උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසනායක මහතාට හා තමාට මග හරස් කරමින් හූ කියමින් බෙලිහුල්ඔය පඹහින්නේදී කලහකාරී ලෙස හැසිරුණු සබරගමුව විශ්ව විද්‍යාලයයේ සිසුන් පිටුපස පෙරටුගාමී පක්ෂය සිටින බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර මහතා මාතලේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
එම සිසුන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියා කර වැරදිකරුවන්ගේ පන්ති තහනම් කරන බව ද ඔහු කීවේය.
‘එම සිසුන්ට අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළේ අපි කියලා නොවේ. එය පොලීසියේ රාජකාරියක්‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මේවාට මුකුත්ම කියන්නේ නැහැ ඔන්න (නි)
දැනට කරගෙන යන පෞද්ගලීකරණයට සිසුන් සහ ජනතාව කැමති නැහැ. ඕක ඔය තරමට හරි තියෙන්නේ ඒ අයගේ කෑගැහිල්ලට.පෞද්ගලික වෛද්‍ය පීඨ වලට සාමාන්‍ය ජනතාව සහ සිසුන් කැමති නැහැ. අපේ රටේ තියෙන උපාධියේ තත්ත්වය පහත් කරන්න එපා කියන තැන තමයි අපි ඉන්නේ. හු කියන වැරදිද නැද්ද කියලා සහ හේතුව මොකක්ද කියලා ඒ අයම හිතුවොත් තමයි හොඳ. (නි)
විශ්ව විද්‍යාල ප්‍රශ්න ඔඩු දුවනවා. මගේ පෞද්ගලික අදහස ලංකාවේ මීට කලිනුයි ඕවා ඇති කරන්න තිබුනේ.ඕවට විරුද්ධව බෙරිහන් දුන්නේ කවුද? මිනිස්සු බලයෙන් මත්වෙලා දුප්පත් ජනතාව පෙළනවා. (නි)
හූවක් කිව්වත් පන්ති තහනම් කරනවලු. නන්දිමිත්‍ර කොහෙන්ද කතා කරන්නේ? (නදී)
ඕකට විසඳුම උසස් අධ්‍යාපන ඇමති මාරු කිරීම. මම හිතන්නනේ ආචාර්ය මර්වින් සිල්වා වගේ බුද්ධිමත්,විනය ගරුක, සංවරසීලි ,මහත්මයෙක් හොඳයි කියලා (නදී)
අද දේශපාලනයේ ඉන්න බොහෝ දෙනෙකුත් ඔය වගේම "හු "කියපු,උද්ඝෝෂණ පවත්වපු අය වෙන්න ඇති. උපාධිය ගත්තාට පස්සේ ඔය අය යන පාරේම තමා බහුතරය යන්නේත්. එහෙම සිදුවුණේ නැත්නම් මේ වන විට ශ්‍රී ලංකාව අද පවතින මේ තත්වයේ පැවතිය නොහැකියි. (නි)
හූ කියන්නේ ඉතින් නරිනේ! (නි)
ඉතින් අනේ ඔය හුව මහජනයාට පුරුදු කලේ කවුද ? විපක්ෂයද ? දුමිරිය දෙපාර්තමේන්තුවේ අඩු පාඩු සොයන්න කට්ටියක් ගිය වෙලාවේ නේද ඔය හුවට ඉහලින්ම අනුමැතිය ලැබුනේ. දැන් කියනවා එ්ක හොඳ නැතිලු. (නදී)
මෙහෙම වෙන්න හේතුවකුත් තියෙන්න එපායැ (නි)
සෑම්, හරියටම හරි (නි)
මම නම් මේ ගැන කිසිම දෙයක් කියන්නෙ නැහැ(නි)
අනේ මන්දා! මේවා කොහොම සිදුවුණත් මෙහෙම හැසිරෙන එක නම් බොහොම ලැජ්ජාසහගතයි (නි)
ඒක ඇත්ත. ජල ප්‍රහාර වලට ඔබතුමා වගකියන්න අවශ්‍ය නැහැනේ! (නි)
මෙහෙම කරලා පුලුවන්ද හු කීම නවත්තන්න ? පාලකයෝ හැමදාමත් කරන්නේ ඔය ටිකමනේ නේද? ඉතින් දැන්වත් හු කියන්නේ මොකද ? එයට හේතුව කුමක්ද? කියල බැලීම නේද, හොද?,,...(අ)
කව්ද හූ කිව්වේ කියලා හොයනවාට වැඩිය මම නම් කියන්නේ හූ කිව්වේ මොකද කියලා හොයන එක තමයි වඩාත් හොඳ. සිසුන්ගේ පන්ති තහනම් කරනවා කියන්නේ තවත් ප්‍රශ්නයකට මුල පිරීමක් ලෙසයි මම හිතන්නේ (නි)
ඇමති කෙනෙකුට හු කියල පාර අවහිර කරලා පොඩි කචල් එකක් දැම්මහම ලොකු සතුටක් දැනෙනවා. ඒ අතරේ ජල පහරක් කාරිය වැදුනාම 'හොඳ ආතල්' එකක් හිතට එනවා. හීන මානයත් පොඩ්ඩක් එහෙ මෙහෙ කරගන්න ඒක උදවු වෙනවා. ඇමතිතුමා හොඳ වැඩක් නේ කරල තියෙන්නේ. (ස)
දැන් අර ගෑනු ළමයි ගෙදර ඉන්නේ පිරිමි හොස්ටල් එකේ නේ.අපි කැම්පස් ඉන්නකොට මේවගේ ඒව තිබුනේ නෑනේ. දැන් ගෑනු මාර එඩිතරයි නේද? (ස)
මේ මිනිස්සුන්ට වාතයක් ගියත් එක්කෝ අන්තරය නැත්තම් ජේ වී පි. දැන් අලුත් එකක් අල්ලන්. පෙරටු ගාමී කැම්පස් වල තියෙන භෞතික ප්‍රශ්න ටික විසඳලා දීල බොරුවට කියවන්නකෝ ඇමති තුමෝ.... (ස)
ආනන්ද සමරකෝන් මහතා ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාණය කිරීමටත් පෙරසිටම පැවත එන ජාතික ගීය තමයි හුව ....ඒ ගති සිත් තුලින් ඉවත් කිරීම තවමත් අමාරුයි ! (ස)
හු සද්දේ ඇහුන ගමන්ම ඒක මොන පක්ෂේ මොන කණ්ඩායමේ අයගේ හුවක්ද කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ බොහොම ටික දෙනාටයි. ඇමැතිත් එකයි, දෙවෙනියත් එකයි. (ස)
ඇයි මේ ළමයින්ට, තක්කාලියි කුණු බිත්තරයි හොයාගන්න බැරි උනාද ? මෙයාලට හූවෙන් විතරක් සලකලා මදි!!! (ස)
හුවත් එක්තරා ජාතික ගීයක් නේ.ඉතින් ගීය කියලා පිළිගන්න ඇති. (ස)
ටෙනිසන්; ලොක්කයි, පොඩ්ඩයි දෙන්න අධ්‍යාපනයට කරන ලැජ්ජා නැති වැඩ දකිනකොට හූ කියලා නැවත්තුවා ඇති. (නදී)
කව්රු හූ කිව්වත් ඇමති තුමනි ඔබතුමා පලිගන්න නොගියොත් ප්‍රශ්ණය ඔතනින් කෙලවර වේවි. (නදී)
හු කිව්වේ කව්ද කියලා දන්නවා නම් හු කියන්න හේතුවත් දන්නවා ඇති. ඒ දෙකම දැනගත්තත් වැඩක් නැහැ මෙයාලට ඒවාට ප්‍රතිකර්ම යොදන්න උවමනාවක් නැත්නම්. රටේ සියලුම ප්‍රශ්නවලට හේතුව එ්කයි. (නදී)
සිසුන්ගේ පන්ති තහනම් කරන්නේ මොන නිතිය කැඩූවටද. (නදී)
ව්ශ්ව විද්‍යාලේ අසාධාරණ වැඩ වලට එරෙහි උනොත් උන් ජ.වී .පෙ නැත්නම් පෙරටුගාමී. වෙනත් රට වල අරගල කරන්නෙත් මුන්මද. අනික මේ ඇමතිට ළමයින්ට එරෙහිව විනයානුකුල පියවර ගණ්න බලය ලැබුනේ කාගෙන්ද. ඒක උපකුලපතිගේ වැඩක්. අපි සරසවියෙන් අයින් වෙලා වසර 8 වෙනවා. අපි තාමත් මේ රටේ ඔබත් සමග ශිෂ්‍ය වියපාරයට ජය (නදී)
අනේ ඉතින් මේ අය කවදාවත් කිසිම දෙයක් කරනේ නැහැනේ .අනේ පවු. (ස)
ඇමතිතුමා සාමාන්‍ය ජනතාව අමතන්නේ කොහොමත් සත්තුන්ගේ නම් වලින් නේ. නරිය බුරුව හරකා ආදී වශයෙන්. ඉතින් මහජනතාව ඒ අදාළ නාදය නිකුත් කලාම මොකද වෙන්නේ ? (නදී)
අපි හිතන්නේ මේ හුව කියල තියෙන්නේ ඇමති දෙන්නට ඇහෙන්න. ඇහුනද මහත්තයෝ? මීට වඩා හොඳයි රට වැසියාගේ ප්‍රශ්ණ වලට ඇහුන කන් දෙන්ඩ පුරුදුවන්ඩ. ඇමතිවරුන්ගේ වංචා කපටි වැඩ නවත්වන්ඩ. දැන් අායිත් ඔබලාට රැවටෙන්නේ නෑ. (නදී)
ඉතින් මොකද ? ඔය විපක්ෂයේ මන්ත්‍රීවරුනට ගිය ගිය තැන කට්ටිය හු කියන්නේ . ! මේක මහා ලොකු දෙයක්ද ? (ස)
ලංකාවේ කැම්පස් කඩ මාර්කට් කරලා ඇමතිවරු සල්ලි ටිකක් හොයාගන්න හදන එක ටිකකට හරි නැවතිලා තියෙන්නේ මේ ශිෂ්‍යන්ගේ නැගී සිටීම නිසයි.මොවුන්ව මර්දනය කරලා හරි නිදහස් අධ්‍යාපනය විකුණන් කන්නයි මේ තකතීරු පාලනය ගෙනියන්නේ. (ස)
ගණන් ගන්න එපා. පුද්ගලික වෛද්‍යවිද්‍යාලයේ ළමයින් ඇතිනේ ඔබතුමන්ලව බුලත් දීල පිලි ගන්න. (ස)
මේවා දුරදිග ගෙනියන්නේ නැතුව විසඳාගන්න බලන්න (නි)
ඇමතිතුමා මොනවද මේ දොඩවන්නේ?ශිෂ්‍යයෝ අහිංසකයි,අපි ඔවුන්ට සමාව දෙනවා. ඒ කියල ඊට පසුව කියනවා රටේ පවතින නීතියට හා විශ්වවිද්‍යාලයේ විනයට අනුව දඩුවම් කරනවා.අනේ මන්ද විශ්වවිද්යාලයට අතුල්වෙන්නේ පෙරාපු රත්තරන් වගේ ඔලු ටිකක් එයාලව රවට්ටන්න ඔය කිසිම කෙනෙකුට බැහැ.හැබැයි සත්‍ය තේරුම් ගැනීමේ හැකියාව නිසා තවකෙක් කියන දේ තෝරලා බේරලා අරගන ඉදිරියට යාමේ ප්‍රවනතාවයක් තියනවා.ඒ නිසා උන් හූ කියල තමුන්වාන්සේලව පැන්නුවේ ඇයි කියල සොයල බලල එයට පිලිතුරුදෙන්න. (ස)
අනේ ඔය ළමයි ඉල්ලන හැම දෙයක්ම දෙන්න. එච්චර විෂය උගන් වන්න ඕනා නැහැ. පුස්තකාල අවශ්‍යත් නැහැ. ඒ.සී කාමර, හොට් වෝටර්, පෙළපාලි යන්න සත්‍ය ග්‍රහ කරන්න ඉඩ දෙන්න. කොපමණ අමාරුවෙන්ද ඕකට අතුල්වෙන්නේ. (නදී)
අපේ ඇමති තුමාලා කරන්නේ නැති ප්‍රශ්ණ ඇති කරන එක. එහෙම නැතිනම් හූ කියපු එකද අද අධ්‍යාපන ක්ෂත්‍රයේ තියෙන ලොකුම ප්‍රශ්නය? (නදී)
ගයාන් ඔයා වගේ අය තමයි අර රු 2500 ටත් ඡන්දය විකුනන්නේ. ළමයෙක් කැම්පස් යන්නේ හැමදාම ඉන්න නෙවි උන් ඉන්නතාක් ඉගෙන ගන්න ගමන් ඔහෙලගෙ අනාගත දරුවන්ට ඉගෙනගන්න නිදහස් අද්‍යාපනය රකිනවා. අනික මේ ලෝකේ කිසිම අලුත් දෙයක් පිනට පහල උනේ නැහැ. නිදහස් අයිතීන් මෙන්ම අධ්‍යාපනයත් අරගල වල ප්‍රථිපල (නදී)
ඔබ තුමා දැනගන්න ඔබලා ඔතන ඉන්නේ අපේ ඡන්දෙන් කියලා (නදී)
මේ හැම දේකටම මුල ඔය නිදහස් අධ්‍යාපනේ..මහජන බදු මුදලින් මෙයාල ගන්න උපාධියේ හැටියට මිලක් නියම කලානම් උපාධිය නියමිත කාලයේදී සම්පුර්ණ නොවුනොත් ඒක ඩබල් කලානම් ඒ මුදල රැකියාවක් ලද විගස මාස් පතා පඩි පතෙන් කපාගෙන එකතුවෙන ඒ මුදල සරසවි අධ්‍යාපනේ දියුනුවටම යෙදෙව්වනම් මේ සරසවි පද්දතියට අරක් ගෙන එක විනාශ කරන එක එක බංකලොත් දේසපාලන පක්ෂවල අතකොලු වලට යන එන මන් නැති වේවි.ඔය උද්ගෝෂණ වර්ජන නැති වේවි කට්ටිය වෙලාවට ඉගෙන ගෙන වෙලාවට එලියට බහීවි. (ස)
සරසවි සිසුන්ට තමන්ගේ ප්‍රශ්න වලදී සාමාන්‍ය මහජනතාවගේ සහයෝගය මීට වඩා ගන්න පුළුවන් තමන් ටිකක් නිහතමානි වුණා නම්. උපාධි සහතිකය කියන්නේ තමන්ට ජීවිතය ගැන දෙන විශාරද පට්ටමක් නෙමෙයි. වෙනත් වෘත්තීය විභාග කළ උගතුන් වගේම ඉහනිකට පැහුණු බුද්ධිමත් වැඩිහිටියන්ද මේ සමාජයේ ඉන්නවා. ලංකාවේ උපාධිධරයින් සමහරුන්ට පුද්ගලික අංශයේ රැකියාවක් පවා නොලැබෙන්නේ මෙන්න මේ තමන් පිළිබඳ අධිතක්සේරුව නිසයි. මතක තියාගන්න උසස් පෙළ මහ ඉහළින් සමත් නොවුණත් වෙනත් අංශ වලින් ඉතා ඉහළ ගිය බුද්ධිමතුන් මේ රටේ ඉන්නවා. ඒ නිසා තමන් තරම් දැන උගත් කෙනෙක් ලංකාවේ නැහැ අනෙකුත් කට්ටිය මෝඩයෝ කියන ආකල්පය වෙනස් කර ගන්න (නි)
මට නම් මේ මුහුණු දෙක පෙනෙන්ට බැහැ. එස් . බි ල ඒ කාලේ කරෙත් හූ කියපු එක තමා ;අපිත් පිටිපස්සෙන් ගියා විද්යෝදයේදී... (ස)
සමීර මහත්තයා ඔය කියන දේ පැහැදිලි නැ.අපි අද මෙතන ඉන්නේ මහජනයාගේ මුදලින් බව ඇත්ත. එත් ඔයාගේ වටිනා ඡන්දය අරගෙන ඕනෑම ජරා වැඩක් කරනවානම් ඒක බලන් ඉන්න ඒක හරිද. අපි මෙතන ඉන්නේ අපේ දක්ෂකම නිදහස් අධ්‍යාපනය යන දේ මත. ඔය දුප්පත් මහජනතාවගේ කරෙන් පාර්ලිමේන්තුවට ගිහින් අපේ නිදහස් අධ්‍යාපනයට වින කරන කොට ඔබේ ඡන්දයේ වටිනාකම මොකක්ද? (ස)
බල්ලෝ බිරුවට ආණ්ඩු පාත් වෙන්නේ නැහැනේ. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන ඇමති තුමාට මගේ ප්‍රණාමය. කැම්පස් වලින් මේ පිළිල ඉවත් කරන්නම ඕනා. (නදී)
නුසුදුස්සන්ට තනතුරු දුන්නම ඔලුවට ගහනවා ..ජාතියේ වටිනාම දරුවෝ මේ (නදී)
අනේ මන්දා මේවා මොනවද කියලා! (නි)
චතුට වැරදිලා. ජාතියේ වටිනාම දරුවෝ තමන්ට නේවාසිකාගාරයක් ලබාදුන්න අයට හු කියන්නේ නැහැ. ඔවුන් කල ගුණ දන්නවා . මේ ඉන්නේ එහෙම දරුවෝ නෙමෙයි (නදී)
හූ කිවුවා නෙමෙයි, මොනවා වුණත් අපිට නම් කරන්න දෙයක් නැහැ (නි)
අනේ මන්දා මොනවා වෙයිද කියලා (නි)
ප්‍රසිද්ධ සභාවකදී නැතිනම් සාකච්ඡාවකදී තමන්ගේ කටින් පිටවෙන වචන මොනවද කියල ස්මරණය කළොත් බොහෝ දේවල් තේරුම්ගන්න පුලුවන් වේවි (නි)
දැන් බලනකොට හුව අපේ රටේ ජාතික නාදය වෙලා නේ. (නදී)
පුදුම වැඩේ කියන්නේ අද රටේ මොනදේට එරෙහි වුණත් කියන්නේ කඩාකප්පල්කාරයෝ, කුහකයෝ, විපක්ෂයේ බලවේග. එහෙමත් නැත්නම් විදේශ කුමන්ත්‍රණ. අලුතෙන් දෙයක් තියා, තියෙන ටිකවත් ආරක්ෂා කරන්නේ නැතුව මෙහෙම කතන්දර කියන එක මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
ඉස්සර කැලෑවක් අසල ජීවත් වූ ගැමියෙක් සිය දුව නරියෙකුට දෙනබව කිව්වා. එම නරි කතාව අසාසිටි නරි අතරින් එකෙක් ඇවිත් ගමදුවව ඉල්ලුවිට දෙන්නවුනා (නරිබෑනා ගමකතාව). නරි කතා කියනවිට එම කැලයෙන් ආපු නරි හු කිව්වද දන්නේ නැහැ. (නදී)