ජාතික පාසල් 105ක විදුහල්පති පුරප්පාඩු සදහා අයදුම් කැඳවා ඉන් 57කට පමණක් විදුහල්පති පත්වීම් දී ඇතැයි ද, එලෙස පත්වීම් දුන් ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් තවමත් වැඩ භාර ගෙන නැතැයි ද, හැකි ඉක්මණින් සමූඛ පරීක්ෂණ පවත්වා පුරප්පාඩු සහිත සියලු ජාතික පාසල්වලට සුදුසුකම් ඇති විදුහල්පතිවරුන් පත් කළ යුතු යැයි ද ලංකා ගුරු සංගමය කියයි.
පසුගිය දෙසැම්බර 31 වැනිදාට පෙර අය අයදුම්පත් යොමු කරන ලෙස කියමින් පසුගිය වසරේ මැදදී පුවත්පත් දැන්වීම් පළ කර තිබූ බවත්, ඒ වන විට පුරප්පාඩු සහිත පාසල් 105ක නාම ලේඛණයක් එහි වූ බවත්, ඒ අනුව පාසල් 57ක පමණක් පත්වී දුන් බවත්, ඉතිරි පාසල් 48ට සදහා තවම පත්වීම් සිදු කර නැති බවත් එම ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
කොළඹ මහනාම විද්‍යාලයය ඇතුළු පාසල් කිහිපයක පත්වීම් දුන් විදුහල්පතිවරුන් තවම වැඩ භාරගෙන නැති බවත්, ඒවායේ තවම කටයුතු කරන්නේ වැඩබලන විදුහල්පතිවරුන් බවත්, මේ වන විට විදුහල්පති පුරප්පාඩු සහිත පාසල් ගණන 48ට වඩා බෙහෙවින් වැඩි වී ඇති බවත් ස්ටාලින් මහතා කියයි.
තවත් කල් නොයවා නිසි සමූඛ පරීක්ෂණ පවත්වා සුදුස්සන් එම තනතුරුවලට පත් කරන ලෙද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ලංකා ගුරු සංගමය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ෂ ගණනාවකින් ගුරුවරුන්ට විදුහල්පතිවරුන් ෙ ලෙස උසස් වීම් දීලා නෑ. උසස් වීම් විභාග පවත්වලා නෑ. අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීම අතපසු කරලා. ඉතින් ඉල්ලුම්පත්‍ර දාන්න විදුහල්පතිවරු කොහේද ඉන්නේ. පාසල් දහස් ගණනක ඉනනේ වැඩ බලන විදුහල්පතිවරු. (නදී)
ගාල්ල සවුත්ලන්ඩි විද්‍යාලයේ දැන් ඉන්න විදුහල්පතිනි දේවි බාලිකාව ඉල්ලල තියෙන්නේ. කවද ද දෙන්නේ.(නදී)
ගාල්ලේ විද්‍යාලෝකේ නියෝජ්‍ය විදුහල්පතිවරයා රත්ගම දේවපතිරාජයේ විදුහල්පති ලෙස පත් කරලා දැන් මාස 2ක් වෙනවා. යන්නේ නැතිව බොරු අභියාචනා ඉදිරිපත්කරමින් ඉන්නවා. හේතුව විද්‍යාලෝකේට ළමයින් දමල සල්ලි ගැනීමද? දැනටත් ලක්ෂ ගණනක් ගරලා ඉවරයි නේද?. මෙම පත්වීම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරවන්න.(නදී)
ජාතික පාසල් කියන්නේ මෙරට ප්‍රමුඛම පාසැල්. ඒවැනි පාසල් 105කම විදුහල්පතිවරු නැතිවෙනකම් අධ්‍යාපන අමාත්‍යාංශය මොකද කළේ. විදුහල්පතිවරුන් පත් කිරීම එදිනෙදාම කළ යුතු දෙයක්. නැතිනම් පාසල් කඩා වැටෙනවා. විදුහල්පතිවරුන් පත් කිරීම භාර අංශය අන්තිම අකාරයක්ෂම බවයි පෙනී යන්නේ.(නදී)
විදුහල්පති ධූර සදහා අයදුම්පත්‍ර නොදමන බවයි අපි නම් දන්ෙන්. පාසල් කීපයක හැර බොහෝ පාසල්වල විදුහල්පතිවරැ අතින් කාලා හරක් බලනවා වෙග් වැඩ කරන්ෙන්. අඩු ගානේ රැස්වීමකට ගමන් වියදම්වත් ලැබෙන්නේ නැහ. එත් මාසෙකට රැස්වීම් පහක්වත් තියෙනවා
විදුහපති තනතුර කියන්නේ සමහරවිට බෙල්ල කැපෙන වැඩක්. ඇහැලියගොඩ ජාතික පාසලේ මෙතුවක් කල් හොදම විදුහල්පති. කලාපෙට අනුයුක්ත කලේ කොන්ද කෙලින් තියාගන්න ගිහින්. (නදී)