IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පෙම්වතිය සොයා ගිය එක්දරු පියාගේ සිරුර ළිඳකින් මතුවේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ එස්. හේරත්)

සිය පෙම්වතිය බව කියන 19 හැවිරිදි තරුණිය සොයාගෙන මීගමුව ප්‍රදේශයේ සිට හලාවත තොඩුවාව ප්‍රදේශයට පැමිණි අවුරුදු 30 වයස තරුණයකුගේ සිරුර එම ප්‍රදේශයේ පාළු ළිඳක තිබියදී   ගොඩගත් බව තොඩුවාව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මීගමුව තිබිරිගස්කට්ටුව හරිශ්චන්ද්‍රපුර ප්‍රදේශයේ පදිංචිව සිටි සමිත් මධුසංඛ නමැති තරුණයකු බව පොලිසිය කියයි.

විවාහක එක්දරු පියකු වන මොහු සිය නීත්‍යනුකූල බිරිඳගෙන් වෙන් වී ජීවත් වන බව පොලිසිය කියයි.

විවාහක බිරිඳගෙන් වෙන්ව ජීවත් වන අතර වාරයේ ඔහු පදිංචිව සිටින ප්‍රදේශයේම 19 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි ද කියති.

තම දියණිය විවාහක පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන නිසා මවුපියන් ඇය මහවැව තොඩුවාව ප්‍රදේශයේ ඥාතියකුගේ නිවෙසක නතර කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ යැයි කියන 30 හැවිරිදි තරුණයා ඇය සිටින ඉසව්ව ගැන තොරතුරු සොයාගෙන පසුගිය දහවැනිදා රාත්‍රී කාලයේ ඇය පදිංචිව සිටින නිවස අසලට ගොස් සැඟව සිට ඇතැයි පොලිසිය පවසයි.

තරුණිය නිවෙසෙන් පිටතට අවස්ථාවේ කතා කර ඇති බවත් සිය පෙම්වතා දුටු ඇය නිවෙස තුළට දිව ගොස් ඒ බව ඥාතීන්ට දැනුම් දී තිබෙන බවත් පැවැසේ.

මෙම තරුණයා අල්ලා ගැනීමට නිවෙසේ සිටි කිහිප දෙනකු ඔහු පසු පස එළවාගෙන ගිය බවත් ඒ අවස්ථාවේ එම තරුණයා අඳුරේ දිව ගිය බවත් ඔහු පසුපස පන්නාගෙන ගිය අය පවසන බවත් පොලිසිය පැවසීය.

ඉන් පසුව ප්‍රදේශයේ පාළු ළිඳකට යමක් ඇද වැටෙන හඬ ඇසුණු බවත් ඔවුන් පවසා ඇතැයි පොලිසිය කියයි.

අයිස් නිෂ්පාදනය කරන කම්හලකට අවශ්‍ය වතුර ලබා ගැනීම සඳහා මෙම ළිඳ ඉදිකර තිබූ බවත් දැන් එම ළිඳ අතහැර දැමීම නිසා පාළුවට ගොස් ඇති බවත් පොලිසිය කීය.

 



අදහස් (0)

පෙම්වතිය සොයා ගිය එක්දරු පියාගේ සිරුර ළිඳකින් මතුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site