සබරගමු සරසවි සිසුන් දෙසතියකට ආසන්න කාලයක් පඹහින්නේ පවත්වාගෙන යන විරෝධය අතහැර සරසවිය විවෘත කිරීමට සහාය වන්නැයි ප්‍රදේශයේ සුළු වෙළෙන්දෝ හා ගැමියෝ පිරිසක් අද(15) විරෝධතාවක් පැවැත් වුහ.
ඔවුන්ගේ දුක් ගැනවිල්ල වී ඇත්තේ 4500ක් වන සිසුනට කෑම බීම හා බඩු මුට්ටු විකුණා ජීවත් වු තමන්ගේ ආර්ථිකය කඩා වැටී ඇති බවයි.
මේ විරෝධතාවලට සම්බන්ධ ළමයින් 250 ක් පමණ හවුල් යැයි ද සෙසු අය අහිංසක යැයිද ඔවුහු කියති.
මේ අතර ‘සිංහරාජ’ නේවාසිකාගාරයේ බලෙන් රැදී සිටින සිසුන් පඹහින්නේ පොදු නලජල පද්ධතියට හානිකර ජලය ලබාගෙන ඇතැයි ඉඹුල්පේ ප්‍රාදේශිය සභාපති ඉන්දු ගුණතිලක මහතා කියයි.සිසුහු ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මෙහි සත්‍යයක් තිබෙනවා.(හේ)
ඔවුන්ගේ දුක් ගැනවිල්ල බලධාරීන්ට ඉදිරිපත් කරන්න. සිසුන්ට ඒ සම්බන්ධව කළ හැකි දෙයක් නැහැ.(හේ)
පුංචි ප්‍රශ්න ලොකුවට අරගෙන දෙපැත්තෙම අය කරන හබය නිසා අහිංසක මිනිස්සු දුක්විදින බව නම් ඇත්ත . (හේ)
විශ්ව විද්‍යාලයට යාමේ මුලික අදහස ඉගෙන ගැනීම .මේ සටන් කුමකටද ?(හේ)
පොල් කට්ටේ කහට උගුර බී අකුරු කරපු දරුවනේ බොරු උජාරුව නවත්තා ඉගෙන ගන්න. එක ඔබේ දෙමව්පියන්ට කරන ගෞරවයක්.(හේ)
සාමාන්‍ය ජනතාවට අද ජිවත්විමේ අරගලකයට මුහුණ දිමට සිදුවි ඇති අතර මතු පරපුර වෙනුවෙන් අධ්‍යාපනය රැකදිමෙි වගකිම සිසුන් වෙත පැවරි ඇත.(හේ)
අධ්‍යාපනය රකින්න ඔය ළමයි පොඩි වැඩියි. ආ කාරණය කරගෙන ගියානම් අධ්‍යාපනයත් රැකෙයි. තමනුත් රැකෙයි. (නි)