කොස්ගම හමුදාවේ අවි ගබඩාවේ ගින්නෙන් පැය 17 කට පසුව ද පිපිරුම් දෙකක් මීටරයක් දුරට ඇසිණි. කඳවුරේ සිට කිලෝමීටරයක් දුරින් පිහිටි ගෙවල් වලට ද හානි සිදු වී තිබේ. ගින්නට හසු වු උණ්ඩ වල කැබලි විසි විමෙන් බිත්ති පුපුරා ගොස් ඇත. ඇතැම් බිත්ති වල සිදුරු ද ඇතැම් ඒවා වල වහල ද කැඩී ඇත.
එම්.සේනක (හිටපු හමුදා නිලධරී) - ‘මං ආමි එකේ වැඩ කළේ.කකුලේ ආබාධයක් තියෙනවා.අපේ ගෙවල් කැම්ප් එකට ළඟයි. රතිඤ්ඤා වගේ සද්දයක් ඉරිදා(05) හවස ආවා.අපි හිතුවේ කැම්ප් එකේ වෙඩි පිටියේ පුරුදු වෙනවා කියලා. ටික වේලාවක් යද්දී ලොකු දුමක් නැග්ගා. හැමෝම දිව්වා.අපිත් දිව්වා. උදේ ගෙවල් පැත්තේ ගියා.පාර දිගටම මෝටාර් වගේ ඒවා වැටිලා.අපේ ගෙදරටත් ගොඩක් හානි වෙලා.’
ජයසුරිය (කඳවුර අසල ආපනාශාලා හිමිකරුවෙක්) - ආමි එකට මං කෑම දෙනවා.කැම්ප් එක ගාව හෝටලයක් තියෙනවා.සිද්ධිය වෙන දවසේ කැම්ප් එකට කෑම වගයක් දෙන්න හිටියේ.හවස 5.25 එට විතර ඒ පැත්තෙන් දුමක් ආවා.කැම්ප් එකේ නිලධාරින් දෙන්නෙක්ට කතා කලාම එයාලා කිව්වා දුමක් එනවා දුවන්න කියලා. ඒ එක්කම අපේ බබලා දෙන්නා කෑගැවුවා දුම දානවා කියලා.හැමෝම දිව්වා. අපිත් දිව්වා.
ඡායාරූප - කෞශල්‍ය සමින්ද









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාන්දනී මහත්මිය, ඔබ හරියටම හරි. මේවාට දේශපාලකයන්ට දොස් කියලා වැඩක් නැහැ. බෞද්ධ අාගමට අනුව ජීවත්වෙමු. (නි)
චන්දනී, ඔය මොකුත් නැතත් තමන්ගේ රාජකාරිය හරියට කරනවානම් කිසි ආපදාවක් වෙන්නේ නැහැ. (නි)
සත්‍ය යට ගිහිල්ලා, අසත්‍ය, අසාධාරණය මතුවෙන කාලෙට සිද්ධවෙන දේවල් තමා මේ... (නි)
රටේ හොඳ වැඩිකමට දෙවියෝ සළකන හැටි තමයි. මිනිස්සු කොච්චරකගේ ශාපය මේ ආණ්ඩුවටත් වදිනවද? (නි)
චාන්දනී සහ කුරුවිට, නිකන් බොරු කියන්න එපා. පුපුරන දේවල් පුපුරනවා. මීට අවුරුදු කීපයකට කලින් පොලිසියේ අවි ගබඩාවක් පිපිරුවා මතක නැද්ද? මේක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ හැමතැනම වෙනවා. හොඳම දේ තමයි මේවා තියෙන තැන් වලින් ඈතට ගිහින් පදිංචි වෙන එක (නි)
කුරුවිට මොනවද මේ කියවන්නේ? (නි)
කොයිදේටත් කෑ ගහන ඇතැම් උදවියට නම් මේක හොඳ ප්‍රවෘත්තියක් (නි)
කඩේ යන අය ඒකත් බලන්නේ වෙන කෝණයකින්. යමක් ලියනකොට හිතලා මතලා ලියනවා නම් තමා වඩා හොඳ (නි)
මේ කාලේ කොහොමත් එච්චර හොද නැහැ. මිනිස්සු ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. (ර)
අවි ගබඩාවේ සියලුම දේ විනාශ වී ඇති බවයි පෙනෙන්න තියෙන්නේ. (ර)
චාන්දනී ඔබ හරි. (ර)
සියලුම යුද හමුදා අවිගබඩා ගැන විශේෂ අවධානයෙන් සිටිය යුතුයි විශේෂ ආරක්ෂාවල් යෙදිය යුතුයි. (ර)
ඉක්මනින් රටේ බඩු මිල අඩු කරන්න (ම)
රටේ යුද්ධේ තියෙන කාලේවත් මේ වගේ දෙයක් කරගන්න කොටින්ට බැරි වුණා. අවි ගබඩාවට තිබූ ආරක්ෂක විදි විධාන රටේ ආරක්ෂාව ගැන තබ දොයිතුවකවත් විස්වාසයක් ඇතිවන්නේ කෙසේද? (ම)
සාස්තර කියන අය කවුරුත් මේක දැනගෙන හිටියේ නැද්ද වෙන්න ඉස්සෙල්ලා. වෙන ඒවාට නම් මම තමයි ඉස්සෙලම කිවුවේ කියලා කියනවා. (ර)
පුදුම වැඩක් මේක ? ගොඩ කාලෙකින් උනේ ඔහොම පිපිරීමක් (ම)
එකපාරක් අවි ගබඩාවේ දේවල් පන්සලක තිබිල හමුවුනා. මේපාර ඔක්කොම පත්තු වුනා. ස්වභාවික විපත් වගේ මේදේවල් වෙන්න බැහැ. (ර)
අපි පැතු වෙනස මේකද (ම)
හේතුව මොකක් වුණත්මේක නම් මහා විපත්ති කාලයක ආරම්භයක්. මිනිස්සු අධාර්මික වෙද්දී ආශීර්වාද කරන දෙවියෝ අහක බලනවා. මිනිස්සු පරිසරයට දරුණු හානි කරනවා, සතුන්ට කරුණාවක් නෑ, එකිනෙකාට වයිර කරනවා. අපි දැන් ඇඳිවත පිටින් අනාථ වුණ ජාතියක් වෙලා. මිනිස්සු අගම දහම අනුව ජීවත් වෙන්න පටන් ගත්ත දවසට මේවා අඩු වෙයි. (ම)
හරි පැත්ත දකින්න (ම)
රාජා භවතු ධම්මිකෝ කියලා අහලා තියෙනවද? (නි)
හැම තැනම විනාශයන් අපේ රටට (ම)
අපේ රට උන දෙයක් අපේම අවාසනාව අපි රැවටුනා බොරු බේගල් වලට (ම)
දැන් අපි පැතුව වෙනස ලැබුණා අපේ රටට දැන් සතුටු නේද (ම)
ඇත්තටම ආණ්ඩුව මෙ ගැන මොනවද කියන්නේ.... ජනතාව විමසිල්ලෙන් බලා සීටි.... (ර)
මෙවැනි දේවල් ජනාකීර්ණ ප්‍රදේශ වලින් බැහැරව ඉදිවිය යුතුයි (නි)