
(ගයාන් සූරියආරච්චි)
ඔන්ලයින් ක්‍රීඩා සදහා ඇබ්බැහිවී තම පෙම්වතා සමග එක්ව තමන්ගේම නිවෙසේ තිබූ එක්කෝටි පනස්ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් පවුම් 56 ක රන්බඩු සහ රුපියල් ලක්ෂ 2 ක මුදලක් සැලසුම් සහගතව කොල්ලකෑ තරුණියක සහ ඇගේ පෙම්වතා අද (29) අත්අඩංගුවට ගත් බව එඩෙරමුල්ල පොලිසිය පවසයි.
සොරකම් කරන ලද රන් භාණ්ඩ උගස් තබා ලබාගත් මුදල්වලින් මිල ගෙන තිබූ රුපියල් ලක්‍ෂ දහ අටක් වටිනා යතුරු පැදියක්, පරිගණකයක් සහ පරිගණක මේසයක් පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එඩේරමුල්ල, පාදිලාතුඩුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක සහ සිංහාරමුල්ල කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ඇගේ පෙම්වතා බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd