(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
තම පෙම්වතිය සමඟ ගාල්ල ධර්මපාල උද්‍යානයේ පෙම් සුව විඳිමින් සිටියදි පෙම්වතා පැමිණි යතුරුපැදිය සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
පෙම්වතා මොරටුව ජර්මන් ටෙක් ආයතනයේ පාඨමාලාවක් හදාරමින් සිටින සිසුවෙකි. ඔහු තමාට අයත් බජාජ් පල්සර් වර්ගයේ යතුරුපැදියෙන් ගාල්ල ධර්මපාල උද්‍යානයට පැමිණ එහි පළමු ගේට්ටුව අසළ යතුරුපැදිය නතරකර ධර්මපාල උද්‍යානයට ගොස් ඇත.
පසුව ඔවුන් ධර්මපාල උද්‍යනයේ සිට දහවල් 12.40 ට පමණ ආපසු පිටත් වීම සඳහා පැමිණ බලනවිට යතුරුපැදිය එහි තිබි නැත.අනතුරුව යතුරු පැදිය කිසිවකු සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
මෙම යතුරු පැදිය 2016 වර්ෂයේ දි මිලදිගෙන ඇති බවත් එහි වටිනාකම රුපියල් 2.65000ක් පමණ වන බැව් පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ. ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසක කොල්ලා, කොච්චර වැරදි හොරකම්ද, නරකද ඇලෝසියස් ගෙන් ගත්ත සල්ලි පිනට දෙනවා කිව්වා නිසා ගිහින් දුක කිව්වොත්. උත්සාහ වන්තය ජය ගනී.
ඔයවගේ නොදන්නා තැන්වල බයික් නවත්තනකොට සීල් බලු දම්වැල් කෑල්ලක් රෝදෙට දාල ඉබ්බෙක් දාන්න ඕන.
හොඳ වැඩේ... ආදරය කරන්න යනවට... ගස්, ගල් අස්සේ වෙන දේවල් දැක්කම මේක බුදුන් වැඩි දේශයද කියල හිතෙනවා. පොලීසිය මේවා දැක්කත් උඩ බලාගෙන යනවා. නීතියක් නෑ. වල් වැදිලා. අපි ප්‍රාර්ථනා කරපු විශාකාවන් අද කෝ?
බයික් එකේ විස්තර ඔච්චර දාන්නේ ඇයි ?