ධාවනය වූ බසයකට හා මහපාරේ පස්කන්දකට හිර වී 53 හැවිරිදි ගැමියෙක් හපුතලේ පොලිසිය ඉදිරිපිට දී මරුමුවට පත් විය.

පැමිණිල්ලක් කිරීමට පොලිසියට එමින් සිටි ඔහු බසයට අයින් වීම සඳහා උත්සාහ කරද්දී මේ අනතුර සිදු වන්නට ඇතැයි පොලිසිය කියයි.