, වකයාමා ප්‍රාන්තයේ 25,000 ක ජනගහනයක් සහිත අරිඩා නගරයේ කොටසක් වන නිස්කලංක මුහුදුබඩ නගරයේය.

හට්සුෂිමා දුම්රිය මීට පෙර ලීවලින් නිර්මාණය කර තිබුණු අතර, එය ඉවත් කර මෙම නව එකලැස් කිරීම සිදුවිය.

රාත්‍රී 11:57 ට අවසන් දුම්රිය පිටත්ව යෑමෙන් පසු ත්‍රිමාණ අයුරින් මුද්‍රණය කර සාදා ගත් දුම්රිය ස්ථායේ කොටස් එකලැස් කිරීම ලහිලහියේ ඇරැඹුණ අතර, උදෑසන 5:45 ට පළමු දුම්රිය දුම්රිය ස්ථානයට ළං වෙද්දී සියලුම ඉදි කිරීම් කටයුතු අවසන් කර තිබුණි.
සාම්ප්‍රදායික ආකාරයෙන් මෙම දුම්රිය ස්ථානය ඉදිකිරීමට මාස දෙකකට වැඩි කාලයක් ගත වන අතර දෙගුණයක් වියදම් වනු ඇති බව බටහිර ජපාන දුම්රිය සමාගම පැහැදිලි කර ඇත.

ත්‍රිමාණ මුද්‍රණය යනු පරිගණක මෘදුකාංගයක් භාවිතයෙන් සැලසුම් කරන ලද ත්‍රිමාණ වස්තුවක් ස්ථරයෙන් ස්ථරය ගොඩනැගීමේ ක්‍රියාවලියකි. ත්‍රිමාණ මුද්‍රණයේදී අවශ්‍ය කොටස් පමණක් නිර්මාණය කර ගැනීම සිදුවෙයි.

විශාල පරිමාණයේ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර භාවිතයෙන් ගොඩනැගිලිවල කොටස් හෝ සම්පූර්ණ ගොඩනැගිලි පවා මුද්‍රණය කළ හැකිය. මෙම තාක්ෂණය සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්‍රමවලට වඩා වේගවත්, අඩු වියදම් සහ පරිසර හිතකාමී විකල්පයක් ලෙස සැලකෙයි. 

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පැය 6 කින් ත්‍රිමාණ දුම්රිය ස්ථානයක් හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site