‘මෑතදී කොළඹට රැස්වුණු පිරිසක් රට පාලනය කිරීමේ බලය ඒගොල්ලන්ට දුන්නොත් හොඳට කරන බව කිව්වා. මේ කට්ටිය හොඳට කළ හැටි හොඳටම දන්නවා. ඔය වේදිකාවලට නැග පපුවට අත් දෙක ගසාගෙන රට පාලනය කරන්න ඉල්ලන අය කවුදැයි අපි දන්නවා. ඔවුන් සමග මා වැඩකර තිබෙනවා. ඔවුන් සමග වැඩ කිරීමට බැරිම තැන මම එළියට ආවා. රට ඒගොල්ලන්ට දෙන්නැයි කියන අය රටට කළ දේ කවුරුත් දන්නවා.‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අක්කරෙයිපත්තුවේ පැවැති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් සංවත්සර උත්සවයේදී පැවසීය.
‘ඔය පිට්ටනි ගානේ ගිහින් පපුවට ගහගෙන බලය රට ඉල්ලන අයට මම කියන්න කැමතියි මේ රජය අවුරුදු පහම හොඳට රට කරවන බව. අපේ මවුබිම හොඳට රැකගන්නා බව. මුළු ලෝකයේම සහායෙන් රට දියුණු කරන බව. එදා සතුරුව සිටි රටවල් අද අපේ මිතුරෝ. මේ මිතුරු රටවල් අපට උදව් කරන විට පරණ කට්ටිය කියන්නේ අපේ රට අහවල් රටට විකුණනවා. උගස් තියනවා වැනි අවලාදයි. අපේ මවුබිම කිසිම රටකට පාවා දෙන්නේවත් ඒ රටවල් කියන විදියට අප නටන්නේවත් නැති බව ඔය කට්ටියට කියන්න මම කැමතියි.‘ යැයිද ජනපති කීවේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම උත්සවයේ විශේෂ ආරාධිතයෙක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් අසයි මේ තියන තත්වයට වඩා දුප්පත් මිනිහා ගැන හිතලා වැඩකරනවානම්. තේ,මිල පුදුම විදියට පහල වැටිලා.ගොවියෝ පොහොර ගැන කෑ ගහනවා. ලංකාවේ ප්‍රසන අපමණයි. (ර)
පළමුවත් මවුබිම! දෙවනුවත් මවුබිම!! තුන්වෙනුවත් මවුබිම! (ර)
රටේ ජනතාව බලපොර්රෝතු වුන, සහ ඔබ බලයට ඒමට පෙර කියූ දේවල් ඔබතුමාට තාම ඉටුකර ගැනීමට නොහැකි වීම ගැන අපි කනගාටුවෙමු. (ර)
මේ අදහස් දාන අය මැරිලා ඉපදුනාද. අද රටේ නීතියක් තියනෙවා, මිනිස්සුන්ට නිදහසක් තියනෙවා, වැරදි කරපු අය නීතිය ඉදිරියට ගේනවා. බොරුවට කෑගහන්නේ නැතිව හිතට එකගව බලන්න. අවුරුදු ගානක් වල් වැදුණු රටක් හරි පාරට ගන්න සැහෙන කාලයක් ගත වෙනෙවා. පුළුවන් කමක් තියනවනම් අවංකව හිතලා බලන්න. (ර)
පැරදුන අය කීදෙනෙක් ඉන්නවද මේ ආණ්ඩුවේ. මහින්ද වගේ නොසැලෙන නායකයෙක් තව ඉන්නවද.? (ර)
පාඩු ලබන රාජ්‍ය ආයතන විකුනනවයි කියන්නේ නොහැකියාව. එහෙනම් අගාදයට වැටුණු රටක් රාජ්‍ය ආයතනයක්වත් කලමනාකරන්න බැරි කණ්ඩායමක් පාලනය කරන්නේ කොහොමද. රටේ සම්පත් විකුනාදමා එදාවේල ජීවත්වීම නෙවෙයි රජයක යුතුකම. (ර)
අනේ! කරපු දෙයක් නම් නෑ. (ර)
මෙම තත්වයට වගකියන්න ඕනෑත් ඔබතුමාලම තමයි. (නි)
මේ රජය පත්වුණ දා පටන් අපිට පෙනෙන්නේ ගහපු බෙරයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියායි (නි)
බොරු සෝබන නැති නායකයෝ තමයි අපට අවශ්‍ය. ඔබතුමත් අගමැතිතුමත් රට ගැන හිතලා වැඩ කළොත් අනාගත පරම්පරාව අගය කරයි. එහෙම නැතිවුණොත් ශාප කරයි. (නි)
පපුවට ගහගෙන රජය ඒ කට්ටියට ඉල්ලපු අයට මේ කතාව වැටහුනොත් හොඳටම ඇති. ජනාධිපතිතුමා කී ලෙස නිදහස ප්‍රජාතන්ත්‍රවාදය රිසිසේ තිබෙන නිසයි ඔවුන් මෙසේ කෑ ගසන්නේ (නි)
මහා බැංකු හොරු ඇල්ලුවද අන්න වැඩ කෝ කළාද පලි ගැනීම විතරයි (බ)
වැඩ බැරි ටාසන්ලා එක්ක මේ යන ගමන රට ආපස්සට යනවා එය දැනගන්න (බ)
ඔය ගිය රජයට හොද කියන්න පුද්ගලයෝ හදවතට එකගවද කතා කරන්නේ. (බ)
නැවත බලය ඉල්ලන අය, නිතිය ක්‍රියාත්මක වෙනකොට ඔක්කොම තොරතුරු සීඅයිඩී එකෙන් හොයාගෙන යනකොට හොඳට බයවෙලා වගේ. (බ)
මහින්ද නම කළගුණදත් අයට අමතක කරන්න බැහැ (නි)
පපුවට ගහගෙන කියන්නේ මට මේ රට තවත් කාලයක් දෙන්න කියලා මිස වෙන දෙයක් නෙමෙයි (නි)
කවුරු කවුරුත් පපුවට ගහගෙන කතා කරලා කරපු දේ අපි කවුරුත් දන්නවා. (නි)
කෝ අර දෙනවා කියපු වයි-ෆයි? (නි)
පපුවට ගහගන්න ඕනෑ නැහැ. හදවතට තට්ටු කරලා බලන්න ඔබතුමන්ලා (නි)
ඔව් ඔහොම අවුරුදු 5ක් හොයාගෙන යන්න. වැඩ බැරිකමත් වහගන්න පුළුවන් සමහරුන්ගේ (නි)
ශ්‍රීමාලි, විස්තර ගොඩක් තියන හින්දා, මේකේ ලියලා නිමකරන්න අමාරු නිසා හමුවෙන්න පුළුවන් තැනක් කියන්න.මම සම්පූර්ණ විස්තරයම කියලා දෙන්නම් (නි)
රජයේ භාණ්ඩාගාරයේ මුදල් තමාගේ ගිණුම් වලට හරවා යවන යාන්ත්‍රනයට තුන් වන ලෝකයේ කියන්නේ "සංවර්ධනය " කියල.මේ රටවල් වල ඉන්න නුගත් ජනතාව ඉතින් මේවා දන්නේ නැහැ. (ම)
පරණ අය ගැන කිය කියා ඉන්නේ නැතුව වැඩ ටිකක් කළොත් නරකද? (නි)
මේ රටේ ජාතිවාදී වන්නේ කවුරුන්ද කියා තේරුම් ගතයුතුයි. (නි)
මහින්ද පැරදිලා ගෙදර ගියේ, ජනතාව මෙයාලා කී දේවල් විශ්වාස කරලනේ. මොකද මහින්දට 2005 දී රට බාරදුන්නේ භාණ්ඩාගාරය පුරවලද? මහින්දටත් කිවුවේ, වැඩිම වුණොත් මාස 6 යි දුවන්නේ කියලා. එ්ත් බටහිර රටවල උපකාරය නැතුව මහින්ද යුද්ධය අවසන්කළා, සංවර්ධන වැඩ කළා. (නි)
වර්තමාන රජය කිසිදු වැඩක් කරන බවක් අපිට නම් නොපෙනේ (නි)
මේ ඔක්කොම එකතුවෙලා මහජනතාවට මැජික් පෙන්වනවා. ඒ පැත්තත් එකයි, මේ පැත්තත් එකයි. කවද අපේ රටට ඉරක් පායාවිද? (නි)
සමහරුනගේ කතාව දෝලාවෙන් ගමන පයින්. (නි)
ඔබතුමාට තිබුනේ විධායක ජනාධිපති ක්‍රමය අවුරුදු දෙකකින් ඉවර කරන බව කියන්නනේ. වල් නසන්න තිබුණ මැෂිම ඉල්ලන්නත් කලින්ම පරිත්‍යාග කරලා දැන් කුඹුරට මැස්සෝ එන එක ගැන තැවෙනවා. (නි)
ශාන්, ඉඩිඅමීනුත්, මාකෝසුත්,රොබට් මුබාගේත් මොන මොනවාහරි කළා. නැතුව ඉතින් භාණ්ඩාගාරයේ සල්ලි බැංකු ගිණුම් වල දාගන්න වෙන ක්‍රමවේදයක් හෝ යාන්ත්‍රණයක් නැහැනේ. (නි)
බයිලා අහලා සුරංගන කතා අහලා අපිට දැන් තිත්තයි. වැඩක් කරලා ඉවරවෙලා ඒක ගැන කතා කරන්න. (නි)
කෙරුවාව අවුරුද්දෙන් පෙනේ... (ර)
මට වෙන මොනාවක් වත් ඕනේ නෑ, ඒ හොරුන්, සෙට් වෙලා කෑම නැවැත්වීම. මුනුත් කයි, ඒකටත් විරාමයක් තිබුනනේ (බ)
රාජපක්ෂ නම අමතක වෙන්න නම් මේ රටේ මිනිස්සු අන්ධයෝ වෙන්න ඕන . නැත්නම් ජේවීපී කාරයන්ට කියල රාජපක්ෂ කරපු සංවර්ධන වැඩ ගිනිතියල දාන්න ඕන මිනිස්සුන්ට නොපෙනෙන්න.දිනපතා පාරවල්වල යන මිනිස්සු රාජපක්ෂට පින් දෙනවා. ඒ පිනම ඇති රාජපක්ෂට දෙවි කෙනෙක් වෙන්න වුනත්.අනුන් ගැන ඊර්ෂ්‍යා කරනවට වඩා හොදයි තමන්ට ලැබුණු බලයෙන් නොමැකෙන නමක් තියන්න වැඩ කරන එක. (බ)
අපේ ජනපති තුමනි අපේ අගමැති තුමනි අපි එදත් අදත් හෙටත් මතුවටත් ඔබේ සම්මුතිවාදි රජය සමගයි. දෙව්දත් කුලේ උන් ගල් පෙරලුවට ඒකෙන් අපේ රජයට කිසිම හානියක් කරන්න කිසිකෙනෙක්ට බැහැ. (ර)
"පපුවට ගහගෙන කිව්වේ කම්බා හොරු අල්ලපියව්.ඔබලාට අවුරුද්දක් වෙලත් අල්ලන්න බැරිනම් ගෙදර පලයව් කියලනේ". (බ)
ඡන්දයෙන් පැරදිලා මැදමුලන වලව්වේ ඉදල පරණ පුටුවක ඉදගෙන පුවත් පතක් බල බල හිටපු මනුස්සය දැන් කොහොමද?මම නම් ඔය ටික දන්නවා.මොකෝ රාජපක්ෂලා කියන්නේ කවුද කියල මම දන්නා නිසයි. (බ)
තාම කතාව විතරයි නේ... (ර)
ලක්ෂ 62 කක බලයක් දුන්නේ අසරණ මිනිසුන්ගෙන් ගසා කාපු කප්පරක් ධනස්කන්දය(හතරවරම් ගැහිලි) නැවත ජනතා සතු කරලා ජනතාවට සහන දෙන්න මිසක්,කම්බා හොරුන්ට සමාව දීල නැවත බලයට එන්න අවකාශය හදන්න නෙමෙයි. (බ)
සරත් දිසානායක ඉපදුනේ ඊයේ පෙරේද වගේ. අපිනම් අවුරුදු 30 යුද්දය අත්දැකලා මැරුණ සිංහලයෝ දැකල රට පවා දෙන්න ඔන්න මෙන්න තිබියදී රට බේර ගත්ත හැටිත් අපි දැක්ක. (බ)
ඔබ තුමාට ජය පතමි. (ර)
ලෝකේ මොන රටද දැන් අපිට අවංකව උදව් කරන්නේ. (ර)
වැඩක් කරලා රටට පුරසාරම් දොඩන්න. (ර)
එස්බී සහ අනිත් පින්වත්තු කා ගාවද දන්නේ නෑ එන්නේ මෙයා කියවන්න මරු (බ)
ඇයි ඔබතුමා දැන් ඕවා කියන්නේ ,(හේ)
හිටපු සෙනග දැකල හොදටම බය වෙලා වගේ. (හේ)
ඔබ තුමාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)
දෙගොල්ලන්ම එකතුවී දුෂිතයන්ගෙන් තොර ජාතික රජයක් බිහිකරන බව පැවසූවිට මිනිස්සු බොහෝ බලාපොරොත්තු තැබුවා. නමුත් අද සිදුවෙලා තියෙන්නේ වෙනත් දෙයක්. ගැතිකම් කරන දුෂිතයන්, මහජනතාව ප්‍රතික්ෂේප කළවුන් කෙරුමන් වෙලා. සිංහලයා පාවා දෙනවා. මෙහෙම පස් අවුරුද්දම ගියොත් සිංහලයා මේ රටේ අසරණයන්ම වේවි. (නි)
වැඩ බැරි ටාසන්ලා එක්ක මේ යන ගමන රට ආපස්සට යනවා (බ)
ඔබ තුමා ඔය කතාව කියපු රැස්වීම මමත් දැක්ක හැබැයි සිංහල මිනිස්සු හිටියේ නැනේ ඔය රැස්වීමේ. (බ)
කතාවේ තරමට වැඩත් තිබුනොතින් තමයි ජනතාව ඔය කියනා දේවල් පිළිගන්නේ. තාම බැරිවුණා මිනිසුන්ට දැනෙන්න යමක් දෙන්න. (ර)
ශ්‍රීමාලි, කලින් ඡන්දය ඉල්ලුවේ දිනුවොත් තව අවුරුදු 20 සිංහලකම මුළු ලංකාවේම පතුරවන්න. දැන් වෙන්නේ මොනවද කියා ඔබට ඇස් තිබෙනවා නම් පෙනේවි. (නි)
රටක් ජාතියක් වශයෙන් හැම අතින්ම සිදුකර ගනිමින් ඉන්න බරපතල හානිය ඇස්පනාපිට පෙනෙන නමුදු, සර්වජන ඡන්ද බලය පෙන්නමින් මේ ආණ්ඩුව බලයට ගෙනෙන්න වැඩි ජනතා කැමැත්ත මුලා වී හෝ දී ඇති බැවින් මොනවා කියන්නද? කියලා මොකටද? (නි)
ඇත්ත තත්වයය තෙරෙනැද්ද? හරියට රට කරන්නේ කොහොමද පැරදිච අය කකුලෙන් අදිනකොට. හරි නම් පැරදිච අයත් එකතු වෙලා රට දියුණු කරන්න උදව් කරන එක නේද යුතුකම. (ර)
කතාව දෝලාවෙන් ගමන පයෙන් මේ වගේ කතාවක් මම අහල තියෙනවා. (ර)
රැස්වීම් වලට එන සෙනඟින් ජනමතය තීරණය වුණා නම් 2015 මහින්ද මහත්තයා පරදින්න විදිහක් නැහැනේ (නි)
රෝහිතගේ කතාව ඇත්ත. (ර)
නොමැකෙන නමක් තිබ්බ නායකයෙක් රට බෙර දුන් මහින්ද නම කලගුණ දත් අයට අමතක කරන්න බැහැ. (ර)
පළිගැනීම් පමණයිනේ. වැඩ කරලා නැහැනේ (නි)
අඩුම වශයෙන් දැන් විපක්ෂයට රැස්වීමක් තියලා බනින්න පුළුවන් නිදහසක් තියෙනවා .එකම ඇති . (ර)
සදුන් තවම දුපත් මානසිකත්වයෙන් මිදිලා නැහැ වගෙයි. (ර)
අර කිතුලට නැගපු කෙනත් කිව්වේ ඔය වගේ දෙයක් තමා, (ර)
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් කටයුතු කලයුතුය කියල කියමනක් තියෙන්නේ මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන් නිසා. හැබැයි ඒවා ප්‍රායෝගිකද කියලා නුවනින් විමසා බැලිය යුතුයි.(ර)
ශාන්, බමුණු එහෙම කතාකරන්නේ හේතුවක් ඇතුව. ඒ කවමදාවත් නොමැකෙන නමක් රටට ඉතිරි කරපු කෙනෙක් බව අපිත් පිළිගන්නවා. හැබැයි ඒ මොන අංශයෙන්ද කියන එක මෙහි සඳහන් කරන්න උවුමනා නැහැනේ. අනිච්චං! අපි ජීවත් වෙන්නෙත් මේ වගේ මිනිස්සු ඉන්න රටකනේ! (නි)
මහජනයා ප්‍රතික්ෂේප කල පරාද අය ගත් එක වැරදියි. (ර)
අපි දැන් කරන හැටිත් දන්නවා. අපේම පවටයි මේවා වෙන්නේ (නි)
සමහරුන්ට රට කාගෙන ගිය හෑටි ඉවසන්න පුලුවන් රොටියක් හදන විදියට පර්ස්න විසදන්න බෑහෑ අනාගතයේ යහපත් ප්‍රතිපල බලන්න නම් ඉවසන්න වෙනවා ඒකට ඉවසීමක් නෑහෑ. (ර)
ශාන්, රාජපක්ෂලාට රටම ශාප කරනවා. (නි)
සරත් දිසානායක සමග මමත් එකගයි. අපේ රටට අපි ආදරෙයි. (ර)
ඉවසන්න ...ඉවසන්න .... බයියෝ අන්දයි. ජිනිවා මානව හිමිකම් කොමිසමේ 3 වෙනි වර ඡන්ද විමසීම , යුරෝපයේ ජි .එස් .පි. බදු සහනය , යුරෝපයට මසුන් අපනයන කිරීම වැනි දේවල් මේ ආණ්ඩුව පහුගිය කාලයේ ලබා ගත්ත ජයග්‍රහණ .හොද හොද වැඩ එළිවෙන ජාමෙට ඉවසන්න. (ර)
රංචු පිටින් එකතු වී ආණ්ඩුව වට්ටන්න නොයෙක් උපාය මාර්ග ක්‍රියාත්මක කරනවා මේ දවස්වල. පාපයට ඇර කිසිම දෙකට බිය නොවන්න... (ර)
මම කාටත් කියන්නේ, රට කරන හැටි කරලා පෙන්නන්න රට භාර දෙන්නලු, එතකොට තව අවරුදු දෙකක් තියාගෙන ඡන්දයක් තියලා පැරදීලා ගෙදර ගියේ මොකද ? දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියලා දෙනවද? (ර)
අවුරුදු එක හමාරට කරපු වැඩක් නැතිව නැහැ. තව මෙතන කාලය ඉල්ලන එක තේරුමක් තියෙනවද? (ර)
ඇත්ත. හිතක් පපුවක් තියෙන්න එපැයි පපුවට ගහගන්නත් (නි)
අපේ සමහර අයට පළමු දවසේ ඉඳලම මොනවහරි ඕන. රුවන් කියන එක හරියට හරි. (ර)
මොනා කියන්නද මේවට. (ර)
කතාව විතරයි. බණ්ඩාගාර බිල්පත් ටිකෙන් ගොවියන්ගේ සහනාධාර, ඒවයින් රට ඉවරයි (බ)
ඔච්චරම මහින්දගේ පාලනයට අකමැති නම් වේලාසනම එළියට බහින්න තිබුනනේ. ඒ රජයේ ඇමතිකම් වල රස බලලා සැප විඳින කාලේ ඕවා මතක්වුණේ නැද්ද කාටවත්ම? (නි)
තනිකර ඇත්ත කතාව අපිට ආයිත් රජතුමෙක් ඕන නැහැ ඔබතුමාට බුදු සරණයි. (ර)