කොස්ගම යුද හමුදා කඳවුරට මීටර 200 – 300 ක් ආසන්න කන්දකට අද අලුයම නැග ගත් මාධ්‍යවේදීන් පිරිසක් කියා සිටියේ අදත් කඳවුරේ ගින්න තවමත් පවතින බවයි. මාවල්ගම කඳු මුදුනේ සිට සිරස මාධ්‍යවේදීයකු පැවසුවේ කඳවුර අවට විදුලි රැහැන් වලට ද , ගෙවල් වලට හානි සිදු වී ඇති බවයි.
පිපිරි ගිය උණ්ඩ පොළොවට කාවැදී ඇතැයි කියති.
ද්‍රෝණ කැමරාව අහසට යවා ගත් ඡායාරූප අනුව ඊයේ (6) පෙරවරුවේත් කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න පැවැතියේය.
ඒ වනවිට ගින්න හටගෙන පැය 18ක් පමණ ගතවී තිබිණි.
ඡායාරූප අනුග්‍රහය - සිරස නිව්ස් ෆස්ට් කැමරා කණ්ඩායම
ජායාරූප හා වීඩියෝ - සිරස නිව්ස් ෆස්ට් අනුග්‍රහයෙනි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම දෙනා පළමුව තම තමන්ගේ ජීවිතාරක්ෂාව ගැන හිතන්න (නි)
ජාතික ආපදාවකදී දේශපාලන ගැන කතා කිරීම සහ පවතින රජයට දොස් පැවරීම නොවේ වටින්නේ, ආපදාවට ලක්වුණ සැමට හැකි පමණින් උපකාර කිරීමයි. (නි)
මෑත කාලයේ අහන්න ලැබුණු විශාල විනාශයක් (නි)
හෙට දිනයේ මොනවා සිද්ධවේදැයි හිතට බයයි (නි)
ශ්රී ලංකාවේ සියළුම අාපදා හා අනෙකුත් සියලු කටයුතු වලදී අවදානම නොතකා ආරක්ෂා අංශ වලින් එම පෙදෙස් වලින් පිටවන ලෙස කියද්දී ජනතාවට උපරිම සේවකයක් ලබා දෙන ජනතාව සියලු පහසුකම් මෙන්ම අනතුර ඇති ස්ථානයෙන් ජනතාව ඉවත් කිරීම හා ඔවුන්ට ආරක්ෂා ඇති ස්ථාන ගැන හා ඔවුන් ගේ ආරක්ෂාව ගැන සියලු තොරතුරු සොයා බලමින් කටයුතු කරන අණවිරුවනට ප්‍රණාමය (ම)
කොටි ත්‍රස්තයන්ටවත් විනාශ කිරීමට අපොහොසත් වූ අවි ගබඩා දැන් පිපිරේ. කීමට බොහෝ දේ ඇතත් බුද්ධිය ඇත්තවුන්ට වටහා ගැනීමට ඉඩ තබා නිහඬව සිටිමි. (ම)
රටේ ආරක්ෂාව ගැන සැලකිල්ලක් දැක්විම වැදගත් මෙවැනි තත්වයකදී (ම)
ඉන්දියාවෙත් ගිය සතියෙ මෙවගෙ පිපිරීමක් වෙලා සෙබලුන් 17 මැරුණා.. පසුගිය වසරේ චීනයේ පිපිරීමකින් 200 වඩා මැරුණා... (ම)
තිබුන විදිහට ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කලානම් මේවගේ නස්පැත්ති වන්නේ නැහැ.දැන් වගකි වයුත්තෙක් නැහැ. (ම)
2014 ඔක්තෝම්බර් 02 දා, මත්තේගොඩ අවි ගබඩාව පිපිරුණ අවස්ථාවේ කුමන්ත්‍රණයක් කියා නොකිව්ව උදවිය අද මේ ගැන කියන දේවල් ඇහුවම හිනා යනවා.(ම)
ජාතික ධනයෙන් කී කෝටියක් දැවී අළුවුණාද? (නි)
මෙතනට දේශපාලනයක් නැහැ. අප පරිස්සම් විය යුතු වෙනවා. සංහිඳියා සංකල්ප තුළින් අවදානම ළඟා කරනොගත යුතුවෙනවා (නි)
අනේ දෙවියනේ මෙහෙමත් විනාශයක්! (නි)
අපේ රටේ පරිපාලනයේ දුර්වලතා තමයි.(ම)
සමහර මහත්තුරුන්ට නම් හරි සතුටු ඇති නේද? (නි)