(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඇතුළු ආයතන හයක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) හමුවට මේ සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.
මේ අනුව දූෂණ සහ අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට (03) වැනිදා කැඳවෙනු ඇත.
මෙයට අමතරව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඒළැඹෙන (4) දිනයේත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට එදිනමත් කාර්මික සංවර්ධන මණ්ඩලය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට එළැඹෙන (5) දාත් සමුපකාර සංවර්ධන මණ්ඩලය රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට එදිනමත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ලබන 6 වැනිදාත් කැදවෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කීය.
එසේම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ක්‍රියාවලිය පිළිබඳ විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවද කෝපා කමිටුව ඉදිරියේ හෙට (03)දා විමර්ශනයට ලක් කෙරෙනු ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්ද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව ) එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන්ද රැස් වනු ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා රැස්වීම් 13ක් මේ මස මුල් සතියේදී පැවැත්වීමට නියමිතය.
අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන්ද සහ සෞඛ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එම ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සභාපතිත්වයෙන්ද රැස්වනු ඇත.
විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන (4) දිනයේද ධීවර අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව සහ පරිසර අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව එම ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒළැඹෙන (5) දිනයේද රැස්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd