ඉන්දියාවේ කර්ණාටක ප‍්‍රාන්තයේ උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් හදාරමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් (26) ඇය නතර වී සිටි නේවාසිකාගාරයෙන් අතුරුදන් වී ඇතැයි ඉන්දියා ටුඩේ පුවත්පත අද (28) වාර්තා කළේය.
ඇය මූඩ්බිඩි‍්‍ර නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයේ හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හදාරමින් සිටි ඇත.
ඇය පසුගිය දෙදිනක් තිස්සේ අදාළ නේවාසිකාගාරයෙන් අතුරුදන්ව ආගිය කිසිදු තොරතුරක් දැන ගන්නට නැතැයි පවසමින් ලාංකික ශිෂ්‍යාව ඉගෙනුම ලබන උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාරීත්වය කර්ණාටක ප‍්‍රාන්තයේ මූඩ්බිඩි‍්‍ර නගර පොලීසියට පැමිණල්ලක් ගොනු කර ඇතැයිද එම වාර්තාවේ සඳහන්වේ.
නේවාසිකාගාරයේ සිටි මෙම ලාංකික ශිෂ්‍යාව ඉකුත් 25 වැනිදා සිට අතුරුදන්ව ඇති බවත්, එදින උදෑසන ඇය නේවාසිකාගාරයෙන් අධ්‍යපන කටයුතු සඳහා පිටව ගිය බවට එහි ආරක්ෂක කැමරා පද්ධති වල සටහන්ව ඇතත් ඇය විද්‍යාලය වෙත වාර්තා කර නොමැති බව උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාරීත්වය සිය පැමිණිල්ලෙන් දන්වා ඇතැයි ඉන්දියා ටුඩේ වාර්තාවේ සඳහන් කර ඇත.
මෙම අතුරුදන්වීම ගැන ලාංකික සිසුවියගේ දෙමාපියන් වෙත වහාම දන්වන ලෙසද ඉන්දීය පොලීසිය උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකාරීත්වයට නියෝග කර තිබේ.
මෙම ලාංකික ශිෂ්‍යාව අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉන්දිය පොලීසිය වෙනම පරීක්ෂණයක් පවත්වා ගෙන යයි.
කර්ණාටක ප‍්‍රාන්තයේ මූඩ්බිඩි‍්‍ර නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයේ හෝටල් කළමනාකරණ පාඨමාලාවක් හදාරමින් සිටි මෙම ශිෂ්‍යාව ඉකුත් 17 වැනිදා සිය නේවාසිකාගාරයේ පහසුකම් සම්බන්ධයෙන් එහි කළමනාකාරීත්වයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව පැවසේ.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැමිණිල්ලෙන් පසු ලක් සිසුවිය නෑ
අමිල Tuesday, 28 July 2015 08:00 AM
ගෑනු ළමයි යවන්න හොඳ රටක් නෙමයි ඕක (ම)