කොළඹ - නුවර මාර්ගයේ පිළිමතලාව ආසන්නයේදී පා පැදිකරුවකු මර්ගයේ නවතා තිබු ලොරි රථයක පැති කන්නාඩියේ වැදි සිදුවු තුවාල හේතුවෙන් මියගොස් ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.
ඉලුක්වත්ත හේනේගෙදර වත්තේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ චමින්ද (23) යන අයෙකි. අද (29) අලුයම 12.45 පමණ මෙම අනතුර සිදුවි ඇති අතර තම නිවස අසල ලොරි රථය නවතා එහි හිමිකරු නිවසට ගොස් සිටි අවස්ථාවේදී මහනුවර දෙසට පා පැදියෙන් ගමන් ගත් මෙම පුද්ගලයා ලොරි රථයේ පැති කන්නාඩියේ වැදි එහි යකඩ රදවනය ගෙල ප්‍රදේශයේ වැදීමෙන් තුවාල සහිතව සිහිසුන් සිටි බවත් කඩුගන්නව දිස්ත්‍රික් රෝහලට ඇතුල් කිරිමෙන් පසු මියගොස් ඇති බවත් රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝටර් සයිකල් වල ගිහින් නැති වෙන තරුණ ජීවිත ගැන දැක්කහම පුදුම දුකක් ඇතිවන්නේ .රජයට මේවට වැඩ පිළිවෙලක් නැහැ. වෙන රට වල නම් මෙතරම් මාරාන්තික අනතුරු වෙන්න හේතු හොයල බලල පිළියම් කරලා මෙලහකටත් .(බ)
ලංකාවේ රිය පැදවීම වගේමයි නවතා තැබී මුත් ..! අනුනට අවහිරයක් වන පරිදිමයි බොහෝ විට සිදු කරන්නේ. කෙටි දුර ධාවන පුද්ගලික බස් වල නම් අන්තිමයි,පාර අවහිර වෙන්නමයි නවතන්නේ...දැන් පා පැදි වල රාත්‍රී ආලෝකයන් දල්වන්නේ නැති තරම් .නීතියෙන් හොයලා බැලිල්ලකුත් නැහැ.අපේ කාලේ නම් රැ ට ලියිට් නැතුව ගොහින් පොලිසියට අහුවුනොත් බයිසිකලේ රීම් එකෙන් යවනවා. එය හොද පාඩමක් ...!(ම)
ලොරි රථයේ රියැදුරු මඟ අවහිර වනසේ ලොරිය නවතා තැබුවාද? (නි)
ලොරියත් මේකට ටිකක් හරි වගකිවයුතු නැද්ද? (බ)
බොහොම නීතිගරුක සහ ශිලාචාර විදියට වාහන නවත්වන අය දැක ගන්ට ඕනෙනම් සමහර පාසල් ලඟට ගියහම ඇති. (ර)
මෙයා ගිහිල්ල තියෙනේ පාපැදියක .මේක තනිකරම කරුමෙට වෙච්චි දෙයක් (ම)
බොහොම කණගාටුදායක මරණයක්. මහා මග සිදුවෙන සමහර මාරක අනතුරුවලට හේතුව වාහනය හසුරුවන්නට නින්ද යාම. වෙලාව සඳහන් කර තියෙන නිසා මට හිතෙනවා පා පැදි කරු නිදිමතේ ගියා වත්ද.? කියල. ඔහුට නිවන් සුව පතමි. (බ)
තමන්ගේ ආරක්ෂාව ගැන පා පැදිකරු අවධානය යොමු නොකිරීම අවාසනාවක්. අනවධානය නිතියෙන් නිවැරිදි කරන්න බැහැනේ. (බ)