බලන්ගොඩ පඹහින්න මංසන්ධියේ අට්ටාලයක් තනාගෙන සත්‍යග්‍රහයක යෙදෙන සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් ඉවත් කිරීමට පොලිසිය බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජී එල් කන්නන්ගර මහතා ප්‍රතික්ෂේප කළේය.
නේවාසිකාගාරයක බලහත්කාරයෙන් රැඳී සිටින විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ඉවත් කිරීමට අවසර දෙන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලී සිටි අතර ඊට ද අවසර නොලැබිණි.
පඹහින්න මංසන්ධිය ආසන්නයේ සිදු කරන සත්‍යග්‍රහය නිසා ජනතාවට අවහිරතා සිදු වෙන බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථාන මාරුවක් බලාපොරොත්තු වෙමු.(හේ)
ඉතාම හොඳ තීන්දුවක්.(හේ)
මෙතන සිසුන් ඉන්නේ වැස්සට නෙවෙයි. රටක පරිපාලන බාර ගන්නේ යම් දිනක මේ ළමයි. සරසවියේදී සිසු අරගල කරන්නේ සියලු දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. සරසවි ඇවිල්ල බෝ පැල වගේ ඉඳල ගියේ කවුද ? අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම මේ දරුවන්ගේ වගකීම. (හේ)
උපාධියක් තිබු පමණින් රටේ පරිපාලනය කරන්න සුදුසු වෙන්නේ කොහොමද ? එදිනෙදා සමාජයේ ජීවත් වෙන්න ප්‍රායෝගික බුද්ධියක් නැති අයට රටේ පරි පාලනය භාර දුන්නොත් හොඳට හිටීවි.(හේ)
ඉතා හොඳ යි .ළමයින්ට නිදහසේ කැමති විදියට ඉන්න ඉඩහරින්න .පෙළපාලි ,උද්ගෝෂණ ,හර්තාල් ආදියට.මේ අපේ ජාතික වීරයන් උසාවියටත් ජයවේවා.(අ)
මේ අයව හදන්න බෑ.(හේ)
අධිකරණය සාධාරණයි.(හේ)
ඔන්න විනිසුරුවරු! අතීතය මතක තිබෙන, පක්ෂ පාට නොබලා කොන්ද කෙළින් තියාගෙන, අසාධාරණයට එරෙහිව තීන්දු තීරණ අරගෙන... (නි)
මහේස්ත්‍රාත්තුමාට ජයවේවා! (නි)
මහේස්ත්‍රාත්වරයාට අපේ උපහාරය! විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඇතුළට පොලිසිය ඇතුලු කිරීම ප්‍රශ්නය සංකීරණ කරන්නක්. ඔවුන් එනවිට අනිවාර්යයෙන්ම සිසුන් ප්‍රකෝප වෙනවා. (නි)
රටේ මහජනතාවගේ බදු මුදලින් නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට සරසවි වරම් ලබා මේ ආකාරයෙන් හැසීරීම අනුමත කළ නොහැක.(හේ්)
ඔන්න ඔය ළමයින්ට ඉන්න දෙන්න. විශ්ව විද්‍යාලයට ඇතුළත්වුණ එකෙන් වැඩක් ගන්නේ නැත්නම් ඒක ඒගොල්ලන්ගෙයි, එයාලගේ දෙමපියන්ගෙයි වැඩක්. (නි)
සිසු අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කරන ලද නියෝගය අගය කරමු. (නි)
හැමතැනම උසාවිය රටේ නීතියට මුවාවෙලා මර්දනය කරන්නේ කවුද කියලා අපි දන්නවා. වැලි කොට්ට අදින්න කෝටි ගණන් සල්ලි යටකරන රටේ මේවාට විසඳුම් දෙන්න බැරි ඇයි? (නි)
සිසුන්ට ඕනෑ විදියට ඕනෑ දෙයක් කරගෙන අන්තිමට උපාධි සහතිකෙත් තමන්ම අත්සන් කරගෙන පිටවෙන්න ඕනෑ එහෙම නම්.එහෙම නැත්නම් පුර්ණකාලීනව සරසවිය දේශපාලන මුලස්ථානයක් හැටියට පවරලා ඔවුන්ට ඕනෑ හැටියට දේශපාලනය කරන්න අපි ඉඩදෙමු.අපි ඔහේ ඔය පාඩුව කොහොම හරි විඳදරා ගමු. (නි)