
(කේ බුද්ධික කුමාරසිරි)
හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල උක්වත්ත සුසාන භූමිය ඉදිරිපිටදී තමන් පැමිණි බස් රථයටම යට වීමෙන් 23 හැවිරිදි තරැණියක අද (25) දින සවස මියගොස් ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මිය ගිය තරුණිය අවිස්සාවේල්ලේ සිට අදාල බස් රථයේ පැමිණ උක්වත්ත සුසාන භූමිය අසලින් බැස ඉදිරියට යාමේදී පිටුපසින් පැමිණි එම බස් රථයටම යට වීමෙන් මියගොස් ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රගතිපුර පදිංචිකාරියක වන දොලවගේ දෝන ඩිලක්ෂි දිල්ෂිකා නමැති 23 හැවිරිදි තරැණියකි.
මියගිය තරැණියගේ දේහය අවිස්සාවේල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය හෙට (26) දින පැවැත්වීමට නියමිත වේ.
අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ හරි නොසැලකිලිමත් කම නිසා තරුණ ජීවිතයක් නැති උනා .රියදුරුට නින්ද ගිහින් තරුණිය යටකරගෙන ගියාද?එහෙමත් නැතිනම් තරුණිය හදිසියෙන්ම මාර්ගයේ දකුණු පස බලන්නේ නැතුව පනින්න උත්සාහ කළා වත්ද ?මාර්ගයේ බොහොම ප්‍රවේසමෙන් සහ බොහොමත්ම අවධානයෙන් කල්පනා කාරීව යා යුතුයි
බස් රේස් යන කොට මගියො බහින එක ඩ්‍රයිවර්ලට මතක නෑ.සමහරු ෆෝන් එක කනේ ගහගෙන බස් පදවාන්නෙ.මනුස්සයින් නිරපරාදෙ ජීවිතවලින් වන්දි ගෙවනව.
දුරකථන තරුණ ජීවිත වල මාරයා ......ඔබතුමියට නිවන්සුව පතමු!
බස් රථ රියැදුරන් ඒවා ධාවනය කරන්නේ ඉතාමත්ම නොසැලකිලිමත් ලෙසයි. ඒවායෙහි, විච්චූරණ, ඉදිරිපස වීදුරුව පුරවාද ඇත. ආගම්, දේවාල, මල් වඩම්, ඔවුන්ගේ පඩික්කම් සඳහා ද්‍රව්‍ය ආදිය තබන්නේද ඉදිරිපිට දර්ශනයට අවහිර වන පරිදිමයි. පොලිසිය, බස් සංගම්, බස් රථ හිමිකරුවන් මේ කිසිවෙකුත් මෙවැනි දෑ වළක්වාලීමට දැනුමක් හෝ නොමැති බැවින් මෙවැනි අකල් ජීවිත හානිවලට හේතුවයි..