අප්‍රේල් 15 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුපියල් එක්කෝටි හැත්තෑ හය ලක්ෂයක වාර්තාගත ආදායමක් උපයාගත් බව එහි අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා කියයි.
වාහන 557023 කින් මේ ආදායම ලැබී ඇත.
වැඩිම වාහන ගණනක් අධිවේගී මාර්ගයට පිවිස ඇත්තේ කඩවතිනි.එය 9600 කි.
අප්‍රේල් 8 හා 12 අතර අධිවේගී මාර්ගය ඉතාම කාර්යබහුල විය.එම කාලයේදී අනතුරු 23 කින් තිදෙනෙක් තුවාළ ලැබූ බවත් කාර්මික දෝශ 100 ක් පමණ වාර්තාවූ බවත් කියති.
වාහන පෝලීමේ වැඩිම දිග මීටර 300 ක් වූ බවද එහෙත් අයකැමිවරුන් වාහන ළඟටම ගොස් මුදල් භාරගෙන එම තදබදය ඉතා ඉක්මනින් අවම කළ බවද ඕපනායක මහතා කියයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයාගේ කාලෙත් මෙවැනිම ආදායම් ලැබුණා. එහෙත් රජයට ලැබුනේ පොඩි සොච්චමයි. අනිත් සල්ලි වලට මොකද වුණේ? (නි)
නඩත්තු වියදම්, සේවක පඩි, චීනෙට ගෙවිය යුතු ණය සහ පොළිය අඩු කෙරුවහම දෙකෝටියෙන් කීයක් ඉතුරුද කියන එකයි වැදගත් වෙන්නේ. (නි)
මහින්ද නිසා මේවා හැදුනා (නි)
රටේ සංවර්ධනයට නැවතීම් ලකුණක් ගෙන අාවාට යහපාලනයට බොහොම ස්තුතියි. (නි)
ඕකට කොයිතරම් නම් මහින්ද බැනුම් අහලා ඇද්ද? (නි)
ආසියානු සංවර්ධන බැංකුවට පින් සිදුවේවා මෙවන් ව්‍යාපෘතියක් ලංකාවට සපයා දුන්නාට! (නි)
හොරකම් කළායැයි චෝදනා ලැබූ රෙජිමයට පින්සිදු වේවා! (නි)
රුපියල් වලින් ආදායම ලැබුනාට මේක හදන්න ගත් ණය සහ පොළිය ගෙවියයුත්තේ ඩොලර් වලින් බව කට්ටියට අමතකවෙලා (නි)
මහින්දට බැන්නට දැන් කොහොමද මේවා නැත්නම්? කෝ අර අධිවේගී මාර්ග කන්නද අහපු අය? (නි)
මේක පටන්ගන්නකොට නම් කට්ටිය කිවුවෙ කොහොමද? (නි)
ඔන්න මහින්ද මහත්තයා ණය අරන් කරපු වැඩ. හිතේ කුහකකම ඇරලා බලන්න දැන්වත් (නි)
දැන්වත් ඉතින් රාජපක්ෂ මහත්තයට හොඳක් කියයිද? (නි)
දැන් රජයෙන් කරන සංවර්ධනය ගැන නම් කතකරලා වැඩක් නැහැ (නි)
මේවා ගිය ආණ්ඩුව කරපු වැරදිනේ. ජනතාවට ඇස් ඇරුනොත් හොඳයි (නි)
අපි මහින්ද රාජපක්ෂටම බනිමු (නි)
වැඩේ පාඩුවුණා නම් මහින්ද මහතා ඉවරයි. දැන් පැය 24ත් කෝටි ගණන් ලැබෙනවා. එ්ත් මහින්ද මහතා ගැන කතා නැහැ (නි)
එහෙනම් සෑම් අපි රට ඇතුළෙත් ඩොලර් පාවිච්චි කරමු. අනේ මගේ කට. (නි)
චන්න, ප්‍රසන්න, ඔබේ කතාව හරියට ඔබ පසුපසින් සිට බලාගෙන සිටියා වගෙයි. මේ සල්ලි වලට වෙනදේම තමයි ඒ සල්ලි වලටත් වුණේ (නි)
ගමගේ, කොමිස් ගැන කිවුවෙත් පාරේ වියදම ගැන කිවුවෙත් මැදවච්චිය කොහෙද කිලිනොච්චිය කොහෙද නොදන්නා මිනිස්සු. (නි)
හොරා හොරා කියපු අයගේ වැඩවල අගය පෙනෙනවා නේද? (නි)
මේ ආණ්ඩුවට තව ආත්ම ගානක් බලයේ හිටියත් මහිනද කළ දේවල් වලින් දශමයක්වත් කරන්ඩ හැකියාවක් නැහැ වගේයි (කෞ)
මහින්ද මහත්තයාට තව බනිමු නේද? (නි)
සල්ලි හිඟ වෙලාවේ කීයක්හරි හොයාගන්න ලැබුනේ කවුරුහරි කෙනෙක් පාර හදලා තිබුන නිසානේ (නි)
රටේ සල්ලි රට ඇතුලෙම කැරකෙනවා. ඕක ඉතින් අමුතු දෙයක් යෑ (ම)
රටට හිතැති ගමනක් කවදද ? (ම)
මේ මාර්ගය හැදූ මහින්ද රාජපක්ෂ මහතාට අපගේ ප්‍රණාමය! (නි)
මේ පාර හදනකොට ඒ කාලේ විපක්ෂය මහින්දට හිනාවුණා. දැන් පේනවා නේද වැඩ? මේ ආණ්ඩුව කවදා නුවරට අධිවේගී මාර්ගය හදාවිද කියලා බලමු. (නි)
මේ පාර හැදුවට කවුරුත් දොස් කිව්වේ යන වියදම සහ වැරදි ශක්‍යතා වාර්තා දිහා බලලා කියනදේටයි. ඒක පාට කණ්ණාඩිය ගළවලා බලන්න. වැයවුණු මුදලටයි, කොමිස් වලටයි වෙන්වුණු මුදලටයි අපි කවුරුත් දේශපාලන පාට බේදයකින් තොරව ණය ගෙවනවා කියන එක අවංකවම අමතක කරන්න එපා. මේ පාරේ අයිතිය රටට එනකොට පාරේ ආයුෂ ඉවරයි කියනදේත් හිතන්න. මනුස්ස ආත්මයක් ලැබූ පමණින් වර්තමානය තුළ පමණක් ජීවත්වෙන්න එපා. (නි)
දැන් මේවායේ යන්නෙ නැහැ කියපු අයත් යනවා ඇති නේද? (නි)