අක්මීමන රත්ජම්බුගහ දී වසු පැටවකු ගිල දැමීමෙන් පසුව දැවැන්ත පිඹුරෙක් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් විසින් හියාරේ ජලාශය අසල වනයට මුදා හරිනු ලැබීය.
පිඹුරා ජලාශය ඉවුරේ තැබූ විට ජලාශය හරහා මීටර 600ක් පමණ පීනා ගොස් කැළයට වැදුණේය.
ලොකු ගොදුරක් ගිල දැමූ පිඹුරකු මෙපමණ දුරක් පීනා යෑම දුර්ලභ සිද්ධියක් බව පරිසරවේදීහු කියති.
පිඹුරා විසින් ගිලදැමුණු වසු පැටියාගේ බර කිලෝ 50ක් 60ක් වන්නට ඇතැයි අනුමාන කෙරේ. පෙර දින රාත්‍රියේ වසු පැටියා පිඹුරාට ගොදුරු වී ඇතැයි ද, පසු දින උදෑසන පිඹුරා හියාරේ රක්ෂිතයට රැගෙන ගිය බව ද පරිසරවේදීහු පවසති.
මෙවැනි ගොදුරක් ගිලීමෙන් පසු මාස කිහිපයක් නිරාහාරව සිටීම පිඹුරන්ගේ සිරිතක් බව ද ඔවුහු කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හීනයක් දැක්ක දවසක් ඇමති කෙනෙක් ගිලින්න ආපු පිඹුරෙක් ..... අනේ විස්වාස කරන්න පිඹුර අඬ අඬා මෙයාව නම් මට ගිලින්න බැහැ කියල යන්න හැදුව , හිනෙන්ම මම ඇහුව එඅ මොකෝ කියල පිඹුර හීනියට හිනාවක් දාල කිවුව මම ජරාව කන්නේ නැහැ කියල ! (අ)
මෙයයි සොබාදහමේ ධර්මතාවය (නි)
ලස්සන ඡායාරූප පෙළ! (නි)
ස්වභාව සෞන්දර්යය ගැන තොරතුරු ලියන වේරගොඩගේ සජීව විජේවීරට අපේ උපහාරය! (නි)
සුන්දර දසුන් පෙළක් (නි)
වටිනා ඡායාරූප ටික (නි)
පිඹුරගේ උපන්දිනය සමරලා වගේ. (ස)
පොඩි කාලෙම මෙහෙම මැරුන එක හොඳයි, ලොකු උනාම මනු සතාගෙන් මැරුම් කන්නේ නැතුව, (ස)
මේ වගේ අය සත්තු අතරේ විතරක් නොවෙයි අපි අතරෙත් ඉන්නව...(ස)
පිඹුරව පාර්ලිෙම්න්තුවට ගේමු, මුගෙන් වැඩ ගන්න පුළුවන්. (ස)
ලංකාවේ සල්ලි ගිලින ගිලිල්ලට ඕකත් කජ්ජක්ද (අ)
සතුන් දෙදෙනාම අහිංසකයින්. මෙයද සතර අපායෙන් එකක්. දුකින් මිදේවා !! (නි)
පිඹුරා කියන්නේ සුන්දර වගේම භයානක සතෙක් (නි)
දුර්ලභ ඡායාරූප පෙළක් (නි)
ජලයේදී පිඹුරාගේත් වස්සාගේත් බර අඩුවෙනවා. ඒ නිසා පිහිනායන්න අමාරු නැතිවෙන්න ඇති. මෙවැනි සුන්දර සතුන් දැන් දුර්ලභයි උන්ව ආරක්ෂා කරමු. අසරණ වූ ගව හිමියාටත් කවුරුහරි උදව්වක් කළොත් නම් හොඳයි (නි)
ඇයි ප්‍රශාන්ත එහෙම කියන්නේ? (නි)
හරක් මස් කන්න හොඳ නැහැ මේ පිඹුරා ඒක දන්නේ නැද්ද (නදී)
සුජිත් දරුපැටියෙක් ගිල දැම්මත් මෙහෙම කියනවද? (නි)
ප්‍රශාන්තගේ යෝජනාවත් හොඳයි තමයි (නි)
අපේ පරිසරය ආරක්ෂා කරගනිමු. අලි මිනිස් ගැටුමට විසදුමක් දෙන්න. වල අලින් වුවත් බොහෝ වටිනවා. (නි)
එච්චර කලබල වෙන්න එපා. අලි පැටවු.ගිලින ඇමතිලා ඉන්න රටේ පිඹුරා හරක් පැටියෙක් ගිල්ලහම මොකෝ? නැද්ද? හා කියන් බලන්න. (නි)
වසු පැටියාගේ පාඩුව අයිතිකරුටයි (දී)
මේ පිඹුරෙක් නොවේ මේ අැනකොන්ඩෙක් ඇනකොන්ඩ විතරයි ජලයේ පිහිනිය හැකි (අ)
පිඹුරා කවදාවත් මනුෂ්‍යයින් ගිලින්නේ නැහැ. එ්ක දැනගන්න. (නදී)
අර දියවන්නාව පැත්තේ තියෙන තැනට මේ සතාව එවන්න බැරිද (අ)
අපරාදේ මුව හියාරේ වැවට දැම්මේ. දියවන්නාවට දැම්මා නම් තමයි මම සතුටු (නි)