පසුගිය රාජ්‍ය පාලන සමය තුළ සිදු වු බව කියන වංචා සහ දුෂණ සිද්ධින් පිළිබඳ පැමිණිලි 1400 ක් පමණ මේ වන විට බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ ජනිධිපති පරිකෂණ කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
රාජ්‍ය බලය අනිසි ලෙස යොදා ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම ඇතුළු සිද්ධීන් පිළිබඳව මෙලෙස පැමිණිලි ලැබී ඇතැයි ද 2010 සහ 2015 අතර කාල සීමාව තුළ දී මෙම සිද්ධීන් සිදු වී ඇති බවද එම පැමිණිලි වල සඳහන් වී ඇතැයි ද ඔහු කීවේය.
මෙම පැමිණිලි 1400 අතුරින් පැමිණිලි 900 ක් සම්බන්ධයෙන් කරන ලද මුලික විමර්ශණ වලදී පැමිණිලි 600 කට අදාළ තොරතුරු වල සත්‍යතාවය පිළිබඳව මතු වු ගැටලූ හේතුවෙන් එම පැමිණිලි 600 බැහැර කිරීමට සිදු වු බවද පැවසු සිල්වා මහතා ඉතිරි පැමිණිලි 300න් පැමිණිලි 100 ක් පිළිබඳ මුලික විමර්ශණ සිදු කළ බවද පැවසීය.
එම විමර්ශණ 100 න් 60 ක් නිසි සාක්කි නොමැතිවීම හේතුවෙන් ඉවත දැමීමට සිදු වු බවද පැවසු සිල්වා මහතා ඉතිරි පැමිණිලි 40 පිළිබඳව සක‍්‍රීයව පරිෂණ සිදු කරන බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි පැත්ත වැටුනත් කාසිය එකයි..(කෞ)
ඕවල වැඩියෙන් තිබ්බේ බොරු පැමිණිලි ....රටේ මිනිස්සුන්ට ටෙලි නාට්‍ය කරන හැටි නේ පෙන්නුවේ......(කෞ)
පුස් වෙඩි අරින ප්‍රබල ඇමති කෙනෙක් ඉන්නවා.(කෞ)
බොරු පැමිණිලි දාලා රජයේ නිලධාරීන්ගේ කාලය සහ රාජ්‍ය මුදල නාස්ති කරවූ අයට දඬුවම් කරන්නේ නැද්ද? (නි)
අර ශිරන්ති නෝනා රත්තරන් හොරකම් කලා කියල දාපු එකට මොකද උනේ? (කෞ)
පැමිණිලි කරපු අය ගැන පළමුව විමර්ශනය කලොත් තමා හොද ???? (ම)
දැන් ඉතින් පසුගිය කාලෙ වෙච්ච දේවල් නෙමෙයි, වර්තමානයේ සිදුවන දේ ගැන හොයන්නත් කාලය ඇවිල්ලා (නි)