මුලාවන තාරුණ්‍යය දහමින් සනහනු වස් සිදුකරන විශේෂ ‘යොවුන් දහම් සක්මන‘ වැඩසටහන පෙබරවාරි 14 වැනි දා පස්වරු 2 සිට 6 දක්වා කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මහමෙව්නාව භාවනා අසපුව විසින් සංවිධානය කරනු ලබන යොවුන් සදහම් වැඩසටහන විශේෂයෙන්ම ආදරවන්තයින්ගේ දිනයේ මුලාවට හසුවන තාරුණ්‍යය යහමගට යොමු කිරීම ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණයන්ව ගොඩ ගන්න කලින් වැඩිහිටියන් ටික හැදෙන්න එපැයි.(කෞ)
සත්‍ය ලෙසම කෙනෙකුට ප්‍රේම කරනවානම් ඇයි එක දිනයක් දින 365 ම ප්‍රේම කරන්න ඕනනේ නේද? (බ)
පෙම්වතුන්ගේ දිනයට මුද්‍රණය කළ කාඩ් වලට මොකද කරන්නේ? (බ)
බුදු රජුන්ගේ ධර්මය දැනගන්නට තරුණ පිරිසට අවස්ථාව උදාවේවා! සාදූ... සාදූ... සාදූ...(කෞ)
හොඳ වැඩසටහනක්.(හේ)
ඇයි අපි තාරුන්‍යය තේරුම් ගන්න බලන්නේ නැත්තේ. හැමදේම නරක විදියට දකින්න එපා. ඔවුන්ව තේරුම් ගන්න. තරුණ කාලය ආයෙත් එන්නේ නැහැ. (අ)
වැලන්ටයින් කියන්නේ රෝමයේ හොරෙන් තරුණ තරුණියන් විවහ කල පුජකතුමෙක්.එතුමට අන්තිමට උනේ මරණ දඩුවම.අපි එදාට කරන්න ඕනේ එතුමාව සිහිකිරිමි.(කෞ)
මෙන්න හොද වැඩ නමුත් කෝ මේවට ප්‍රතිචාර, බයිලා කියන කට්ටිය කැමති නැහැ වගේ අදහසට. (බ)
සැබෑ ප්‍රේමයට දින 365 ම වෙන්කරමු. සැබෑ ධාර්මික බවට එම දින 365 ම කැපකරමු. (නි)
ප්‍රේමය යනු කාමය ලෙස හඳුනාගෙන බාල මාධ්‍ය ආයතන විසින් ගෙනයන සාටෝප ප්‍රචාරයන්ට රැවටී සිටින අපේ සමහර තරුණ තරුණියන්ට මොන පෙම්වතුන්ගේ දිනද ........?(කෞ)
අතටම අද කාලීන අවස්ථාවක් මුලා උන යෞවනයට හරි මග පෙන්න දීමේ යුතුකමට මුලපිරිම සතුටක්....... (කෞ)