ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ පසුගිය ජනවාරියේ ශ්‍රී ලංකා සංචාරයේදී කතෝලික රදගුරු සභාව වතිකානයට පිරිනැමූ රුපියල් ලක්ෂ 87 නැවත ශ්‍රී ලංකාවට දීමට පාප්තුමන් තීරණය කර ඇතැයි කොළඹ අගරදගරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියයි.
එම ආධාර මුදල් පාප්තුමන් විසින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමන්ට ලබාදීමට පියවර ගෙන ඇත.
එම පරිත්‍යාගයෙන් මෙරට වෙසෙන දුගී ජනතාවට පිහිටවන ලෙසත් ඒ ගැන තමාට වාර්තාවක් ලබාදෙන ලෙසත් පාප්තුමන් කාදිනල්වරයා දැනුම්වත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝයි, ඒ නම් ටිකත් එළිකළොත් නේද හරි. එතකොට ඇත්ත එළිවෙනවනේ. නැත්නම් ඒක චෝදනාවක් පමණයි. සමහරවිට ඔයාට වැරදි තොරතුරු ලැබිලා ඇති. (නි)
ඔබට ඉස්තුතියි...උම්බලකඩ කොත්තමල්ලි නොමිලයේ බෙදා දෙන්න පුළුවන් ජෝන් අය්යාගේ නමින්...(ස)
පාප් වහන්සේට නිරොගී සුවය හා තව තවත් දිලිදු ජනතාවට යහපත කිරීමට ජේසු පිහිට නිරන්තරව ලැබේවා! (නදී)
දුල්මි සමග මාත් එකඟ වෙනවා. හැම දෙයක් ගැනම වපර ඇසින් බලන අපේ අයට මොලයක් පපුවක් තිබ්බට වැඩක් නැහැ.(නදී)
හොඳ දෙයක් දැක්කොත් ඒක හොඳයි කියන්න පුරුදුවෙන්න (නි)
ජනපතිතුමා අරපිරිමැස්මෙන් කටයුතු කරනකොට එතුමාටත් හිතෙන්න ඇති උදවු කරන්න. (නි)
පියුම්, දැන් ආශ්චර්ය වෙලා තියෙන්නේ මාලිගාව ළඟ තියෙන පාර ඇරලා එ්කට අගෞරව වෙන විදිහට වැඩ කරන්න හදන එක. අැමතිතුමෙක් නේ පොලිස්පතිතුමාට අණ දීල තියෙන්නේ. (නදී)
අපේ රටට හොඳ ආදර්ශයක් (නි)
ඔබතුමාට ස්තූතියි! (නි)
වතිකානුවන්ට ලක්ෂ අසු හතත් කජ්ජක්ද ? මේක ඔන්න ඔහේ උඹලම තියාගනිල්ලා (නදී)
බුද්ධාගමේ ලොකු ලොකු පන්සල්වල හාමුදුරුවන්ටත් හොඳ ආදර්ශයක් දීලා.පන්සල් වලට ලැබෙන සල්ලි වලින් දුප්පත් අසරණ රෝගීන්ටත් බෙහෙත් වලට සල්ලි දීලා නැතිබැරි අයට ගෙයක් හදලා දීලා අපිත් හොඳ වැඩ ටිකක් කරමුද අපේ හාමුදුරුවනේ? (නි)
පියුමි, ඔයාගේ අදහස හරිම ළාමකයි.දළදා වහන්සේ ඉදිරිපිට රේස් පැද්දේ මහනායක හිමිවරුන්ගේ උවමනාවට නෙමේ. (නි)
මිනිසුනි, "පෙනෙන සහෝදරයාට ප්‍රේමනොකර නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ කෙසේද " (නි)
මෙන්න උතුම් ආගමික නායකයෝ. හැම වෙලේම බලන්නේ ජනතාවගේ යහපත ගැනයි. (නදී)
මෙය සියල්ලන්ටම හොඳ ආදර්ශයක් (නි)
එතුමා වාර්තාවකුත් ඉල්ලලා .ඒ කියන්නේ එම මුදල අයථාලෙස පරිහරණය කළ නොහැකි බවයි. (නි)
බලන්න, කොච්චර ලොකු ආදර්ශයක්ද? (නි)
කරුණාකර පක්ෂවාදී නොවී නියම දුප්පතුන් සොයා කටයුතු කරන්න (අ)
මම නම් මේ ක්‍රියාව, කිතුනුවකු නොවුනත් අගයකරනවා. (නදී)
ඇසිලින් නෝනා කියන කෙනා කවුරුන් වුනත් මුඩුක්කුවක වැඩ වසන ගමන් මෙතන ලියන බව වාචාල කතා විලාශයෙන් අපිට පේනවා. විරුද්ධ අදහසක් උනත් ලියන්න පුළුවන් ටිකක් චාරයක් ඇති විදියට. (නදී)
ජේසු පිහිටයි! (අ)
උතුම් ආගමික නායකයෝ මෙහෙම තමයි (අ)
අනේ එකනම් ඇත්ත. මේ ලංකාදිපයේම කොච්චර අන්ත අසරණ පවුල් ගැන දැනුවත් කළාද, ඒ වගේ තව කොච්චරනම් පවුල් නොමැරී මැරී, මැරී ජිවත් වෙනවද. අන්න ඒ වගේ පවුල් වලට උදව් කරන්න ඔය මුදල් ප්‍රජෝජනවත් වේවි කියල මම හිතනවා. එතුමා අවවාදයට වැඩ ආදර්ශය උතුම් කියන තැන ඉන්න කෙනෙක් බව මෙවැනි දේ වලින්ම පැහැදිලිවෙනවා. (අ)
උන් වහන්සේට දීර්ගායු ලැබේවා ! (ර)
අපේම සල්ලි අපිටම දීලා (නදී)
අති උතුම් ආගමික නායකුගේ අති උතුම් ක්‍රියාවක්. ඔබ වහන්සේට සැම ශ්‍රි ලාංකික ස්තුතිය. (අ)
මුන් වහන්සේ දුන් ආදර්ශය නමුත් මම දන්නා දහම් පාසල් කීපයක් තියෙනවා. ඒවාට ඇතුල් වීමේ ගාස්තුවක් අය කරනවා. තව ටික කාලයක් ගතවෙන කොට මාසික ගාස්තුවක් දහම් පාසල් සදහා අය කරයි . (අ)
අනේ දෙවියනේ ඉන්න හිටින්න අගු පිලක් නැති අය කොච්චර ඉන්නවද ? එතුමා අපේ නායකයන්ට අපුරු පාඩමක් උගන්වල තියෙනවා. කීර්තිය ලබාගන්න නායකයෝ මොනවද නොකරන්නේ? මේ උතුම් මනුස්සයා යස උපදේශනයක් දීලා තියෙන්නේ. හරිම අගෙයි (නදී)
මුළු ලොවට පරමාදර්ශී ආගමික නායකයෙක්. ජේසු පිහිටෙන් චිරන් ජයතු ! (නදී)
අන්න ආශ්චර්ය. මාලිගාව වටේ රේස් පැදිල්ල නොවේ (අ)
බුදු සරණයි-ජේසු පිහිටයි (අ)