මඩකලපුව වන්දාරමුල්ලේ දි 1997 දී බෝම්බයකට හසුවී දකුණු ඇස සහ දකුණු අත අහිමි වූ වන්දාරමුල්ලේ කන්නනායගම් අරුලානන්දම් ගඩොල් කපා ජීවිතයේ සරිකර ගනියි.
අරුලානන්දම්ගේ දැන් වයස අවුරුදු 26කි. අවුරුදු 11දී ඔහු බෝම්බයට පසුවිය. ඔහු වැඩ කරන ගඩොල් වැඩපොල පිහිටියේ අම්පාරේය.
ඔහු මැටි කපා තනියම වතුර ඇදගෙන මැටි පාගා ගඩොල් කැපීම සිදු කරන ආකාරය බලන පුදුම සහගතය. ගඩොල් 300-400 අතර කපන බවත් ගඩොල් වැඩ පලේ අයිතිකරුය. ටී.එම්. සමන්ත අත්උදව් කරන බවත් අරුලානන්දම් කියයි. සතිදෙකකට වරක් මඩකලපුවට යන අරුලානන්දම් මව පියා සහ සහෝදරියන්ගේ දුක සැප බලා නැවත ගඩොල් වැඩපොළට පැමිණේ. අරුලානන්දම්ගේ පියා මයිල්වානගම් කන්නනායගම්ය. මව සෙල්ලතම්බි සරස්වතීය. තනම් සහ දර්ශිණි සහෝදරයා සහ සහෝදරියන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමුක්තිය ලබාදෙන බව පවසා සාමය ජීවිත අහිමි කරමින්,අංග විකල කිරීම්, බලලෝභී නායකයන් විසින් සිදු කර ඇත්තේය. උතුරේ සහ දකුණේ එවැනි දේ කළ අයගේ ඉරණමද එවැනිම ඛේදවාචකයක් විය (නි)
දෑත දෙපය හොදින් තියාගෙන, නිකන් දුන්නම කන්න බලාගෙන ඉන්න අයට හොද ආදර්ශයක්. ඔබට තෙරුවන් සරණයි! (නි)
මට වචන නැහැ කියාගන්න. ගොඩාක් දුක හිතුනා වගේම සතුටකුත් දැනුනා. මෙතුමාගේ ධෛර්යය දැකලා. ඹහුට සියලු දෙවියන්ගේ පිහිටයි. තෙරුවන් සරණයි. (නි)
එහෙත් තවමත් කොටි ත්‍රස්තවාදීන්ට ආවඩන්නට සැදී පැහැදීගත් සමහර දේශපාලුවෝ සිටිති (නි)
චාමර උඩු කරනවානම් මට පුළුවන් සම්බන්දකරන්න (අ)
ඔබට තව තවත් ශක්තිය ලැබේවා!! මෙවන් වු මිනිසුන් අගය කරනවා. දිරිය මිනිසුන් ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින වර්ධනය වේවා!!! (ස)
කාටත් ආදර්ශමත් දිරිය තරුණයෙක්. (නි)
අතක්, පයක් , ඇසක් අබ්බගාත වු පමනින් අනුන්ට අතපාන මිනිසුන් අතරේ මෙන්න ආදර්ශමත් මිනිස්සු. ඔබට තව තවත් ශක්තිය ලැබේවා සහෝදරයා! (නි)
ඔහුගේ ජීවිතය ගතින් සහ මනසින් කම්මැලියන්ට හොඳ ආදර්ශයකි. ඔහුට වාසනාවන්ත අනාගතයකට සුබ පතමි.ජයවේවා! (නි)
නුඹ නියම ආදර්ශයක්. හොඳ කොල්ලෙක්. මේවගේ තරුණ ජීවිත කියක් අපට නැති වුණාද? මෙවන් යුද්ධ ලංකාවෙන් තුරන් කරන්නට පෙරමුණ ගන්න. ජය. (නි)
ඔබට තව තවත් ශක්තිය ලැබේවා!(නදී)
සොයුර, ඔබගේ උත්සාහය හැන මට කියන්න වචන නොමැත.ඔබට බුදු සරණයි. (නි)
සොරකම්, මංකොල්ලකෑම් කර ඡීවත් වෙන පූද්ගලයින්ට මෙය කදිම ආදර්ශයක්. ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියූණූවටම පත්වේවා! (නි)
නියම සුපර් ස්ටාර් කෙනෙක් (නි)
කොටින් රටට කළ මේ එක් සාපයකි.. දකුණ'තෙ ඉතිරි වී ඇත්තේ භාගයකි.. උදව් ලැබිය යුතු දිරිමත් තරුණයෙකි.. ඩයස්පෝරා කිඹුල් කඳුළු ප්‍රයෝගෙකි... (ස)
දැක්කම දුක හිතෙනවා. ඔබගෙ දහිරිය සැමට ආදර්ශයක්.ඔබේ ජීවිතය වාසනාවන්ත වේවා. (ස)
දයාබර සොහොයුර, ඔබට යෝධබල යෝධ ශක්තිය ලැබේවා! (නි)
උදව් කරන්නේ නම් මෙම තරුණායාගේ ධෛර්ය්‍ය හීන නොවන ආකාරයට උදව් කල යුතුයි. නැත්නම් මෙයාටත් අපේ සමහර තටු ලැබූ ක්‍රීඩකයින්ට වුනු දේ වෙයි. .(නදී)
මේ කෙනා සිංහලයෙක් නම්,බලන්න තිබුනා ඔහුව වර්ණනා කරලා අදහස් 100ක්වත් මේ වෙනකොට දාලා ඇති (නි)
ඇත,පය හතරම හොදට තියගෙන හිඟා කන අයට හොඳ ආදර්ශයක් .(නදී)
ඔබ තරුණ පරපුරට මහඟු ආදර්ශයකි! (නි)
මොන ජාතිකයෙක් වුණත් බුදු සරණින්, දෙවි පිහිටෙන් ජීවිතය සාර්ථක වෙලා, හොඳ බිරිඳක් ලැබිලා ,වාසනාවන්ත දරුවෝ ලැබිලා ලස්සන අර්ථවත් නිදුක් නීරෝගී අනාගතයකට ශ්‍රී ලාංකික අපෙන් ඔබට ආශීර්වාද පැතුම්! (නි)
නියමයි ඔබ ගැන හරිම සතුටුයි ...ඔබටත් ඔබේ දෙමාපියන්ටත් ඔබට රැකියාව දුන් අයටත් බුදු සරණයි ....සෙන්තිල්,ඔයාටත් බුදු සරණයි..(නදී)
කොහොමත් සෙන්තිල් යන්නේ තවමත් වැරදි මාර්ගයේ වගේ. දැන්වත් හරි මාර්ගය තෝරාගන්න සෙන්තිල් සහෝදරයා (නි)
අපි අමුතුවෙන් මොනවා ලියන්නද සෙන්තිල් මහත්තයෝ ? මේ තියෙන්නේ සිංහල දෙමල සමගිය අපුරුවට , අපි ජාතිවාදී උනානම් ඔහෙලට දුවන්න වෙන්නේ අරාබියටම තමයි.(නදී)
නමුත් මේකෙන් මේ අහිංසකයට කරදරයක් වෙයිද කියලයි මම කල්පනා කරන්නේ.මේ වැඩ දුටුවිට මේකට තව අයිතිකාරයෝ එයිද දන්නේ නැහැ, අයිතිවාසිකම් කියාගෙන. (නි)
මම කැමති මොහුට උපකාර කරන්න ,කරුණාකර විස්තර දෙන්න .(නදී)
අපේ රටේ අතක් පයක් අහිමු වුණොත්,අවුරුදු පනස්පහෙන් විශ්‍රාම ගියත් වෙනත් රැකියාවට යාමට කිසිසේත් අවකාශයක් නොමැත.නමුත් වෙනත් රටවල අනිවාර්යෙන්ම සියයට පහක් හෝ දහයක් පෞද්ගලික සමාගම් හෝ ආයතන වලට ඔහුන්ගේ දක්ෂතා හා පළපුරුද්ද අනුව රැකියාවල් දිය යුතුයි කියා ගිවිසුම් අත්සන් කර ඇත. ඒ වගේම අත්පා කකුල් අහිමි වුණත් ඔවුන්ට ධාවනය කළ හැකි රථ වාහනයක් පැදීමට රියදුරු බලපත්‍රයක් ලබා ගත හැක.විශේෂයෙන් අපේ රටේ අතක් පයක් අහිමි වුණොත් කෙනෙකුට අතපානවා හැර ඔහුන්ගේ ජීවිතය ගෙන යාමට නීති සම්පාදන කර නොමැත. (නි)
ජීවිතය ජයගනින් වීර කොලුවෝ... (නි)
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ.... දෑතේ සවියෙනි රට ගොඩ නැගුනේ..... ඒ මිනිසුන්නේ මළගම වෙනුවෙන්...... මොන රජමැදුරෙද සුදුකොඩි නැගුනේ........ (නි)
ජාතිය කුමක් වුවත් ලංකාවට අවැසි මෙවන් මිනිසුන්ය (නි)
අනේ පව් ඒ මනුස්සයා. (ස)
දිනු රටටත් හැදු වැඩු දෙමාපියන්ටත් ණය නැති හොඳ පුතෙක් (නි)
කෝ මේ ඩයස්පෝරා? (නි)
ඔහු සැබෑ ශක්තිවන්තයෙක් (නි)
සිංහල, සිංහල අපිට විතරක් සාප කරන්ට එපා. (ස)
ජීවිතය ගොඩගන්නා දිරිය ලක් පුතෙක් (නි)
යුද්ධෙන් මෙහෙම උනා නම් ජීවත් වෙන්න ඇති තරම මුදල් ලැබෙනවනේ . මෙහෙම දුක් විදින්න ඕනේ නැහැ නේද? (ස)
සෙන්තිල්,ඔබ මොන ජාතියේද කියන්න මම දන්නේ නැහැ, ඒත් සිංහල කියන්නේ ජාතිවාදී නොවන ඕනෑම කෙනෙකුට සහෝදරත්වයෙන් සලකන ජාතියක්, කොහේටවත් නැති අය කොහෙත් ඉන්නවා. එය වලක්වන්න බැහැ. කියවලා බලන්න සිංහල අය දාලා තියෙන අදහස් මේකට. ජාතිවාදය නිසා අපි දුක් වින්ද තරම ඇති, තවත් එය පතුරුවන්න එපා. කන්නයගම් සොයුරාට සුබ අනාගතයක් ! (ස)
දර්ශනගේ අදහසට මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ඇත්ත එය තමයි, බොහෝ දෙනෙක් අවබෝධ කර නොගත්. (ස)
ඔබට දිරිය ශක්තිය ලැබේවා! අනේ මේ සහෝදරයට කෘතිම අතක් දෙන්න බලමුකෝ. (ස)
අඩුපාඩුකම් සියල්ල අමතක කර ස්වෝත්සාහයෙන් දියුණු වෙන්න මහපොලව හා ගැටෙන සොයුර ඔබේ සිතුම් පැතුම් සියල්ල සම්පූර්ණ වේවා ,ලස්සන අනාගතයකට දොරටු විවෘත වේවා ,ඔබට ජයෙන් ජය. කුරිරු යුද්ධය සැමටම සාපයක්, නමුත් තවමත් ජාති වාදය ,ආගම් වාදය කර පින්නගන යුද්ධයකට ආවඩන සෙන්තිල්ල ,මිහිරල වගේ අයට එය නොතේරෙන එක ඊට වඩා සාපයක්ද , පාපයක්ද ? (ස)
ෆේස් බූක් ලව් එක අප්සෙට් වෙලා දිවි නසාගන්න හදන අපේ බොළඳ පෙම්වතුන්ට ජීවිතයේ වටිනාකම කියලා දෙන උතුම් මිනිසෙක්. ෆේස් බූක් බොළඳ පෙම්වතුනි මේ උතුම් මිනිසා ආදර්ශයට ගන්න. දිරිය ලක් පුතුනේ ඔබට බුදුන්ගේ ආශිර්වාදය ලැබෙනවා. සදා ජය.... (නදී)
ඔබ සැම දෙනාටම ආදර්ශයක්. නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා !!! (ස)
සෙන්තිල්, මට පේන්නේ ඔයාගේ ඇස් දෙකම පේන්නේ නෑ වගේ, ජාති බේද තියෙන්නේ ඔය වගේ අය ළඟ. හොඳ දෙයක් දැක්කම අපි කව්රුත්හොඳ කියනවා, අරුලානන්දම් ඔබට යහපතක්ම වේවා.(නදී)
හිත උණු වුණු පුවතක්. සෙන්තිල්, අපි එකතු වී මේ තරුණයාට පිහිට වෙන්ට මඟක් බලමු. ඔබට පුළුවන් මුලිකත්වය ගන්න.මේවට අත දෙන ස්වේඡා සංවිධාන කොච්චර තියෙනවද. (ස)
සෙන්තිල්ටම දැක ගන්න පුලුවන් වුනානෙ ඇත්ත තත්වෙ. හරිම මහත්මයෙක් නම් අතපසු වීමකදී සමාව ඉල්ලන්න ඕනා. මතක් කරලා එහෙම කරලා නම් වැඩක් නැහැ සෙන්තිල්. ඔයා කවුද කියලා හැමෝටම පෙනුනා. (ස)
යුද්ධය කුරිරුයි.පවු අහිංසකයා (නි)
දුටුවිට ඇත්තෙන්ම දුක හිතෙනවා. මේවට වග කියන්න ඕනෑ කව්ද කියලා අමුතුවෙන් ලියන්න ඕනෑ නැහැ.පරම්පරා ගානකට ශාප වෙන්න ඕනෑ මේවාට.ඔබට දිරිය ශක්තිය ලැබේවා ජීවිතය ජය ගන්න. (නි)
ඔබට ධෛර්යය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා! (නි)
මල්ලි උඹ දකුණට එනවා නම් ගඩොල් වැඩ පොලත් අරගෙන අපි උඹව අවංකව බලා ගන්නවා. (ස)
මේ අහිංසකයට අදහස් ලියන්න කවුරුවත් නැහැ (නි)
මෙවැනි අසරණ, නමුත් දිරිය මිනිසුන් ලංකාවේ හුඟක් ඉන්නවා. කොහොම වුණත් රජයෙන් යම් සහනයක් හරි උපකාරයක් හරි කරන්න පුළුවන් නම් හොඳයි. (නි)