බෙලිහුල්ඔය පඹහින්නේ සිසු අට්ටාලය යළි සකසා ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සබරගමු සරසවි සිසුහු යළි සත්‍යග්‍රහය ඇරැඹූහ. මැරයෝ ගිය සෙනසුරාදා මේ අට්ටාලය ගිනි තබා වැනසූහ.
සිසුනට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පළකරමින් ලංකා ගුරු සංගමයේ නියෝජිතයන් පිරිසක් ද එම අට්ටාලයට නැඟ දෙපයක් සත්‍යග්‍රහ කළහ.
සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සිසුනට පහර දුන් පිරිස් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතාට මඟ හරස් කළ සිසුන් පිරිසක් සඳුදා (13) ද අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇතැයි කී ස්ටාලින් මහතා සිසුන්ට පහර දුන් මැරයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවම අපොහොසත් වී ඇතැයි ද කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් අපිට රස්සාවක්වත් හොයාගන්න බැරිෙවයි සබරගමුෙව කිව්වොත් දැන් එෙහ වෙන දේවල් හැටියට.(හේ)
මේකෙ අවසානය මොකක් වෙයිද මන්දා? (නි)
අට්ටාලය කොන්ක්‍රීට් වලින්ම හදාගෙන හැමදාම උද්ගෝෂණය කරන්න. එතකොට එලෙවෙල් කරපු නංගිලා මල්ලිලාට සැරයටියෙන් කැම්පස් එන්න පුළුවන්. ජයවේවා.(හේ)
මේ ළමයින්ගේ ප්‍රශ්න ඔයවීදියට දකින්නවත් විසදන්නවත් හදන්න එපා.(හේ)
දැන් ස්ටාලින් මහත්තයලත් පෙරටුගාමීන්ට එකතුවෙලාද? නැත්නම් අන්තරය ජේ.වී.පී වෙලාද? නැවතත් ජේවීපී එක සමඟ පෙරටුගාමීන් එකතු වුණාද? (නි)
කාට විරුද්ධවද දැන් මේ ලේ හලන්නේ? නිකම් විකාර නැතුව ඉගෙනගන්න ආවා නම් ඒක කරගෙන රස්සාවක් හොයාගෙන ජීවිතය ගෙනියපල්ලා දරුවනේ. (නි)
යසිරු, ඒත් සමහරු කියන්නේ ඔය කතාවේ අනිත් පැත්ත. (නි)
ඇත්තටම දැන් මේකෙන් වෙන්නේ මේ සරසවියෙන් පිටවෙන ළමයින්ට රැකියා අවස්ථාවක් වත් දෙන්න ආයතන අදි මදි කරන එක තමයි. (හේ)
අපේ සරසවී රෑන්ක් වලින් සෑහෙන්න පහලට වැටිලා. සාක්ෂරතාවයෙන් අපිට පහලින් හිටපු රටවල සරසවි ලෝකයේ රෑන්ක් එක අපිව අභිබවා ගිහින්. මේවායින් අනාගත පරපුරටයි අවාසි වෙන්නේ. පස්චාත් උපාධියක් කරන්න පිටරට ශිෂ්‍යත්වයකට ඉල්ලුම කලත් මේ තත්ත්වය බලපානවා.(හේ)
සිසුන්ගෙන් පළිගැනීම සාදාරන නැහැ,අනික මැර බලයෙන් සිසුන්ගේ ප්‍රශ්ණ විසදන්නත් බැහැ.(හේ)
කමක් නැහැ.කට්ටිය අට්ටාල ගහගෙන මහපාරේම හිටපුදෙන්. සරසවියත් දිගටම වහලා තිබුණාදෙන්.අපිටනේ පාඩුව! අපි පාඩුව විඳගන්නම්. (නි)
අපේ ලංකා තිලක් මහතා හුඟ දවසකින් ශ්‍රී නාමය ලකුණු කරලා තියෙන්නේ.... ඔන්න දැන් අර නිදාගෙන ඉන්න බවලතුන් ටික නම් කුලප්පු කරගන්න එපා. (නි)