
(දඹුල්ල කාංචන කුමාර අරියදාස)
රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පියෙකු සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
ගලේවෙල පොලිසියට අනුබද්ධව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු ඊයේ ( 06) පස්වරුවේ වැට ඉමක ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාග කිරීමට ගලේවෙල වහකෝට්ට ප්‍රදේශයට ගොස් තිබේ.
එක් පාර්ශවයක් එ වන විටත් පොලිසියට පැමිණ තිබීම නිසා අනෙක් පාර්ශවයට පොලිසියට පැමිණීම සඳහා දැනුවත් කිරීමට මෙම පොලිස් නිලධාරියා ආරවුල් ඇති අනිත්පාර්ශවය හමුවීමට ගොස් ඇත.
එහිදීම ආරවුලට තුඩු දී ඇති බව කියන වැට මායිම සහ වැට කණු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පොලිස් නිලධාරියා තම ජංගම දුරකථනයෙන් එම වැටමායින් සහ සිටුවා ඇති කණු ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් ලබා ගැනීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
පසුව ඊට උරණ වූ පියා සහ දියණිය එක්ව පොලිස් නිලධාරියාට තරවටු කොට නිවස තුළට රැගෙන ගොස් දොරවල් වසා දමා ඔහුට මානසීය වද හිංසා ලබා දෙමින් පොලිස් නිලධාරියා සතු ජංගම දුරකථනය ලබාගෙන දියණිය එහි සියලු දත්තයන් මකා දමා ඇතැයි පොලිසිය කියයි.
දේශයේ ඌරන් ගොවිපලක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා තමන් සිර කරගෙන වද හිංසා දෙන බවට ඔහු නිවස තුළ සිට කෑ ගැසීමත් සමඟ ප්‍රදේශවාසීන් මේ බව ගලේවෙල පොලිසියට දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය එම ස්ථානයට ගොස් පැමිණිල්ල විභාගය සඳහා ගියා නිවස තුළ සිරකරගෙන සිටි පොලිස්සැරෙන්වරයා බේරාගෙන තිබේ.
එම අවස්ථාවට පොලිසිය යනවිටත් දියණිය සහ පියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
රම්බොඩ Monday, 07 October 2024 04:51 PM
ඒ මිනිසුන් ට ඇත්තටම පිස්සු හැදිලා. තමන් වරදක් කළ බවනෙ මේ ඔප්පු කරලා තියෙන්නේ. ඒ මදිවාට නීතියටත් එරෙහි වෙලා. දැන් සනීපෙට තියෙයි...