ප්‍රැන්සිස් පාප්වහන්සේගේ ලංකා ගමන ස්ථිර බවත්, දිනය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ දියෝකිසයේ බෙනඩික් ජෝසප් පියතුමා කියයි.
ශ්‍රී ලංකාවට එන ලෙස පසුගිය අගෝස්තු මාසයේදී මහින්ද රාජපක්ෂ ජනපති පාප් වහන්සේට ඇරියුම් කළේය.
මීට කළින් 1970 දී හා 1995දී පාප්වහන්සේලා ශ්‍රී ලංකාවට පැහිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටට කරුණක්.(නදී)
මම මුළු හදවතින්ම සුබ පතනවා. මා දැන් ඉන්න රටට පාප් වහන්සේ මේ වසර මුල් කාලේ ආවා. අම්මෝ හිටිය සෙනගක්, අපි පෝලිමේ ගිහින් චෙක් පොයින්ට් වලින් චෙක් කරලා තමයි එතුමා යන පාරට ගියේ හොදට දැක ගත්තා. ඇත්තටම වාසනාවක්. ලංකාවේ අයත් ගිහින් බලන්න බුද්ධාගමේ උනත් කමක් නැහැ හැමෝම යන්න.(නදී)
ඔබ තුමාගේ පැමිණීම අපිට මහත් අත්වසිල්ලක් (දී)
දැවෙන ප්‍රශ්න වලට එක ප්‍රතිකාරකයක්. ජැක්සන් ගේ මල්ලි ආව,ඊ ලගට චාල්ස් කුමාරයා, ඊලගට පොදුරාජ්‍ය , ඊටත් ලගට තව කව්රු හරි එයි. ප්‍රශ්න ඔක්කොම ඇද යට.(නදී)
මම බෞද්ධයෙක්. ඒත් පාප් වහන්සේ ලංකාවට එන ගැන මට සතුටුයි. ඒක අපේ කිතුනුවන්ට ලොකු ගෞරවයක්. (නදී)
ප්‍රැන්සිස් පාප් වහන්සේව පිළිගන්න අපි සුදානමෙන් සිටින්නෙමු, ලොව ආගම් සමගිය තව තවත් ව්‍යාප්ත වේවායි පතමි.(නදී)
ප්‍රැන්සිස් පාප් වහන්සේ සම්ප්‍රදායෙන් පිට දේවල් කරනවා.(නදී)
සම්ප්‍රදායෙන් පිට උනත් කතෝලික අපිට හදවතින්ම සතුටු වෙන්න පුළුවන් දේවල් විතරයි පාප් තුමා මෙතෙක් කරලා තියෙන්නේ. පාප් තුමාගේ ලංකා ගමන රටටම ගෞරවයක්.(නදී)
ෂෙරිෆ්, නුඹලා නියම ආගමික සමගියක් ලොව පුරාම ඇති කරලා තියෙන්නේ. හතුරන් කියමින් තමන්ගේ වර්ගයේ අයවම මරා කනවා. ඉතින් අනෙක් ජාතින්ව කොහොම මරන් කයිද. ඒ අතින් ආගමික සමගිය උදෙසා කිතුනුවන් ලොවට ආදර්ශයක්.(නදී)
මේකේ අදහස් දා තියෙන බහුතරයක් කියලා තියෙන්නේ,මම බෞද්ධයෙක් ,නමුත් පාප් වහන්සේව පිළිගන්නවා කියලා. පුදුමය කියන්නේ අර වීරත් මොකක්දෝ ලියලනේ. (නි)
ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ආසියා සංචාරයට අපේ රටත් තෝරාගැනීම මුළු ආසියාවේම ලංකාව ගෞරවයට පත්වනවා සේම එම ලැබෙන ගෞරවය නොකෙළසිම අප ජනතාවගේ වගකීමකි (නි)
ඔබ වහන්සේ ,,සාදරයෙන් පිළිගනිමි..සාදර හිමියනි .......... (ස)
පාප්තුමනි,අප ඔබතුමන් සාදරයෙන් පිළිගන්නෙමු. අපගේ සුන්දර දිවයින බලා අපගේ නිහතමානි ආගන්තුක සත්කාර ලබන්න. වසර 2500 කට වඩා ඉපැරණි ධර්මද්වීපයේ අපගේ සංස්කෘතිය අත්විදින්න. අපි ඔබතුමන් සාදරයෙන් , ගෞරවයෙන් , ආදරයෙන් පිළිගන්නෙමු (නි)
ශුද්ධෝත්තම ජුවාම් පාවුළු පාප් වහන්සේ සැපත් වුන අවස්ථාවේ ප්‍රධාන දේව මෙහෙය පවත්වපු ගාලු මුවදොර පිටියේ ඉඳිකරන ලද වේදිකාව ශ්‍රී ලංකේය කලාවන් පිළිබිඹු කරමින් අලංකාරව නිර්මාණය කලේ අපවත්වී වදාල පුජ්‍ය මාපලගම විපුලසාර හිමියන් විසිනි. එය ශ්‍රි ලංකාවේ පමණක් නොව ලොව පුරා කිතුනුවන්ගේ කතාබහට ලක් වුනා. බෞද්ධයන් හැටියට අපටත් ඒ ආඩම්බරය බුක්ති විඳින්න ලැබුණා. ඒ පමණක් නොවෙයි උන්වහන්සේට වතිකානු රාජ්‍යයට වැඩම කොට පාප් වහන්සේ බැහැ දැකීමට පවා හැකියාව ලැබුණා. මතකද දන්නේ නැහැ බොහෝ දෙනෙක්ට. (ස)
ඉතාම සුබ ආරංචියක්. එසේම සිදුවේවා.(නදී)
ප්‍රැන්සිස් පාප් වහන්සේ සම්ප්‍රදායෙන් පිට දේවල් කරන අයෙක් බව මා අසා තිබෙනවා. (නදී)
දැන් කවදා විතරද මේ පැත්තට එන්නේ (දී)
මා බෞද්ධ කෙනෙකු වුවත් මෙතුමාට ලොකු ගරු කිරීමක් මගේ හදවතේ ඇත . ඒ ඔහුගේ නිහතමානීකාමි කම නිසාය . ඔබගේ පැමිණීම අපට ලොකු ගෞවරවයක්. . ඔබව අපි සාදරයෙන් පිළිගනිමු.(නදී)
අපේ ප්‍රණාමය!(නදී)
අමිල, ඔබ ඇත්තම බෞද්ධයෙක්ද (පන්සල් යන / නොයන වශයෙන්) (නි)
ධම්ම පොඩ්ඩක් කට පරිස්සම් කර ගන්න ජාතිවාදියෙක් වෙන්නනේ නැතුව හොඳේ ?(නදී)
ලක්වාසී කිතුනුවන්ට ඉතාමත් සතුටුදායක පුවතක්. එතුමා සම්ප්‍රදායෙන් පිට යමක් කරනවානම් කරන්නේ, යහපත්,ආදර්ශමත් දේවල් පමණයි.(නදී)
පාප් තුමා සම්ප්‍රධායෙන් පිට මෙතෙක් කළ සියළු දේට මමත් එකගයි.(නදී)
හරිම සතුටුයි. අපිට බලන්න වෙන්නේ නැහැ. ඒත් කමක් නැහැ. එදිරිසිංහ කියපු එක හරි. දැන් මුළු ලෝකෙම අවධානය අපේ ලංකාව දෙසට යොමු වේවි. මේ ඇත්තම වීරද ? මං හිතාගෙන හිටියේ. (නදී)
එතුමා ඉතාම හොඳ නිහතමානි පාප්තුමෙක්.(නදී)
විරේට අමු කැවිලද කොහෙද යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ (දී)
මේ වගේම පුළුවන් නේ දලයි ලාමා තුමාටත් ඇවිත් යන්න කියලා ආරාධනාවක් කරන්න. (නදී)
සර්ව ආගමික නායකින්ම තම තමන් තුලින් දකින්න . එයයි අවශ්‍ය . (ස)
චන්දි, අපි පෝලිමේ ගිහින් චෙක් පොයින්ට් වලින් චෙක් කරලා තමයි එතුමා යන පාරට ගියේ....චන්දි පනින රිලවුන්ට ඉනිමන් බඳින්න යන්න එපා.දැන් එතින් අපේ දේශප්‍රේමියෝ ටික පින් පෙට්ටි තියන් බලන් ඇති අරකත් ඩැගැ ගන්න.හරියට ධාතු ප්‍රදර්ශනය කරලා අපේ සැදැහැවත් අම්මලා තාත්තලා පින් පෙට්ටියට දාපු සල්ලි ටික ඩැගැ ගත්තා වගේ.කිසිම පන්සලකට ඒ ආධාර ලැබුනේ නැහැ.මම කියන්නේ ඇත්ත . (ස)
කිතුනුවුන්ට පමණක් නොවේ බොද්ධ අයටත් සතුටුදායක පුවතක් මගේ දැනීමේ හැටියට. අප සැවොම පිදිය යුත්තාට පිදීමට දන්නා ජාතියක්. යටි අරමුණු නැති සාර්ථක සංචාරයකට පිං ලැබේවා!(නදී)
ලුම්බිණි, දලයි ලාමා මෙහෙට ඇවිත් යන්න පුළුවන්. එහෙම උනොත් චීනය අපේ රටට කරන දේ බලාගන්න පුළුවන්.(නදී)
මම බෞද්ධයෙක් වෙලත් ජුවාම් පාවුළු පාප්වහන්සේ සැපත් උන වෙලාවේ බොහොම කිට්ටුවෙන්ම ඉඳල දැක ගන්න වාසනාව ලැබුණා. නමුත් මේපාර ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොනවා උනත් සියලු ශ්‍රී ලංකික කතෝලික බැතිමතුන්ට මම හදවතින්ම සුබපතනවා උන්වහන්සේගේ සම්ප්‍රාප්තිය දැක ගන්න ලැබෙන එක ගැන.(නදී)
ආගමික සහජීවනය නංවන්න පුළුවන් තැනක් වෙයි (දී)
ඔබ වහන්සේව සාදරයෙන් පිළිගන්න අපි නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නෙමු. (නි)
මම බෞද්ධයෙක්. ඒ උනත් උන් වහන්සේ ලංකාවට එන එක ගැන මට හරි ආඩම්බරයි. මොකද ලංකාවේ පිනට උන් වහන්සේ එන්නේ.(නදී)